Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

19 August 2013

මගේ හීනයේ ලග ඉන්නට....................

මගේ හීනයේ ලග ඉන්නට
ඔබ තවමත් නෑතිවාදෝ
සිත් මානයේ දෑවටෙන්නට
මගේ උනුහුම මදි වීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කදුලු මේතරම්

නෙතු මුතු කෑට වෑටෙන තරම්
හිත මත දග කෙරුව තරම්
උනුහුම හිත හෑදුව තරම්
රෑවටුනු හෑටි මා මේතරම්
හිත හඩන තරම් ඔබ දන්නවනම්
තව කදුලු දි දි රිදවන්න
මා දෑවෙන තරම් ඔබ දන්නෑ

නොමියෙන මල් මතක පෙති
එක එක බිද දෑමුව හෑටි
නෙතු අග තෙත රෑදුනෙ නිති
මගේ වරදම වෙන්න ඈති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම්
තව කදුලු කතා පවසන්න
මේ කදුලු මගේ දෑන් දුක නෑ.................

ආයෙත් හඩන්න.....................

ආයෙත් හඩන්න කදුලක් උනන්න
ඈයි අපි මෙ හමුවන්නේ...

හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විදලයි හිත හෑදුනේ...
ඔබ හිනෑහෙන්න ඔබේ රජ දහනේ...
මන් තාමත් මගේ තනි හීනේ...
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
එකයි මන් ඔබෙන් වෙන්වුයේ...

ආඩම්බර රුව දෑකලා හිත ආයෙත් උමතු වෙලා
සගවන්නට බෑ කිසි දා පුන්චි පෙම් පත් කතා
අපේම ලොවෙදි අපි මුන ගෑසෙවි සිතමින් පෙම් කරලා
ඔබ දුර ඈදෙවි මන් ඉකිබිදිවි අපි ඈතයි සෑමදා

ආයෙත් හඩන්න...

සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලා වෙලා
ඈති නෑති දුර දුරක තියා සත්තමයි පෙම් කලා
අපෙම ලොවෙදි අපි මුන ගෑසෙවි සිතමින් පෙම් කරලා
ඔබ දුර ඈදෙවි මන් ඉකිබිදිවි අපි ඈතයි සෑමදා

ආයෙත් හඩන්න...

මගේ කියා ඈත් වෙලා .........................

මගේ කියා ඈත් වෙලා වේදනා දුන්න
හිත ළග පෙම් සිහින වල හිදින්නේ ඔබමය
ඇස් දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන් නැතිවාට
කදුළු මතක අපේ සිහින කර අඩන්නෙ තනිව
අඩන්නේ තනිව.........

දුර ‍රැදිලා කදුළු දරන් මට හිදින්න බෑ
මා තනිවම විදිනවා දුක ඔයා දන්නෙ නෑ
නාඳුනනා ලෙස සැමදා මට ඉන්නට බෑ
කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ
යලි හිමිවෙන්නෙ නෑ.........

හිත දවනා මතක තියන් මට හිදින්න බෑ
රෑ තනිවම හැඩුව තරම් ඔයා දන්නෙ නෑ
මේ දෑසට යලි කිසිදා ඔබ හමුවන්නේ නෑ
කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ
යලි හිමිවෙන්නෙ නෑ..........

මගේ කියා.......

එක හුස්මක..............

එක හුස්මක උණුහුම ලබන්න...
මගෙ දෙකොපුල් අයදිනවා...
ඔබෙ නළලත සිප සනසන්නට...
දෙතොළත අද ලතැවෙනවා...
පපුතුරේ සැනහෙන්නට...
ඔබ ඈත හිඳන් මඟ බැලුවට...
මගෙ සුරංගනාවිය අහන්න...
අප දෙදෙනා මිහිකත දෙතැනක...

ඔය හඬ සවනත රැව්දුන්නද...
නුඹ ඈතයි දන්නවා...
නිල් දෙනෙතේ කැලුමන් තිබුනද...
කඳුලැල් එය පරදනවා...
පෙරදාක සොඳුරු මතකය,
සිහි කරමින් නුඹ අද හැඬුවට,
මගෙ සුරංගනාවිය අහන්න...
හුස්මත් නුඹෙ හදවත තුල...
එක මොහොතක සඳ දැකගන්නට...

සඳ කැන් විහිදී මුළු අහසෙම...
තනි තරුවද හිනැහෙනවා...
කෙහෙරැල් සිපගනිමින් මදනළ...
නුඹෙ සුවඳ අරන් එනවා...
නෙතු කඳුළැලි පිසදා සනසන,
දුක් ඝනඳුරු පරදන සඳවත,
මගෙ ජීවිත පද වැල අමුණන...
ආදරයේ සංගීතය...

14 October 2012

පෙරදාක සුසුමක් හිත රැදී.................................


පෙරදාක සුසුමක් හිත රැදී... සෙනෙහසින් පිදුවා මිහිරැති... සංසාර ගමනේ දුරඇදී...
ගැඹුරුයිද ආදරේ මේහැටි...

හුරුපුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතේනවානම්...
හෙවනැල්ලවී දිවියේ තුරුලේ රැදී... කුළුදුල්ම හීනයක් ඒ...
මහමෙර වගේ උසනම්...
තවදන්නෙ නෑ නුබත් මගෙ ආදරේ තරම්..

තනිකඩ හිතේ නැවතිලා...
පෙම් අරඹුමේ වැහිඅරන්...
නොමැකෙන්න සේ සෙනෙහේ සිතුවම් ඇදී...
දුර යනෙන ජීවිතේ දිගු...
හිමිකම නුබේ ලගනම්...
හිත පිරුනු ආදරේ උහුලන්න බැරි තරම්

මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි.......................

මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට................

වසර ගණනක යොදුන් ගණනක

ගමන් මග අප ගෙවා ඇත්තෙමු
තරුවියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව................

මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත්කල
සිතනුමැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව........................

29 August 2012

මා ඉතින් යන්න යනවා................

 ඉතින් කොකොමද ඔයාලට, අද තමයි මම ගොඩ කාලෙකට බ්ලොග් එක ලියන්න එන අන්තිම දවස. ඒ මොකද දන්නවද මේ මාසේ 31 වෙනිදා මම ආපහු මගේ පුරුදු ජීවිතයට යනවා, ඒ කියන්නේ ආපහු මම නැවට යනවා. දන්නේ නැහැ ආපහු කොයි තරම් කාලයකට මට මේ පැත්තේ එන්න පුලුවන් වේයිද කියලානම්, මම හිතනවා ආපහු මම එනකොටත් ඔයාලා මේ විදිහටම මාත් එක්ක ඉදියි කියලා,මේ තරම් කාලයක් ඔයාලට මාත් එක්ක හිටියට ගොඩාක් ස්තූතියි මගේ යාළුවනේ. එහෙනම් ඔයාලට මම සුභ පතනවා ඔයාලගේ හැම දෙයක්ම හරි යන්න කියලා. මම ආපහු එනකම් හොදින් ඉන්න කියලා.


මා ඉතින් යන්න යනවා,
මට යන්න අවසරයි,
මට අරන් යන්න ඇත්තේ,
මේ මතකය විතරයි.................

28 August 2012

හිත පුරාම ................

හිත පුරාම හීන පුරන්...
ඔබේ සුවඳ තුරුළු කරන්...
දෑත දිහා බලා හිඳින්...
සුසුම් වලින් කතා කරන්....//

ලංව ඉන්න පෙරුම් පුරම්දෝ...
ඔබ නොමැතිව කෙසේ හිඳිම්දෝ...
මගෙ හීන වලට ඇවිත් යනවදෝ...
ලඟ ඉන්න දෙන්න සුසුම් වලට හෝ....

හිත පුරාම....

ආ...දරේ ඕනදෝ...
ජී...විතේම වෙනවදෝ...
මගෙ හීන හැබෑ වෙන්න දෙනවදෝ...
සසරේම පුරා මගේ වෙනවදෝ...

හිත පුරාම....

සඳ රේණු වෑහෙනා......................

සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්
හද පිරුනු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්
සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්

සඳ රේණු වෑහෙනා..........................

තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙ දෝ
ඔබ ගැන පැතූ සිතින් වැලපෙන්නෙ දෝ
කඳුළු හසරැල් පවා මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්

සඳ රේණු වෑහෙනා...........................

සිතින් මා ...............

සිතින් මා නොසැලී හිදිද්දී
කදුල නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිදිනු මැනවී

තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුණු මහ වරුසා මතක් වේ
නුඹ රැදී දෑසේ

තවම මා නොදුටු සිනා කැන්
හමුනොවු යාමේ
කදුල මට කරුණාකරන්නැයි
අයදිමී නිබදේ......