Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

22 March 2011

පෙර එක දවසක...............

පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා .........
ආල හැඟුම් දෙන කොමළ සිනාවෙන්
මගේ පැතුම් ලොව සසල කලා සේ
නීල නුවන් ඇති දෑල වලින් ඔබ
තවත් ලොවක්‌ ඔබ එළිය කලා සේ .........

එකම වරක්‌ හෝ නෙතු සනසන්නට
ආශාවෙන් මා ඔබ දෙස බලලා
එකම වරක්‌ ලොව එක හෝරාවක
දහස්‌ වරක්‌ මා මනසින් හැඬුවා ....................

අඳුරු යාමේ................

මාගේ සිත රැඳුනානම් කවුරුන් හෝ
ඒ ඔබමයි මා සිත සැනසූ..
දෑසේ රුව රැඳුනා නම් කාගේ හෝ
ඒ ඔබමයි මා ලඟ රැඳුනූ..
ඔබ ඒවිද මා සිත සිතුවා..
යලි ඒවිද මා නෙතු ඇසුවා..
කවුරුන් කෙලෙසින් කීවත් මා ඔබ සෙව්වා..

අඳුරු යාමේ.. සිහින අතරේ..
ඔබව මා සෙව්වා..
නෙතට ආ ඒ රුවම සොයමින්
මන් තනිව උන්නා..

ඔබ ඇසූ දේ කියමි අද මා..
සිතෙහි රැඳි ආදරේ..
ඔබ ම ඒ නම් යලිත් මා වෙතට..
පවසමී සෙනෙහේ.....................

අප ආ මඟ ඇති මනරම්...............

ඔබ තරමට මා හැඬවූ..
ඔබ තරමට මා නැලවූ..
වෙන කෙනෙකු නොමැත දියතේ

රස හැඟුම් පෙලට පණදී
ජීවන නාලිය පරිදී
පෙර වෙලී සිටියෙ සුරතේ....

කරුවල කුටියක තනිවී
කල්පනා ලොවක මැදිවී
කිම දෙනෙත් පියා ඉන්නේ.....

ඔබ වරකි හද පෙලන්නේ
මා දහස් වර තැවෙන්නේ
සියොලඟම සලිත වන්නේ.....

අප මතක යට ගියාවේ
සුව සමය තවම සිහිවේ
අමතක කරන්න හැකිදෝ....

අප ආ මඟ ඇති මනරම්
සිහිවටන මැකිය හැකි නම්
එය මට කියන්න බැරිදෝ....................

පාවේ වලා...........

පාවේ වලා
ඈත කඳු බලා
පෑ ආදරේ හමා
මා හද මවා
මා හද මවා.......

කඳුලැල්ලෙන් හසරැල්ලෙන්
සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ
මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ
පහන් පෙම දිලේ........

හාදව පෙම් බැන්ද රුවින්
පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ
දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා
තුටින් පිරි ලොවේ
සහන් එළි නැගේ
පහන් පෙම දිලේ........

වේදනා පිසදා..............

සිනහ වෙනු මැන වේදනා පිසදා
වේදනා පිසදා

වෙරළ රළ හා තරහ වී නැත
මියුරු සර වෙණ හා බිදී නැත
අහස සදු හා උරණ වී නැත
අතීතය මගෙ හදවතේ නැත

කදුළ දොම්නස නසන්නට නම්
බමර ගුම් නද අසන්නට නම්
මියුරු ගී කවි ගයන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්

සිනහ වෙනු මැන වේදනා පිසදා
වේදනා පිසදා...............

මගේ කදුළු වැල්.................

මගේ කදුළු වැල් ඔබට සිනා රැල්
මගේ සුසුම් වැල් ඔබට පවන් රැල් ..........

ප්‍රේමය මල් සුවදක් සේ හමා ආ දිනේ
කෙලෙස සිතන්නද එය මං,,
මෙවන් චණ්ඩ මාරුතයක් සේ
හැගුම් පියාපත් සිදියි කියා .........

ප්‍රේමය සද එළියක් සේ ගලා ආ දිනේ
කෙලෙස සිතන්නද එය මං,,
මෙවන් රුදුරු ගිනි දැල්ලක් සේ
සිතුම් වලාවන් දවයි කියා ..........

ඔබ නෑතිව ඉන්න බෑරි තරමට..........

ඔබ නෑතිව ඉන්න බෑරි තරමට
ඔබ හිතට ඈවිත් හෙමි හෙමිහිට
ඔබ නොදෑක ඉන්න බරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම
මේ සීතල හිම ගිරි අරනේ
මට හමුවූ වනපස කුසුමේ
පෙති මත සතපා සනසවන්න මා
කුසුම් නිම්නයේ මාලතියේ

මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳ වී පිපුනේ
ඔබේ රෑසින් මා තවලන්නා රෑ
ලය මත සනහා රාජිනියේ.................

නෙතින් නෙත බලාලා................

නෙතින් නෙත බලාලා....හිතේ දුක නිවා....
අදින් පසු මියේවි...අපේ ඒ කතා...
දකින්නට සෙනෙහේ....හඩන්නට එපා...
නිමාවක් නොවේ මේ... ඇරබුමක් නිසා...
ඈත් බව දෑනීලා... ඔබේ හා මගේ...
දුරක් ආ නිසා දැන්... දුකක් ඒ වගේ...
මහා සාගරේ සේ... තිබුනත් හිතේ...
කුමට හිමි වුනාදෝ... නොහිමි ආදරේ...

පතන්නට පවා මා... වරම් අහිමි වු...
හැගිමත් රිදුම් දේ... හිතට වුරුම වු...
දිනන්නට කිසිත් නෑ... ලොවේ මින් මතු...
මගේන් ඔබ ඈත් වී... ගියා ඉන් පසු.................

මග බලා හිඳිමි..................

මග බලා හිඳිමි මා එනතුරා යළි සිහිනයෙන්වත්,
හිත හදා ගනිමි මා නෙතු පිරෙන තුරු කඳුලකින්,
දුක සේ ගෙවමි මේ කෙටි කලත්,
රහසේ මියෙමි මා ඔබ පැතුම එය නම්...
කිළිටි අඳුරේ එරී සිරවී සියළු දේ නැතිවී,
සිලිටි සිරුරේ සුවඳ වියැකී දෙළොවකට මැදිවී,
හැඬුමන් අතරේ සුසුමන් අසුරමින් ගිය ඒ ඔබ දෝ මේ,
අද මෙසේ ගිලිහී වෙන්වී ගියේ දුරස් වී ගියේ විගසින්..............

හරිම අපූරුයි................

හරිම අපූරුයි...
නුඹ

හිටි හැටියේම
මගේ ගතත් මනසත් අවනත
කරගත් හැටි...

මෙතුවක් කල් මගේ සන්සුන් මනස
නොසන්සුන් කල හැටි....

කිසිදා ඉවත නොකල හැකි සේ
නුඹ මගේ මනසේ රික්තයක්
නිමවූ හැටි.....

මගේ තනිකම ට තවත්
තනිකමක් එක් කල හැටි...

වෙනස් ම වූ ලිපි ලියන
වෙනස් ම වූ චින්තනයක් ඇති
මිනිසෙක් නිමවූ හැටි...

මගේ සුපිරිසිදු අවධානය වෙනස් කල,
ප්‍රේමය නූඹ අපූරුය....................

19 March 2011

ඔබ මගේ කියා..............

ඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නා
එය කියන තුරා මට ඇසෙන තුරා මග බලමින් මම උන්නා
කල්පනා කල්පනා කල්පනා
ආදරේ කල්පනා සුන්දරයි හිත ඇති තුරා.....
සුදු වළා ඉරා සද පාන එබීගෙන උන්නා
සද ගෙවෙන තුරා ඔබ දකින තුරා
කාටත් නොකියාම උන්නා
දිවි පුරා දිවි පුරා
මම සදා මම සදා
මතකයේ ඇති තුරා ආදරේයි හදවත පුරා..................

යන්න ගියා මැකිලා............

යන්න ගියා මැකිලා
යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලී අතරේ
ගී ගයමින් හිද මා තුරුලේ
යන්න ගියා මැකිලා
යන්න ගියා මැකිලා
පිනි කදුලක් මල් පෙතු මත අතුර
මිහිදුම් සලුවින් මුහුණ වසා.........

නිල්ල නිලන නිල් කදුවැටි අතරේ
සද එළියේ මන් පෙත පාදා
රහසක් සගවා ගොලුවූ හදකින්
යන්න ගියා මැකිලා............

යළි කවදාවත් හමු නොවනා බව
මද පවනත් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
යළි නෝතෙයි ගිම්හානය වෙත........

මතකයන් අමතක කෙරුවත්...........

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යලි ඒවි යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
සිත පුරා ආදරේ කරන්නට මට දැන් කව් රුත් නෑ...
අඬ අඬා මම කල් ගෙව්වත් ඔබ ලැබෙන්නේ නෑ
නොලැබෙනා බව මම කිව්වත් සිත පිලිගන්නේ නෑ
මම නොමැති ලොව කවදාවත් ඔබ තනි වෙන්නේ නෑ
ඔබ නොමති ලොව කවදවත් මට සිතේ සතුටක්‌ නෑ..

සිහිවෙනා හැම මොහොතකදී නොසිතා ඉන්නත් බෑ
හුදෙකලාවේ ඉන්නට සිතුවත් එහෙම ඉන්නත් බෑ
සිත සිතා ඔබ ගැන හැමදාමත් මට අඬන්නත් බැ
ඔබ නොමැති පාලුව මට දනුනත් වෙනස්‌ වෙන්නත් බෑ................

කාලයේ වැලිතලාව.................

කාලයේ වැලිතලාව පහුරු ගා
නියග ගෙවී ලේ ගලනා වෙලාවේ
මිහිදන් වූ ඔබේ සෙනෙහස සොයන්නෙමි
ඒ සෙනෙහස යළි ඉල්ලා හඩන්නෙමි
වියැලුණු හෝපලු වනයේ
සුළගේ යන පරඩැල් මැද
අතීතයක ගුණ සුවදක් විදින්නෙමි
එ සුවදම හමුවෙනතුරු සිටින්නෙමි

කාලයේ වැලිතලාව ....

ගිනි දැල්වෙන මරු කතරේ
පුපුරු ගසන වැලි කැට මත
ලතෙත් බවක සිසිලස සිහිකරන්නෙමි
ඒ සිහිලම පතමින් මග බලන්නෙමි

කාලයේ වැලිතලාව ................

දිගූ දෑස දුටුවාම....................

දිගූ දෑස දුටුවාම
හැගෙනවා පෙරසේම
උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතකද
බිද දමා මගේ සිහිනේ
ඇයිද ඔබ හැන්ගෙන්නේ
මට දෙන්න මගේ සිහිනේ
ළග ඉන්න පෙර සේම........

රෑ දිවා හිත පුරා
ඇවිලීලා මේ ගින්න
තරු පවා හඩනවා
ඔබට නෑ තෙරෙන්නේ
හිතට හිත හිමි නැද්ද
අහනවාඅ හිත මාගේ
මට දෙන්න මගේ සිහිනේ
ළග ඉන්න පෙර සේම.......

ලොවම එපා වී................

ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී සිටිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ
අසා අසෝබන නින්දා ගැරහුම්
වැළහින්නක සේ වැළපෙන මොහෙතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත වූ හද සිහිලැලි වේ

ලොවම එපා වී ලොවම කලකිරී ...........

ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුලුගැන්වුනු සිත සුවපත් වේ....................

16 March 2011

පමා වී පිපුනු මල්......................

පමා වී පිපුනු මල් සුවඳයි..
පිපුනි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙංගතුමයි
හිතට හිතැතිව ගලා යන සුළගේ..
හිතා ගන්නට බෑ..
කුමන මලට ද,කුමන සුවඳට ඳෝ..
හද පියන්පත් හැර තබන්නේ..

සිහින නගරේ සිගිති සඳ එළියේ..
දෝරගලනා..මතකයේ.....
සිනිදු පිනි අග පිපී නැලවෙන මලකි මා...ඔබගේ

පතන් බිම් තෙත තුරු වියන් තුරුලේ..
දිය කදුළු ඉවුරේ..පිනි කදුළු මත උදා අරුනට..
හුදකලාවට සිනාමුසුකර මලකි මා...ඔබගේ

පමාවී පිපුනු මල් සුවඳයි...
පිපුනි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙංගතුමයි
ඒ මමයි...ඔබට මතකයි නම්..
ඒ මමයි...ඔබට සිතුනා නම්..
කුමන මලට ද, කුමන සුවඳට ඳෝ..........................

නුඹ කඳුල යැයි කියන්නේ කොහොම මම...............

නුඹ කඳුල යැයි කියන්නේ කොහොම මම
නුඹ තරම් මගේ හිත කඳුල නොරිදනා කල......

නුඹ අහස යැයි කියන්නේ කොහොම මම
නුඹ තරම් දුරක නැති අහස මට පෙනෙන විට........

නුඹ සුළඟ යැයි කියන්නේ කොහොම මම
ගත පුර සිසිල දී සුළඟ සුව ගෙනෙන විට......

නුඹ මගේ සතුට යැයි කියන්නේ කොහොම මම
හැමදාම කඳුල මිස සිනහවක් නොදෙන කල.......................

අංගාර වැසි......................

සැගවී ගියා සිතු මාඉමේ සිත්තම්
බොදවී ගියා අප දුටු හීනයන් රන්වන්
මා තනි උනා ඔබ නැති ලෝකයේ හැගුමන්
දුක දී ගියා මට දැන් අහිමි වී මා වත්..
අංගාර වැසි වැටී රාත්‍රියේ
මම තාම දැවි දැවී මියදෙන්නේ
සමදා හද සොයන්නේ අපි දෙන්නා...

සංසාර නෙක සිදදා
හැමදාට වෙන් වූවා
අවදි වෙන්නෑ ස්‌නේහයෙන් හැරදමා.................

උන්මාද සිතුවම්................

උන්මාද සිතුවම් මැවේ බිදේ
මීදුම් වලා මැද අතීතයේ
බිදුනු පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ
අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාලු හුදකලා සුළග පමනි උරුමේ
හඩා වැටෙන සිත සදා සරණ මට
තනිවේවි එක්ටැම් ගේ

උන්මාද සිතුවම් .......

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැගව ගියේ
දැනේ තවම මට මලේ සුවද පොද
තනිවේවි එක්ටැම් ගේ.....................

ආදර මල් වල................

ආදර මල් වල පාට කියන්නද.....
ඒ වගෙ ලස්‌සන තව නෑ........
මී දුම් පිනි පොද දෑස වසන් කර....
සමනල් සිහිනය පුපුණා............

දේදුනු රේකා ..දෑසම තවරා...
තවමත් මල් සිප බලා සිටිනවා...
මීදුන් තවරා සුලගට..
ඈතක සගවා තුන් සිත ...
දෑස හොරෙන් ඈත සොයනවා...
අදුර මැදින් එන්න සදලියේ......

11 March 2011

දුර කඳු මුදුනට............

සුදු ඇඳ ගෙන සඳ ඇවිදින්
දුර කඳු මුදුනට
රිද වුණු සිත ගෙන යයි
කඳුළැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට
අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට

බාදක බිඳ නුඹ ජය ගන්නට
බැරිවුනි මට
ඇයි දැයි දොස් පවරන සඳ සිත
නුඹෙ වරදද මගෙ වරදද
එය මා දන්නේ නැත

නුඹ මා ලොව කළු කර පැන ගිය
පලියට
කෙලෙසක දොස් පවරම් නුඹ හට
කිසිකෙනෙකු නොදුන් ආදරයක්
නුඹ මට දුන් කොට................

පෙර දිනයක...............

පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැල විලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා
නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිoසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සදුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහා ගන්නට බැරි ලෙස රූසිරු
කෙමෙන් මැකී යනවා
එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පුබුදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා.....................

නතර වුන දා පටන්....................

නතර වුන දා පටන්,
ඔබේ ලඟ මගේ සිත......
කදුලුද ලැබුනේ මා හට..
නෙත් දෙකින් ගලා යන හුරු පුරුදු තනි කමත්,
සමග දුක දරාගෙන,
හැම දාම හඩන්නම්........
සෙනෙහෙ සිත සගවා ගෙන,
ආදරේ නොකෙරුවාට ඔබ මා හට.....
ඔය තරම් රිදවන්නේ... ඇයි මගේ සිත් මඩළ......
නෙත් කෙවෙනි බොඳ කරන්.,
වැටෙන මේ කදුළු කැට....
කියනේ ආදරෙයි...... හැමදාමත්......
සිතෙහි දුක රදවාගෙන..................

ලඳුනේ................

ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නැකම නොකියන
වීදි සරන ලඳුනේ...ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
‍ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ

පිරිමින්ගේ පාප කදට
දෝස විදින ලඳුනේ
අදුරේ පව් කරන දනා
එළිය ලබන ලඳුනේ
ලැම පමනක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ලඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ...............................

මගේ මළගම දාට................

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ඟග...
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න...

සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනෙක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව…
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගළා යයි අතීතේ මිය ඇදුන සොහොන ලඟ...

ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදා කල් රැදෙනු ඇත...
සංසාරයේ යළිදු නවාතැන් සොයා යන
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න….................

හිත පුරා සෑරිසරා........

හිත පුරා සෑරිසරා
මගේ හිතම පාරවා
කදුලක්ව නෙතු පුරා
...ඔබ උන්නා සෑරසිලා
...පෙම් වදන් දොඩවලා
මගේ හිත රවටලා
මා ලොවෙන් ඔබගියා
මට අයිති දුක කියා.......

පායා ඇයි හි‍නැහෙන්නේ.............

පායා ඇයි හි‍නැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි
ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති...
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සද ඇයි හිනැහෙන්නේ...
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ...

වනයේ පිපි මල් ගොමුවේ..
සමනලයිනි ඇයි හැඩුවේ..
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ..
නිල් වන් දෙනෙතේ කාන්ති..

ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී...
ඇගෙ කදුලැලි ඇති විටදී
ඕනැ නැ දියමන්තී.......................

ජීවිතය දැනෙයි ගී පද ලියවෙයි...................

ජීවිතය දැනෙයි ගී පද ලියවෙයි
සඳ රැල්ල පවා අමුතුයි
ඔබෙ සුවඳ සුසුම් හිත උමතු කරන්
පවනැල්ල පුරා මුසුවෙයි
ඔබ ලග මන් අතරමන් වෙලා
ඒ ආදරයද හොහැගෙයි,

සීතල ඇවිදින් හන් කිති කැව්වා කාටද ඉගි බිගි කරලා
නාදුනන හැගුම් ඇත හිත රැදිලා ජීවිතේ සතුට තවරා
රෑ හදට වෙලා මදහස සලලා ආ විලස එයින් බැහැලා
මා ලගට වෙලා ඔබ තරු අමුනා මා ගෙලේ බදියි නොඅසා,

ආදර තෙපුලෙන් හිත වසග කලා ජීවිතයම එහි සගවා
ඒ සොදුරු තෙපුල් තුල සැරිසරුවා මන් ඉමක්‌ කොනක්‌ නොසොයා
මා මුවග පුරා සිනහව තවරා සන්තෝසය හිත පුරවා
රෑ සිහින පුරා ඔබ සැරිසරුවා ජීවිතේ මිහිර අගවා..............................

08 March 2011

සිතින් මා...........

සිතින් මා නොසැලී හිඳිද්දී
කඳුළ නුඹ ඇවිදින්
නිමා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනු මැනවි...

තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක් වේ
නුබ රැදී දෑසේ...

තවම මා නොදුටූ සිනාකැන්
හමු නොවූ යාමේ
කඳුළ මට කරුණා කරන්නැයි
අයදිමී නිබදේ.................

බලා හිඳිමි දුර ඈතක.............

බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ
මා රඳවා පියවර මැන්නේ
හෙලා සුසුම් රැළි දුක සඟවන්නෙමි
මා කතරක තනි වූ වැන්නේ .........

වියෝ දුකිනි හද ගිනි ඇවිලෙන්නේ
ගෙවූ යුගේ සිහිනයක්‌ වෙලා
කොහේ සිටන් හෝ ඔබ යළි එනතුරු
මම මෙහි හිඳිමි බලා .........

නෙතින් කඳුළු ගංගා උතුරන්නේ
නැත හදවත ගිනි තවම නිවී
ඔබේ සුවඳ යළි මට හිමිවනතුරු
මම මෙහි හිඳිමි බලා .........

ඉවුරු තනාලිය හැකිද යළී..............

ආයේ.... ආදරෙන්....
ඔබ ඇවිදින් ආයේ....
යට ගියදා දුටු සුභ සිහිනෙ
අවදි කරන්නද ඔබ ආවේ...
ආයේ ආදරෙන් ඔබ ඇවිදින් ආයේ.....

අහිමි විමානේ ඇයට හිමී
ඇතුළු නොවී දොර අසල ඉමී
ඔබට පිදු මහදේ....
දොරඟුළු ආයෙ අරිනු බැරී....

පරමල් යායෙ සුවඳ නැතී
වසන්තයක් පැතුවෙද යළී
ඉවුරු බිඳුනු ගඟුලේ....
ඉවුරු තනාලිය හැකිද යළී.....

මොහොතකට පෙර ...............

මොහොතකට පෙර ..
හමුවන්නට නොහෙකි වුවත් ආදරෙයි මා මියෙන තුරා…
ජිවිතයේ කෙදිනක හෝ ආසයි දැක ගන්න ඔබේ රුව තවත් වරක්
මේ දෑස පිය වෙන්නට මොහොතකට පෙර………
ඔබව සිහිවී කදුළු හැලුවෙමි
සද පළුව මත ඔබව සෙව්වෙමි
ලංව ඉන්නට වරම් නොලදත්
දිවි තියෙන තුරු වෛර නොකරමි.............

හිතුවක්කාරකමට......................

හිතුවක්කාරකමට
හිතවත් වාගෙ පෙනුනට
මෙතුවක් බැන්ද සෙනෙහස
කදුලක් දුන්නෙ ඇයි මට
හිතුවක්කාරකමට,

සද මෙන් ලස්සනයි ලොව
දෙනුවන් මත්කරයි නුඹ
අවිහිංසකයි මා බැන්ද පෙම
ඇයි මට වෛර කළේ නුඹ
ඇයි මට වෛර කළේ නුඹ,

තරැවක් කඩා වැටේ රැයේ
උණුසුම සොයා ඇදේ ලොවේ
පිනිබිදුවක්ද මේ පෙම
ඇවිත් ගියා නොපෙනී රැයේ.................

ආදරෙන්................

වෙරළ සිප එන
සොදුරු රළ පෙළ
මා ළගට විත්
පා දොවන කල.....
...නෙත්විදා ඔබ
බලාවුන්නා
සොදුරු දසුනක්
පෙර නොදුටු කල....
මහද සන්තක
සියළු දේ ඔබ
මටත් රහසෙම
රැගෙන ගිය කල.....
මතක් වුවා
ඔබ මගෙ සිත
ආදරෙන්
පුරවාපු තුන් කල ....

ඔය සුසුම් පවන් වැදී.....................

ඔය සුසුම් පවන් වැදී,
නෙතුපියන් සැලේ රිදී.
ඔබ ගොළුයි හිතත් නිදියි.
ඔබව තාම මටද හිමී.

මිරිගුවක් සොයා ගිහින් හිත ගිලන් වුනා තමයි.
හිමි නැතත් ඔයා ඉතින්.
මම තවත් ඔබේ ළගයි.

ඔයහ හිතින් පිදූ පෙමින් ඇත දහස් ගනන් පැතුම්.
ඔබ ගියත් මගේ ළගින්.
මගෙ හිතත් යන්න අරන්.....!

06 March 2011

නොක්කඩු සුදු මූනට..........................

නොක්කඩු සුදු මූනට
සිනා රෑලක් ඈවිත් මෙන්න
තුරුලු වෙලා මගේ පපුවට
කදුලු පිසියි මගේ මෑනික...

හිත් අහසට පෑයූදා
පෙර ඔබ නෑතී නපුරු හීන
කුඩු පට්ටම් කර දෑමුවා
කවුරුත් නොදකින විලසට...

නුබගේ සුදු මුහුනු ඩිංග
නෑති වුනොතින් මගේ මෑනික
කවදා හරි බලන්න වෙයී
පිස්සු හෑදුනු මගේ මූන....

හෑරයන්නට සිතුනෝතින්
මා හෑරදා යම් දිනයක
මව මරා දමලා ඔබ
නික්ම යන්න මගේ රන්කද.............................

05 March 2011

පෙම්වන්තයින් සේ සිනා සී......................

පෙම්වන්තයින් සේ සිනා සී
හමුවීල වෙන්වී හඩා.....
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝගී ගයන්නෑ ඉතින්.......
...මිහිරාවියේ කෝ ඔබේ
වදනින් මෑවු ආදරේ...
බොද මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා....

රෑ සිහිනයක් සේ සිතා
සෑනෑහී හිදින්නම් දරා....
මේ අදරේනම් ඔබේ
එය ශපයක් යෑයි සිතේ....................

ඒ කාලෙ..................

ඒ කාලෙ මා හා ලංවීලා ගෑවීලා
මා කෝල වීලා මා දෑස මත් වීලා
ඈ දෑස පාලා මා ගාව උන්නයි දෑතින් අල්ලා
රෑ යාමේ මා ඈ හින්දා හීන රස වින්දා
මගෙ ලෝකෙ ඈ උන්නා
මට පේමෙ බෝ දුන්නා
හැමදාම ලංවෙන්නා
මට ඈව සිහිවෙන්නා

හැමදාක ලංවී මා හා
මට පේන හීනේ පාසා
මගෙ ගාව ගැවී සි‍ටියා
දුර ඈත පාවී ආශා
මට හැගුම් පාලා
හද සුලෙම් දීලා
ඔබ මට මතක් වීලා
හිත හඩන්නා..................

නිවී සැනහෙයි මගේ ජීවය.....................

තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නගා යමු ඈත ලොවකට
නිවා ලතැවුල් ජීවිතේ.
හිරු සඳූට හා ලොවට රහසින්
සදා ගමු අපි පුංචි ලෝකය
දුකට කඳූළට පවුරු බඳීමින්
පෙමින් සරසමු එවන් ලෝකය.

ඔබේ දෙනයන කැළුම් ඇත මට
එළිය වන්නට මගේ ලෝකය
ඔබේ සිහිලැල් සුවැති සෙවණින්
නිවී සැනහෙයි මගේ ජීවය.....................

ඔබයි සඳ මගේ හදවතේ ..................

වෙන කාගේවත් වෙන්නේ කොහොමද
ඔබ මගේ දිවි මාවතේ
වෙන කාටවත් දෙන්නේ කොහොමද
ඔබ මගෙම මුළු ජීවිතේ ,
රැයක් ලස්සන වෙන්නේ කොහොමද
රුව නුදුටු දා සඳවතේ
ඔබ නොදැක ඉන්නේ කොහොමද
ඔබයි සඳ මගේ හදවතේ ,

ලොවක් සුන්දර වෙන්නේ කොහොමද
හිරු නොනැඟි දා ගගනතේ
ඔබ නැතිව ඉන්නේ කොහොමද
ඔබයි හිරු මගේ ජීවිතේ................................

කඳුලු දෙන්න මට හඬන්න........................

කඳුලු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්‌වල ගල සසල වන්න.
හිත උපන්න ආල වන්ත
ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න.

ලිහිණියනේ පියඹන්න
ඇය ඇති තැන සොය ගන්න
මා මිය යන බව පවසා
ඇය එවන්න ම බලන්න.......................

ඇරඹුමම කඳුලක් වෙලා........................

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ තුරක් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා,
දුක් බරව කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා,

ශෝකාන්තය එනතුරා
එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා
අනන්තය ලග මා දමා
අවසානයට පෙර ඈ ගියා,

ඇරඹුම ම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ තුරක් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා..................

මීන දෑස ආශා...................

මීන දෑස ආශා, සේද හීන පාසා...
පාවි පාවි එන ආදරේක සුව මා හදින් වෑහෙනා...
මුළු රෑම යාළු වීලා, තනි යහනෙ කෝල වීලා...
හිත ගෑවි ගෑවි සුව ජීවිතේම ළඟ ආ බවක් තේරුනා...
ගෑවේවි මා හා සිනහා සලාලා හා මගෙ දෑසෙ නුඹ ගාවලා නොයා...
කොඳුරාවි ආශා වීලා මුදු හාදු සේ යාවීලා...
මගෙ කෝඩු හීනේ පායලා...

මේ වාගේ ආවා සදා රැඳීලා දඟකාර ලෙස මා සොයා එදා...

මදහාසේ රෑ මා ගාවා සඳ රේණු පායා ආවා...
බොරු හේතු කීවා ගෑවිලා...