Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

30 April 2011

මේ ඉර හද යට හමු වී...................

මේ ඉර හද යට හමු වී...
ආදරයෙන්...
කතා කරපු අය .. සෙනෙහෙ වඩපු අය..
ලග පාතකවත් නෑ...
අද නුබ කොතනද..අද මා කොතනද..
දන්නෙ නෑ නුබ මටත් හොරා..
ජීවන මහමග සටන් වෑදී ඈත..
නා දුනනා පෙම් වතුන් වෙලා.

දෑන හදුනා ගත් කාලයේ ඉදලා..
ලබෑදි දයාවෙන් සිටිය නිසා..
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට..
හෙටටත් කදුලක් ඉතිරි වෙලා.............

මලක් වුනේ................

මලක් වුනේ ඇයි නුඹ මට
ජිවිතයට සුවඳ සලන
එනමුදු සිපගන්නට තහනම්
විලක් වුනේ ඇයි නුඹ මට
ජිවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්

පහන් තාරකාවක් සේ
ජිවිතයට මඟ කීව ද
ඒ එළියෙන් ම හද පවන්
දල්වනු කෙලෙසින්
කියන්න

මලක් වුනේ....

සහන් ගීතිකාවක් සේ
ජිවිතයට ගිම් නිවුව ද
ඒ ගීයේ සොඳුරැ වදන්
මුමුණනු කෙලෙසින්
කියන්න

මලක් වුනේ.............

පායා එන...............

පායා එන සඳ වත මනරම්
තනිකමත් බෝම සිතයි
වාවාගෙන මහමෙරක තරම්
උණුහුමකින් තුරැළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙලෙනා
උණුහුමකින් තුරැළු වෙමිසසර පුරා ලඟ හිඳමි

නොදඬනා දිනක් නොතිබුනාද මන්දා
ඔබ පෙම් හසුනක ලියනා
පෙම් කවි කීවෙමි මුමුණා
මඟ බලා හිඳි නම්

පායා එන....

නොසැලෙනා හිතින් නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා
හැර යන්නට සිත නොදෙනා
අපි අපේම වේ නම්
පාපා එන සඳ සිසිල අරන්
මා හා හිද ගං ඉවුර ළඟින්
උණුහුමකින් තුරැළු වෙමි
දිවිය පුරා ළඟ හිද මා හා සංසාරේ වෙලෙනා
නෙතු කැළුම් තාම මතකයි
උණුහුමකින් තුරැළු වෙමි දිවිය පුරා ලඟ හිඳමි...................

කවුළු පියන් පත් වහන්න...................

කවුළු පියන් පත් වහන්න
සදළු තලාවේ..
නුඹ දුරයි නෙතට මා සිටිනා
ලවැලි තලාවේ..
විලක දුරක මල් පිපුනට අපට නොවේමයි
ඔරැ පාරැ ඇවිත් බලා යාවී විල් දිය ගැඹුරැයි
මල් සුවඳ උරා ඇදී යන්නෙ බඹරැන් කෝමැයි
සඳළුතලාවට පැල්පත දුර නම් බෝමැයි...

මුදු සිනා සලන සදවත අහසෙම රැදුනාවේ
ඉඟිමරන තරැ කැළුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ
සඳළුතලාවේ
කවුළු පියන් වසනු මැනවි
නෙතු කැන් හමුවේ......................

දිගු දෑස දුටුවාම....................

දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ
රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ

පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
පෙනෙනවා දකිනවා නිහඬ රෑ දුර අහසේ
දුරම මිස ළඟ නැතිද අහනවා නෙතු මාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ........................

22 April 2011

මට කදුළු එන්න කලියෙන්..................

මට කදුළු එන්න කලියෙන්
මං දමායන්න...
නෑ හයියක්
නුබ දැක දැක
පලායන්න...

මේ පුරහඳකට පෝය ලැබෙන
අනිතිම මොහොතයි...
හෙට අවපස වී
මං එනකොට
අඬන්න නරකයි...

තව එපා ඉන්න...
ඔය ඇස් බලුවම
මට බෑ හෙට තැලි අදින්න...

සඳ වෙන අහසක
සුදු සීතල
සැමදා නුබටයි...
අපි හිනැහී ඉමු
හැමදාකම
අපි අප ලඟමයි...

දැන් ඉතින් යන්න...

අතැගිලි වැදුනම බැරිවෙයි
මුදු පලද්වන්න...............

අදුරු අහසක......................

අදුරු අහසක රෑ කැටයම්
සදකි තනිකම් කළ සිත්තම්
ඔබට තවකෙක් පමණක් නම්
මියෙමී සදවත අද මානම්
නොනිමී කදුළක පටලා හද
අදුර කිම සැගිවී දුර පෙර
කිබද මහදක ඔබ වූ සද
කිමද ඉකිබිද හදවත් අද

නොපිපී සොද කුසුමකී ඉකීබිද මා පැතු සෙනේ
මග නොදැන ඔබ යන මග දැක මිය යනු කෙසේ
දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් රෑයේ
මේ ජීවීතේ ඔබ නැතිනම් හිම මෙනි දියේ......

මුකුලිත සිත වත නෙත වැදි කදුළයි නෙතේ
සිතක දුක දැක දැක ඔබ මෙන් වෙන්වී ගියේ
දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් රැයේ
මේ ජිවිතේ ඔබ නැතිනම් හිම මෙනි දියේ.....

පුරුද්දක්ද සසරෙ හුරු වු..............

පුරුද්දක්ද සසරෙ හුරු වු
පරද්දන්න බැරි සෙ දිනවු
අනත්තවු ප්‍රෙමයකින් බැදුනෙ
හරස් වෙන්න හැදුවත් කවුරු
වෙනස් නේවු පවුරයි ඔබ ලදුනෙ

අදුර පිරුනම දෑස වැසුනම තනිය දැනුන නිසා
කදුලු පිරුනම හිතෙ හැමතැන ඔබෙන් පිරුනු නිසා
අදුරෙ දුක සෙ රහසෙ ගෙතනු
නේලියෙ කවියෙ මතු වු ලදුනෙ

පුරුද්දක්ද සසරෙ......

සිහින පෙනුනම සැපයි සැමදා හැබැ කරන නිසා
සුසුමි හෙලුවම හිතෙ හැම කේන ඔබෙන් පිරුන නිසා
සිහිනෙ ඇසුරු රහසෙ දැකපු
නේරැගු රැගුමි හැගුමයි ලදුනෙ

පුරුද්දක්ද සසරෙ......

ලොවම නිදියන රෑ....................

ලොවම නිදියන රෑ
මහද ඇහරෙනවා
ඔබයි මගෙ හිත හා පුරා
නිබද සසල කලේ

හැගුම් ඇහැරෙන දා
සොදුරැ සුව දැනෙනා
රැයට ඔය හිත ඇදුනේ
සුපෙම් හිනෙන්දො

හැගුම් නාබර වූ
හිතට හීලෑ නෑ
සුලග වාගේ හමා ඇවිදින්
පෙම් හැගුම් ඇවිලුවා

තුරුනු ජිවිතයේ
තනිය දැන් නික්මුනා
හිතට වැහෙන නැවුම් ගීතේ පද පෙලක් ඈදුනා
ඒ පෙම් ගීතේ තනුව මේ පෙම් සිනා..................

පෙන බුබුල සේම දිලිසි..................

පෙන බුබුල සේම දිලිසි.......
පිනි කදුල සේම ගිලිහි........
ඈ මෑකී ගියා...................
ම සිතින්
ඈ මෑකී ගියා....................

ගිනි සිලුව සේම ඈවිලි....
ගිනි මෑලය සේම මෑලවි....
ඇ නිවී ගියා ..................
ම සිතින්
ඇ නිවී ගියා .................

සඳ පලුව සේම දිලිසී........
වෑහි කලුව සේම ගිලිහි......
වෑලපේ
ඈය හා මා ...

මසිතින් ඈ වෙන්වී ගියා.........

පෙන බුබුල සේම දිලිසි.......

සිනාවකට වඩා.......................

සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්
කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි
මා වටකර නැගෙන සිනා නම්
මා වටකර නැගෙන සිනා නම්

සඳ එළියට වඩා සඳේ සඳ අඳුරට මං ආසයි
සඳ අඳුරේ ඔබ හමුවේ නම්
සඳ අඳුරට වඩා සඳේ සඳ එළියට මං ආසයි
සඳ එළියේ ඔබ හමුවේ නම්

මහ මන්දිරයකට වඩා ඔබේ පැළට මං ආසයි
එය තැනුවේ මා වෙනුවෙන් නම්
ජීව්තයම දුකක් උනත් ජීවිතයට මං ආසයි
ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්.....................

සරා සිහින..............

සරා සිහින රහසෙ දිවිරා කියා
සිතෙ කදුලු පහසෙ මුමුණා සිනා
ඔහෙ ඇවිද හා මම
හද සිතුවිලි විල කළබා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසෙ දිවිරා කියා.......

සිත කදුලැල්ලෙහි තවරා
කලුවර රස කර වින්දා
සද සෙවනැල්ලක හැංගී
මගෙ ඇස් තනිකර තෙමුණා
එසෙ කදුලු ගැයු එ හීනෙ
තවමත් ඔබයි ආදරෙ

සරා සිහින.....

තනි අතකින් හඩ දෙදරා
හරි ආදරයක් හින්දා
යලි කවදාවත් නේවෙනා
මහ සාගරයද හැඩුවා
එසෙ කදුලු ගැයු එ හිනෙ
තවමක් ඔබයි ආදරෙ

සරා සිහින.....

ලස්සන කොලයක ලියලා තිබුනා................

හඬන්න මෙතරම් කඳුලු තියෙනවද
සුන්දර ඔය දෙනෙතේ ...
මං කල පවක් ද ගින්දර දුන්නේ
මල් වැනි හදට ඔබේ
ලස්සන කොලයක ලියලා තිබුනා
සමනල් සිහින ඔබේ
ලස්සන කරන්න සිතට වරම් නෑ
සුන්දර පැතුම් ඔබේ

හඬන්න මෙතරම් ...

හිමි නැති සිතකට සෙනෙහස දෙන්නට
මගෙ හිත චපල නොවෙයි
මට හිමි සෙනෙහස සුරකිමි පණ ලෙස
ඔබ ගැන දුකයි නගේ ...

ඔබ ලඟ නැති විට.......................

ඔබ ලඟ නැති විට දැනෙන පාළුව,
කියා දෙන්න වචන නෑ මට,
ඔබෙ හඞ නෑසෙන විට දී මා හට,
හෙලන සුසුම් ඔබට ඇසුනද,

තනිව ඉන්න බැ යහනෙ ඔබ සිහිවෙනවා,
ඇස් පියන්න බැ ඇස් දෙක ඔබව සොයනවා..
ඔබ ලඟ නැති විට දැනෙන පාළුව,
මගෙන් ඈත සිටියත් සිත ඔබ ලඟමයි රැදෙන්නෙ,
දුරක කියා කවදාවත් සිතට නෑනෙ දැනෙන්නෙ.
ඔබ ලඟ නැති විට දැනෙන පාළුව.......................

සිනාසෙන්න එපා.........................

සිනාසෙන්න එපා ඔහොම හිතම පැටලුනා
නුපුරුදු නොදැනෙන සුවඳක්‌ හිතේ නැවතුනා
මතකෙට එන හැම මොහොතෙම හුස්‌ම හිර වුනා
මට මන් ගැන අමතක වුනු දවස්‌ වැඩි වුනා .......
හිත රිදවන කථා ගොතා කියන්නට එපා
මගේ කඳුළු මට වැඩි නැහැ සිඹින්නට එපා
අහසින් තරු කඩා වැටේ හිතන්නට එපා
ඔයා සඳක්‌ ඒ අහසින් වැටෙන්නට එපා ........

09 April 2011

සමුගනිමි මම ඔබෙන් සදහට ...................

දෛවයේ සරදම් ඔබෙන් ලද
දරා ගන්නට නොහැකි වුනි මට
ඔබෙන් ලද උණුසුම ද අරගෙන
සමුගනිමි මම ඔබෙන් සදහට ........

පෙරුම් පිරුවෙමි අහිංසක ලෙස
පැතුම් පැතුවෙමි සදා සතුටට
කියනු මැන පෙම්වතියෙ ඔබ මට
නොදැනුනි ද ආදරය ඔබ ........

හටගඟන තලයට වඩා වැඩී වුන
ප්‍රේමයක්‌ ඇත තවම සිත තුළ
මට දුකක්‌ ගෙන දුන්නු කුමරිය
ආදරෙයි දිවි තිබෙන තුරු මම .......................

ඔබ ගැන මතකය..................

ඔබ ගැන මතකය කදුළැලී දෙනවා
අසරණ දෑසට හැමදාම
පැතුමක සුවදකමතකය තවරා
ඉගිළි ගියේ ඇයි නො කියාම.......
බිදුනම සිතුවිලි උණුසුම දෙනවා
බැදිලා හිටියට වැඩියෙන්ම
සොදුරුයි හැඩ කළ සිතල කදුළක
ඔබ හින්දා ඇස ළග රැදෙන........

ලන් වුවේත් ඔබ වෙන් වූවෙත් ඔබ
මා සිටියා මෙතනම මෙහෙම
සොදුර්යි මතකය සිතුම් නොපෑහුණු
අග මුල පැටලුණු හැමදාම..........

රු රෑන රිදී පාට..............

රු රෑන රිදී පාට පාට පාවි දිලී ඈත මෑත
නීල වළා යාය සිසාරා…
සඳපාන මුවා වී බලාන සීත පවන් ගී ගයාන
පාළු රැයේ මා තනි වෙලා…
ඈත පිපී රෑ කුසුමන් සුවඳ ගලාලා
පාළු මගේ පැල සරසා මෑත ඇදීලා
සිහින රැයේ ඈ හිනැහේ ඈත රැඳීලා
දෑස ඇගේ මා කලඹයි සීත දැනීලා…

තරු රෑන රිදී…

මා තනි වූ පන් පැදුරේ අඳුර නිවාලා
දෑස මුදා නිදි දැහැනින් හැඟුම් දවාලා
මා නොපෙළා තවම දිලේ හැඟුම් නිවාලා
බාල සඳේ මා හැර යන් ඈත බලාලා…...................

මතකය නම් වූ.......................

මතකය නම් වූ මලපොත පෙරලා
මලගිය ඊයේ සිහිපත් කලමෑන
පෑතූ පෑතුම් අත් මිට මොලොවාගත්
දෑතේ දසෑගිලි දිග හෑරලනු මෑන
එහි මොනවද ඈත්තේ.....
කිසිත් නෑත හිස් බවෙකිය ඈත්තේ

සමුදුරු ගිරිහෙල් දෙරන තලා මෑද
යව්වන විය පියවර තබනා සද
හිස් වන හද විත සපුරාගන්නට
මියෑසි විරාමය යලි පෑමිනී ඈත
අරුමෙකි පෑවසෙන්නේ එපමනයි
පිලිසරනය වන්නේ......................

ඔබෙ නිල් නෙතු...................

ඔබෙ නිල් නෙතු ලග නවතින්න
යලිත් වරක් මට ඉඩ දෙන්න
යලිත් වරක් මට ඉඩ දෙන්න......
ඔබෙ නිල් නෙතු ලග නවතින්න.....
මටත් හොරෙන් මසිත සොරගත්
ඔය නෙතු කමලට දිස්නය ගෙනදුන්
ඔය ඈස් දෙක ලග නවතින්න
යලිත් වරක් මට ඉඩ දෙන්න......

සද නෑති දා රෑ අහසට පෑයු
දිදුලන තරු කෑට යුවලක් පෑරදු
ඔය ඈස් දෙක ලග නවතින්න
යලිත් වරක් මට ඉඩ දෙන්න......

සිනා මල් කැකුළු පුබුදා...................

සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලඟින් ඉන්න සැමදා
මා තුරුළු කරන්
ආදරෙන් . . . ආදරෙන්

මා හද පෙම් කර අහිංසකාවී
ඔබ ලඟ මා සැනසෙන්නේ හෙටයි
ඔබ කී කතා . . . මා හද සැනසුවා
ආදරෙන් මා . . . නැලවුනා

ඔබ දකිනා තුරු මා රැඳුනේ
ඔබ දුන් මේ පැතුමක් ගානේ
රහසින් වාගේ . . . ඔබ මට කීවේ
රැඳුනා මහදේ කෙල්ලේ . . ...........................

ඇරඹුමම කඳුලක් වෙලා........................

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ තුරක් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා,
දුක් බරව කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා,

ශෝකාන්තය එනතුරා
එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා
අනන්තය ලග මා දමා
අවසානයට පෙර ඈ ගියා.......................

ඔබ මගේ වෙලා....................

ඔබ මගේ වෙලා.. මගෙ ළගට වෙලා..
නිවාඩු පාඩුවේ කියන්න..ආදරෙයි කියා..
සද මඩල වෙලා.. තරු ළගට වෙලා..
කියාදෙන්න ආදරෙයි කියා..
මල් පිහාටුවක් නෙළලා
නිල් වරළ සරසලා..
හිත පුරාම ආදරේ අරන්
කියා දෙන්න ජීවිතේ තරම්..

තුනු විලම මලින් සරසා
මල් විලම කළඹා..
ඔබ එනවද ජීවිතේ අරන්
කියාදෙන්න ආදරේ තරම්..................

ඉසුරු කොදෙව්වේ....................

ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ
අතීතයේ ඇදි පෙන් සිතුවම්
බොද කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්.....
...වියැකී යන්නට සැරසුණු මල දැක
සිත හැඩුවා මුලු ලොවට හොරෙන්
සමු ගෙන යන්නෙමි යළිත් නො එන්නට
මලේ සුවද ගෙන මලට හොරෙන්......

යළිදි පතන්නට පැතු පෙළක් නැත
හිත හැඩුවා මූ ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි යළිත් නො එන්නට
ඔබේ සුවද ගෙන ඔබට හොරෙන්..................

ඉගිලෙන්න ඔබ එක්‌ක ආකාසේ...............

ඉගිලෙන්න ඔබ එක්‌ක ආකාසේ
විදගන්න එ සිසිල මා සිත් සේ
මට දෙන්න එ වරම කවදාද ඔබ එන්නෙ
පිනි බින්දු මල් වැහි අරන්
සද මිතුරි සිත මිහිරි කල මැනවි
බිදු කදුලු පිනි පොකුරු කල මැනවි

මට මමම වි ඉන්න ලොකෙන් ඉඩක්‌ නොදෙන
ඈ වෙලා අපිම අපි වි ඉතින්
නව ලොවට මුල් අනු දෙන්න
මිල නොවන පෙම් කවිය පබදින්න

පිනි වැස්‌ස වස්‌සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දළු ලන්න මිහිකත මතින්
සිහිනේ ස්‌නහා කිරණින් දැවෙනා...

ජීවිතය විදගන්න ලොකෙන් ඉඩක්‌ නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්
පේමයට පේමය වෙන්න
මිල නොවන ජීවිතය පුබුදන්න

පිනි වැස්‌ස වස්‌සන්න මද්දහන තෙත් වෙන්න.......

මෙතුවක් දින.............

මෙතුවක් දින තේරුණෙ නෑ
ඔබ මා හට වටී කියා
අද ඔබ ළඟ නැති නිසාම
දුක වාවාගනු නොහැකා...
කතා කරන විට සැමදා
සිතුනේ නැහැ දුක කිසිදා
දැන් ඔබ හට යන්න කියා
මා තනියම දුක් වෙනවා...
ඒ ආදරෙ ළඟ තිබුණම
පාළුව නෑ ළඟ රැඳුණේ
ඒ බව නොදැනී තිබුණට
දැන් හොඳහැටි තේරෙන්නේ................

මා මිය ගිය දිනක...........

සුළඟක් වගේ මල් වනයට හමාපු
රළක් වගේ වෙරළට ගොඩ ගසාපු
වැස්සක් වගේ මහ කතරට වනාපු
නුඹ ආවේ ඇයිද සිතකට හඬාපු
...ආවොත් යන්න වෙන බව නුඹ නොදන නොවේ
නාවොත් රැදෙනු බැරි බව මම කියමි කෙසේ
කවුරුත් එකයි කිසි වෙනසක් නැතිය ලයේ
ජීවිතයම කතරක පිපි මලක් වගේ

සෙනෙහස සුවඳ හමනා විට හමුවේවා
තරුවක කතාවක ප්‍රේමය ලිය වේවා
සිටිනා තැනක දුක් සෝකය දුරු වේවා
මා මිය ගිය දිනක මා බලනට පැමිණේවා..............

හද සුසුමින් පුරවාගෙන......

හද සුසුමින් පුරවාගෙන......
දැස කදුලින් තෙමාගෙන,
උන්නු ඒ කාලය,
දන් අවසානයි.........
සියදහස්‌ කදුලු කැට.....
සිත් අහසට සමතලා කොට,
ලතෙක්‌ සෙනෙහස අරන්,
නොඑන්න යලිත් කිසිදාක.....
මගෙ ලග,
තනිනොතනියට........

මලක්‌ වි.................

මලක්‌ වි අනේ පිපුන හින්දා
සුවඳ ඇදුනා බඹරු කැන්දා
බඹර තුඩු පත් හඩ නගද්දි
කිමද ඔබ හිනහුනේ මන්දා....
නොවැහැටුනත් ඔබේ එදා හසරැලි
ඒ සිතට මම තදින් බැදුනා
ලතවුලක්‌ වි මා හඩ නගද්දි
කිමද ඔබ හිනහුනේ මන්දා....

පිපෙන හැම මල් පරව යන්නේ

ඇරඹුමක්‌ තව සිතට කැන්දා
මා සිතින් අද අතරමන් වුනි
කිමද ඔබ හිනහුනේ මන්දා....

බඹර මුවගින් පැමිනි ඒ නද

කෙලෙස මන්දා මලට රිදුනා
ඇද වැටෙද්දි බිදි පොකුරෙන්
සිනාසුනු සිත ඔබෙද මන්දා...............

02 April 2011

හිරු සඳු ආයෙත්...............

හිරු සඳු ආයෙත් පායන්නේ නැති
ලෝකෙක ඇයි මා නතර උනේ
සමනල තටුවක සුසිනිදු බව රැදි
නිසසල හදවත සසල නේ...

හදවත ඉල්ලා දිගුල්කල දෑතට
සෙනෙහස පිලිතුර නම්
කෙලෙසද මා එය ඉටුකරලන්නේ
දෙහදක් ලතවේ නම්...

දුක් ගිනි බාධක අවහිර අබියස
සැනසුම දුරු වේ නම්
හද සුපිපුනු මල කෙලෙස පුදන්නද
ඔබ හද මඩලේ මo...................

රෑ අහසේ තරු දිලෙන තරම්.................

රෑ අහසේ තරු දිලෙන තරම්
මා මනසේ ඔබ ඇදෙනවනම්
විශ්වයේනම් නොවේ තවත්
මෙවන් උණුහුමක්
හදට උණුසුමක්.......

නුවන් තෙමී විසිරෙනා
නුබේ කදුලු පාකරන්න වැහි වළාවකින්
වැහි වැටෙන්න ලන් වෙනකොට
අකාසෙට දෙනෙත් යොමා
බලා හිදින්නම්
වැටෙන වැටෙන වැහි බිදුගෙන
මා සනසන්නම්....

මල් උයනක සැරි සරන්න
සමනළයනී ඉගිල එන්න
නුබලට හැකිනම්
පන්හිද ළග තනි වෙනකොට
මා ලියනා කවි ගී ගෙන ඈතට ගෙනහින්
ඇයට ඇහිද ගන්න දුරක වීසී කරාපන්..........

රෑ පුරා පායනා................

රෑ පුරා පායනා තරුකා
පහන් සේ දිදුලනා දෑස පා මා දිහා
හිනැහුනා බල බලා ළන්වෙලා ඔබ එදා

තරු නෙත් දෙකින් ඉඟිකළා
මා හදට ළන්වෙලා
ඔබ ආවා මා සොයාලා
සීත රෑ ඒ ලෙසේ
කාටදැයි මල් සිනා හිතුනා මගෙ ලොවේ
හීනේ බිඳ දමා ඔබ ගියේ

හැඟුමන් සිතින් පියඹලා
එනවා ඔබ සොයා
තනිවීලා පාලුවේ මා
අද ඔබේ යහනතේ
හීනයක් මෙන් සිතා තැවුනා මගෙ ලොවේ
හීනේ බිඳ දමා ඔබ ගියේ..........................

මායාවක්මයි ආදරේ..............................

චංචල හැගුමක නිදිවරනා තුන්යාමේ
කඳුළට ඇයි අඬගහන්නේ හඳපානේ
එළිමහනේ රස තියෙද්දි ආදරේ
අර පින්න කියන මායාවද ලුහුබැන්දේ
ඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ

සිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන්කෙරුවේ
දුර ළඟ වාගේ සුව ලබද්දී ආදරේ
ළංවෙන්නෑමයි සිතිජය එක් නොවනාසේ
ඔබ කී ලෙසටම ආයේ පාලුව ළං වෙනවාමයි
මායාවක්මයි ආදරේ..............................

අනන්තයක්‌ වී................

අනන්තයක්‌ වී ඔබේ ආදරේ ඔබේ ආදරේ
මෙ සුරම්‍ය පාරදීසේ හදවතින් පුබුදු වූ
සදා නන්ද කල සරාග සුවද විජිතයේ

නීල නෙලන නිම්නයේ සුමුදු සයනයේ
නෙතු පියන් වැසී වැසී වැසී...
ස්‌වප්නයක්‌ද මේ තරම් පුදුම වූ...
ඔබේ ආදරේ ඔබේ ආදරේ...
මෙ සුරම්‍ය පාරදීසේ...

කැකුළු බසින සිරිපොදේ මිදුනු සීතලේ
දෙතොල් පෙති ලිහී ලිහී ලිහී..
මධු විතක්‌ද මේ තරම් මධුර වූ...
ඔබේ ආදරේ ඔබේ ආදරේ...
මෙ සුරම්‍ය පාරදීසේ..................

සියපතක්‌ මත.....................

සියපතක්‌ මත විසුල පිණි කැට
සැඩ සුළඦ වැද සර සරින් හෙට
මගෙන් රිදවුනු දෙවුනු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට...
සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මුමුණ යුරු දැක
ඔබේ ලවනත සැදුනු මීවිත
මත කලා මතකයි මගේ සිත...

ඇසට අසුවන මායිමේ
බඹර සැනකෙලි මල් විලේ
ලසෝ ලැව් ගිනි ඇවිලුනා සිත
ඔබ මගෙන් වෙන්වු දිනේ...