Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

31 January 2011

මතකද හැන්දෑවෙ අපි දෙන්නා................................

අහසේ තරු කැන් නිවිලා දුකකින් වාගේ,
අඳුරේ හැඬුවා රහසේ,
තනිකම ඉහිලුම් නොදේ,
ගිලුනද මා අඳුරේ,

ඔබ පෙරදා ආදරෙන්,
මා ලඟින් උන්නු දා,
එහි සඳහන් සැමරුම් රූ තමයි ආදරේ,

මතකද හැන්දෑවෙ අපි දෙන්නා,
මන්දාරම් අදුරේ,
දවසක්දා මල් වැස්සේ තෙමුනා,

තනිකම් දැනුනත් හිතට,
මතකය නැහැ නික්මීලා,
මනරම් හැඟුම් දහස,
සොඳුරිය ඔබය සැමදා,

ඔබ පෙරදා ආදරෙන්,
මා ලඟින් උන්නු දා,
එහි සඳහන් සැමරුම් රූ තමයි ආදරේ,

මතකද හැන්දෑවෙ අපි දෙන්නා,
මන්දාරම් අදුරේ,
දවසක්දා මල් වැස්සේ තෙමුනා,

සුසුමේ  වෙලී උණුසුම් වෙවී
වස්සානේ අප ලන් උනු හැටී,
ඉවරයක් නැතී හීනයක් වගේ,
හීනයක්ද, ගීතයක්ද මේ ජීවිතේ,

ඔබ පෙරදා ආදරෙන්,
මා ලඟින් උන්නු දා,
එහි සඳහන් සැමරුම් රූ තමයි ආදරේ,

මතකද හැන්දෑවෙ අපි දෙන්නා,
මන්දාරම් අදුරේ,
දවසක්දා මල් වැස්සේ තෙමුනා.........................

05 January 2011

Perada Mau Sina

GIRL

world bank.....

mama......

දෙවැනිද මගෙ ආදරේ ඔබට......................

දෙවැනිද මගෙ ආදරේ ඔබට,
නැතුවද දැන් ඔබෙ පෙම මෙමට,
වෙනසක් මට දැනෙනවා
ඔබ මා මගහරිනවා,
එකෙකුට නැති ආදරේ
මොකට,

ඔබ වෙනුවෙන් මා සිටියා මෙතුවක්,
මා වෙනුවෙන් ඔබ ඇතිදෝ සැකයක්,

නොකරමි මම ඔබේ නමට අවමන්,
සුබවේ ඔබෙ දිවි කරනෙමි නික්මන්..................

සමාවෙන්න.............

නුබේ ලගින්
මතක පොතේ
පිටුවක් මම පෙරලුවාට,
නුබට නොදැනි
නුබේ හිතට,

හොරැහින් එබිකම් කලාට,
මතකය
ලැබුනත් කම්නැත
කියමින් හිත රැවටුවාට
සමාවෙන්න.............
පුලුවන්නම්
අසීමිතව පෙම් කලාට.............

පෙරදා මැවු සිනා................


සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා මැවු සිනා,

 
මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේඋණුසුම් හැඟුම් සිරවී
ඔබගේ සෙනේ මවිතින් මිදී.........
ලතවේවි නම් මේ ජිවිතේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ......

03 January 2011

2011

Krishantha

මේ ගී කාටදැයි...................................

මේ ගී කාටදැයි,
මේ ගී කාටදැයි,
ඔබ දන්නවා ඇති
හිත මගේ පිදු හැටී
සිහිවේ නොනැවතී.


සිතුපැතු අන්දම රෑ දිවා
අමුතුම ලොවක් මවා
මට මා අමතක වූවා
සිහිය පැන දිවා
බලාපොරොත්තුවෙ කඩතිර ඉරා
පාළුව විඳදරා
ඉවසමි දිවිතුරා.

එකම හිනාවට ගී දහසක්
බිහිවෙයි මාගෙ මුවින්
ඇතිවුනි නම් අවබෝධෙ
අද මේ විලස නොවේ
කොතැනක හිටියද මෙම ලෝ තලයේ
රකිමි හැම කලේ
සිහිවේ හැමවෙලේ........................

රාත්‍රිය උදාවුනා................

රාත්‍රිය උදාවුනා
නින්ද ඇයි නොඑන්නේ.

ඔබ හමුවු දා පටන්
මා හදවත අවදියෙන් 

 රැය පහන් වෙලා යයි
නොවි නිදි දැහැන්.

ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්
සිත තැවුල් මවාලයි
පුරා රැය නිතින්....................

සඳපාට තිබුනත් රැයේ.............

සඳපාට තිබුනත් රැයේ
මන්දාකිනියක මසිත පාවුනේ
ඔබෙ ඡායා සුරැකී තියේ
වේදනා නටඹුන් ලෙසින් හදේ.

යෞවන සිහින ලෝකයේ
මා සිතුවිලි පැටලී ආ හැඟුමන් වියැකී
සුන්දර තුරුණු විජිතයේ
මා පැතුමන් බොඳවී
ඔබ නෙතුකැන් නොපෙනී.

ඔබෙ ගීතේ රැව්දේ හදේ
තනුව වී මා නිසල ජීවිතේ
කවදා හෝ ගයනා සිතින්
ආදරේ මා නොගැයූ කිසිදිනේ......

තනිකඩ මම.........

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා.

කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා.

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයැයි කියා..................

ඔයත් එක්කම.................

ඔයාට දවසක අඬන්න වුනොත්
මට කථා කරන්න,
මම ඔයාව හිනස්සනවා කියලා
පොරොන්දු වෙන්නේ නෑ,
ඒත් මට පුලුවන් ඔයත් එක්කම අඬන්න.

ඔයාට දවසක හැම දෙයකින්ම ඈතට
යන්න ඕනි උනොත් මට කථා කරන්න,
මම ඔයව නවත්වා ගන්නවා කියලා
පොරොන්දු වෙන්නේ නෑ,
ඒත් මට පුලුවන් ඔයත් එක්කම එන්න.

ඔයාට දවසක කිසිම කෙනෙකුට ඇහුම්කන් නොදී
ඉන්න ඕනි උනොත් මට
කථා කරන්න,
මම පොරොන්දු වෙනව නිශ්ශබ්දව
ඔයාගේ ලඟටම වෙලා ඉන්නවා කියලා.

ඒත් දවසක

ඔයා මට කථා කලත්
මගෙන් කිසිම පිළිතුරක් නැති උනොත්,
පුලුවන් තරම් ඉක්මනට මාව සොයන් එන්න
සමහරවිට මට ඔයව ගොඩක් ඔනි වෙලා තියේවි.....