Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

31 May 2011

කියන්නට බැරි තරම් ...............

කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං
දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම්
සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම් ඔබට දැනෙනවා නම්.
මා සොයා යළි ඇවිත් සිපගන්නකෝ මා දෙතොල්

මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කඳුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ

ඔබ ඇයි අන්සතු උනේ ඔබ ඇයි මා හැරගියේ
පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඇති තෙක් මේ භවේ ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ රුව සදා ඇඳී තිබේ................

රෑනේ ඉගිළෙන්න ඕනේ........

රෑනේ ඉගිළෙන්න ඕනේ...
දෑස පෙනෙනා ඉමේ...
විහගුන් වාගේ පියාඹා...
පාවී මේ ගංතෙරේ...

පායා ඈත පායා...
විසිරේ හිරුගේ ඡායා...
පිපි මල් නොතලා..පිණිළැල් අතුරා..
සේයාවන් මැවෙනා උදේ...

පාවී ඈත පාවී...
පවනේ සැලෙනා රාවේ..
දිය ‍රැල් අතරේ...හැගුමන් කිමිදේ..
මේ ගී ගයනා හදේ...........

සමුගන්න මොහොතකට පෙර.............

සමුගන්න මොහොතකට පෙර එක වතාවක්
මුමුණන්න වදනක් පෙර සේම ලං වී
මිය ඇදෙන මතකය වගේ .......

තුරු සෙවනේ මල් අතරෙ
වැළපෙන කථාවක් මද සුළඟෙ පාවි ගියේ
සුසුමකට ළං වෙන්න කඳුළට රිදුම් දෙන්න
ඇයි ආදරෙන් හමු වුනේ ........

අවසන්ව යන මතක හද වේදනාවෙන්
සතපන්න ළය මත මගේ
දිවි මන් තළාවේ මා පරදවාලන්න .
ඔබ කිමද මට පෙම් කලේ .................

සිහිනයට තරම් තටු නෑ මට නම්................

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කඳු හිස් මුදුන් කර
තරු ලකුණු වැටෙනා අතර
සිත නුඹම සොයා වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර

සයුරක් වී වැතිර
නුඹ සරැළි නගනා අතර
කිරි සිනා ගඟක් මියුරු ලෝකෙන් අරන් එයි
ඉන්නවාද ඇහැර...................

එපා හිරු පායන්න.........................

එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට,
අදයි අවසන් දවස ඇගෙන් මා හා මගෙන් ඈ සමුගන්න..

සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න,
වෙලී යුගඳුර සතර අනු දිසා ගිලගන්න..
ගලා යන නදී දොළ මිදී මිදී නැවතී ඉන්න..

ලිය මඩල තුරු සිරස එපා මල පළඳින්න,
වසන්තය නිමාවී කොවුලනේ ගොළුවන්න..
සොබාදම් නෑසියනි සැලී සැලී කම්පාවන්න................

26 May 2011

මා නෙත සනසන ඔය රුව තරමට....................

මා නෙත සනසන ඔය රුව තරමට
මා සිත සනසන ඔය සිත තරමට
ආදරේ ඉතිරෙන ඔය ඇස්‌ තරමට
නෑ ලොව කිසිවක්‌ සොයාගන්න තව........
පුද දී සෙනෙහස අහසක්‌ තරමට
හැඩ කර මගේ ලොව නොසිතූ විලසට
හීන අරන් විත් නිල් තරු ගානට
ඉර හඳ වී ඔබ මගේ සිත් අහසට........
ලෝකය දකින්න ඔබේ දෑසින් මට
බොහෝ දුක්‌ නිව්න්න ඔබේ පහසින් මට
දිවියම ගෙවන්න ඔබේ සෙවණ යට
රත්තරනේ සැමදා ඉඩ දෙනවද........
ලඟින් ඉදින්නම් සැමදා ..................

සසර පුරුද්දට .....................

සසර පුරුද්දට සුපුරුදු ගමනේ
අප හදවත් තුල නොමැකෙන නොමියෙන
පිවිතුරු ආදර පැතුමන් අතරේ
මේ බවයෙත් ඇත හමුවි...

සෙනෙහස පොදි බැදි අපේ ලොවක්‌
දුක්‌ දොම්නස්‌ නැති අපේ මගක්‌
අපටම වෙන්වු අපෙම දිනක්‌
සොයා ගනිමු අපි ප්‍රෙම විජිතයේ..

කරදර පොදි බැද ආවත් අප හද එලෙසම පවතිනවා
නැදැ පිරිවර අප හද බිදුමට දින දින වෙහෙසෙනවා
අප අත ගන්නට දෙවිදුන් අබියස නිතරම අයදිනවා
පිවිතුරු සෙනෙහස සදාතනික බව ලොවම පවසනවා.....................

25 May 2011

ආදරය කරපු සිත අන්සතු වුනායින් පසු...............

ආදරය කරපු සිත අන්සතු වුනායින් පසු
නිමා වුනත් කමිනෑ ජීවිතේ මා පැතූ
දුක දරා ගන්න බැරිවෙදැයි සිතේ මින්මතු
මම කවදාවත් හැඩෙවිවෙ නෑ තාරකා නෙතු

මගෙ වැලපෙන නෙතු අද්දර සිනහ පුබුදුවන්
මට දුන් අත වෙන කෙනකුට දුන්නෙ ඈයි හොරෙන්
ඇත් වෙන්නෙ කෙලෙසද මෙ වෙදනා තෙරෙන්
කොයි අත බැලුවත් පෙනෙන්නෙ ඔයයි රත්තරන්

ඔබ කෝලබැලුමි දුන්න තැනින් කදුළ මට තියා
ආදරේ කරපු සිත තනිකර ඈත ඔබ ගියා
විරහ ගින්න ඈවිලෙන හද මඩල ගිනිතියා
ගියත් පතමි ඔබහට වාසනාවන් කියා..................

නිල්ල පුරා පිණි අතුරා,................

නිල්ල පුරා පිණි අතුරා,
විහඟු ගයා ගී මුමුණා...
අරුණේ රඟපාවි සිනාසී,
තුරුලේ උණුහුම සොයනා...

ලොව කොතැනද කොහෙද තියෙන්නේ,
නුඹ මා, මා නුඹ එක්තැන් වෙනා තරම්...
සුවබර සුන්දර පිරිපුන් මනරම් මෙතරම් ලස්සන නවාතැනක්,
තුරුලේ...
උණුහුම විඳිනා..................

හිත හදාගන්න පුළුවන්නම්...............

හිත හදාගන්න පුළුවන්නම් හදාගන්න තිබුනා
ඔබ මවාදුන්නු ලෝකයෙ මම නිහඬවෙලා උන්නා
දුර ඈත ඉදන් සිහින ගෙනත් මගෙ ලෝකය පුරවා
බොරු ආදරයක් පෙන්වා ඔබ මා අසරණ කෙරුවා

මගෙන් අරගෙන ආදරේ අහුරක් දුන්නෙ මා හට ආදරේ බිඳුවක්
ඒක නිසයි කඳුළුම විතරක් ආදරය නිහඬම සෙවණක්

දුරින් ඉදගෙන අදරේ කෙරුවත් ඔයා දන්නෙ නෑ තිබුනු සෙනෙහසක්
ඒක නිසයි මෙතරම්ම දුකක් ආදරය නිහඬම ගොදුරක්..................

අනාත මාරුතේ.................

අනාත මාරුතේ...
කුණාටු සාගරේ....
දිවිය තියෙන තුරු මගේ....
ඔබයි ආදරේ......

අතීතයට වඩා පැරණි අපේ ආදරේ....
අපි දෙන්නා හැඩූ හැඩුම් දනී සාගරේ....
සදා වෙනස්‌ වෙන්න එපා
මැණික මා කෙරේ....
දිවිය තියෙන තුරු මගේ....
ඔබයි ආදරේ....

සිත රිදවන වදන් වලට හඩන්නට එපා....
ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා...
සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා..
දිවිය තියෙන තුරු මගේ....
ඔබයි ආදරේ...................

මල් පෙති සිඔ...................

මල් පෙති සිඔ.. සිනා රැගෙන..
මල සිඳ බිඳ.. යන්ට ගියා..
හද දුක ගාවා... කවුදෝ ආවා...

හස අංගනාවන් සේ සඳ දිය මැද කිමිදී
කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ
නීල කැලුම් ගලා හැලෙන..
ඉඳු නිල්මිණි දෑස වසා..
මගෙ දෝතට නෑවිත් නුඔ
කොහිදෝ බැඳුනේ...

හිරු මැලවුන සැන්දෑවේ අඳුරට ගුලිවී
මදු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
නෙතු කඳුලින් බොඳකල ඒ..
අතීතයේ හීන පැලට..
මා කැඳවා යන්නට නුඔ
ඇයිදෝ ආවේ...................

ඔබ ආයේමත් ඇවිදින්.....................

ඔබ ආයේමත් ඇවිදින්,
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයේමත් ඇවිදින්.........

උන්න දා මට අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුබ නොදැක සිටි දිගු කාලයේ
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයේමත් ඇවිදින්......

දෑස අග මල් පිපී සැලුනත් කොයි තරම්
එක මලක්වත් සුවද නැති විය ඔබ තරම්
ඔබ නොදැක සිටි කාලයේ
නෙත කදුලු මැකුනා විතරමයි
ඔබ ආයේමත් ඇවිදින්.........

ගිනියම් වූ වැලිකතරේ..................

ගිනියම් වූ වැලිකතරේ කෙම්බිම මට සොයා දෙන්න
නුඹේ නමින් සෙනෙහස්‌ ගී පදවැල් අමුණා ලියන්න
මග තොටදී හමු වුනාම ආදරයෙන් හිනාවෙන්න
අනේ නුඹට පෙම් කලාට මගේ හිතට සමාවෙන්න

සුදු අරලිය මතක සුවද අප හදවත් ගොලු කරාවි
විසල් මැදුරු දොරටු උදින් හෙටත් පුරා හද වඩීවි
මතක තියා විදු සෙවනේ අප හදවත් ගොලු කරාවි
නුඹ නැති මේ විසල් ලොවේ මගෙ ලෝකෙම නතර වේවි


පහන් තාරකා පාය රෑ අහසේ නිවී යාවි
තනි කම විත් හිත දොරකඩ අස වුණු කදුලින් තෙමාවි
හීන පැතුම් මල් පොඩිවී දේදුන්නක සැගව යාවී
හිත අද්දර ඔබෙ මතකය හැමදා මට රිදුම් දේවි......................

මතුදාක කාසි නිසා.................

මතුදාක කාසි නිසා...
කරකාර බන්ඳන් ඔයා...
මගෙ සෙනෙහස, ඔබ ඉදිරියෙ රඟපා...
නැටු වන්නම්, ඔබ නොදනී කිසිදා...

රූරා, වැටෙනා..
මහ වැස්සක මම තෙමිලා උන්නා..
සිතලා, රවටා...
හැකි හැමදේ මම දෑතට ගත්තා...
අපෙ හරහට උන්, ඒ තරු ගලපා...
ඔබ කැන්ඳන් මම යන්නෙමි මතුදා...

නොකැඩී, ගලනා...
දුක් සංසාරේ පැටලී, වෙලිලා...
දිවුරා, කිව්වා...
ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා...
මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා...
අඟ හිඟකම් දැන් යන්නේ පියඹා.............

රහසින් සැදි පෙම්සිතිවිලි.................

රහසින් සැදි පෙම්සිතිවිලි
ළමැදේ ඔබේ අතුරන්නෙමි
යුග ගී රැඳි සුලගක් ලෙසින්
සවනේ ඔබේ රැව් දෙන්නමි...

දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමි
හදවතින්ම මා පිලිගත්තා බැඳි
සිහිනෙන් පවා ඔබ අමත්නෙමි
ජිවිතේ දී මා පැතු සුපෙම්වතී...

දෙකුපුල් පුරා තොල් විහිදන්නෙමි
පෙම් තෙපුල් පුදා තෙරපන විටදි...
රහසින් පවා ඔබ අමතන්නෙමි
ආදරයේදි මම ඔබ හට පරදිමි...

ජිවිතේ සුවඳැති,
ආදරේ උල්පතේ...
වරලේ සුවඳ ගෑවී ඔබේ,
තුරුලේ පහස දැඩිවෙයි මගේ.................

මේ හිත ආයෙම..............

මේ හිත ආයෙම හීනෙක තනිකර
පාවෙලා නොයයි නම් කොහෙවත්
රෑ සඳ හීනය සීතල හා
ඔබෙ ආදරේ දෙනවා මං කොහොමත්
මා නුඹෙ සුදු දඟකාරී
ඔය දුක් අරන් යන්නෙ ජීවිතයේ
ගිම්හානේ මද්දහනේ වෙන්වී යන්නම්

ලා සඳ සීතල මීවිත කළඹන
පායනා අඳුරු හිත් අහසක්
ආදර මා හිත තෝරන කවියක
ජීවිතේ සොඳුරු පෙම් පහසක්
මා නුඹෙ හිතුවක්කාරී
ඔය ඇස් ළඟින් ඉන්නේ ආදරයේ
සංසාරේ වස්සානේ ළංවී ඉන්නම්..............

රෑ සඳ යායේ................

රෑ සඳ යායේ ආවා රන් මල්බර මනමාලි
දේදුණු මායා ගේනා මං සංවර කවිකාරි
දිවුරලා පෙම් හිත පුරා වස්සානේ සඳ ගාව
රතු කලා නිල් ඇස් දෙකක් ගිම්හානේ දුර රෑක

සීතල යාමේ පායලා ඈතක පාවීලා
මීදුම වාගේ හේදිලා ඉස්සර හිත් බින්දා
ඒ හිත ආයේ ආ නිසා මා වෙත යාවීලා
නිම්නෙක සීතේ පාවෙලා ඇවිදිමු අත් අල්ලා...............

කාලයේ වෑලිතලාව .................

කාලයේ වෑලිතලාව පහුරු ගා
නියග ගෙවී ලේ ගලනා වෙලාවේ
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
ඒ සෙනෙහස යලි ඉල්ලා හඩන්නම්.....
වියෑලුනු හෝපලු වනයේ
සුලගේ යන පරඩෑල් මෑද
අතිතයක ගුන සුවදක් විදින්නම්
ඒ සුවදම හමුවන තුරු සිටින්නම්.....
ගිනි දෑල්වෙන මරු කතරේ
පුපුරු ගසන වෑලි කෑට මත
ලතෙත් බවක සිහිලස සිහිකරන්නම්
ඒ සිහිලම පතමින් මග බලන්නම්......

මා නෙත සනසන................

මා නෙත සනසන ඔය රුව තරමට
මා සිත සනසන ඔය සිත තරමට
ආදරේ ඉතිරෙන ඔය ඇස්‌ තරමට
නෑ ලොව කිසිවක්‌ සොයාගන්න තව........
පුද දී සෙනෙහස අහසක්‌ තරමට
හැඩ කර මගේ ලොව නොසිතූ විලසට
හීන අරන් විත් නිල් තරු ගානට
ඉර හඳ වී ඔබ මගේ සිත් අහසට........
ලෝකය දකින්න ඔබේ දෑසින් මට
බොහෝ දුක්‌ නිව්න්න ඔබේ පහසින් මට
දිවියම ගෙවන්න ඔබේ සෙවණ යට
රත්තරනේ සැමදා ඉඩ දෙනවද........
ලඟින් ඉදින්නම් සැමදා .............

ඔයාගෙ ආදරේ...............

ඔයාගෙ ආදරේ කැඩිල විසිරිලා ගිහින් ගොඩාක් කල්
සුන් බුන් ටික ආයෙත් එකතු කලේ
සත් මහල් ප්‍රාසාදයක් හදන්න නම් නෙමේ
පුංචි සුළගකටත් කැඩෙයි කියල දැනගෙන හිටිය ඒ පැළ
නමුත් බලාපොරොත්තු වුනා මම
ඉස්සර තරම් නොවුනත්....... ටිකක් හරි සතුට සැනසීම
අඩුම තරමින් බැරි වුනා
කට්ට සීතලට පුංචි උණුසුමක් වත් වෙන්න
ගහක් කොලක් වත් නොසෙල් වෙන
පාළු මූසල කර්කශ දවසක
කටින් පිබල කඩල දැම්ම මම ආදර පැල්පත,
ආයෙ රොඩ්ඩක් වත් ඉතුරු නොවෙන්නම.......

20 May 2011

සත්සර වයන මතකයේ ................

සත්සර වයන මතකයේ
ලස්‌සන රෝස මල මගේ
දුක්‌ ගී රාවයක්‌ වගේ
ඇස්‌ දෙක ඇයි කදුලු කලේ

දිවුරා දුන් පොරොන්දුව
දෙදරා ගියාදෝ අද
ඔබ හා මා පැතූ ලොව
අවසන් වුනාදෝ අද

මතකය සුවද මවනවා
දෙනෙතට කදුලු වුනනවා
සද තරු පවා හඩනවා
සෙනෙහස තවම වටිනවා.................

මට සමාවෙන්න..................

මට සමාවෙන්න මගෙ රත්තරනේ වරක් නොවේ
සිය දහස් වාරයක්
රත්තරනේ එදා මම ඔයා එක්ක රන්ඩු කලේ
ඔයාට ආදරේ බිංදුවක් වත් අඩුවෙලා නෙමේ මගේ දුක වැඩි කමට
ඔයාගෙ ආදරේ අයිතිකාරි වෙන කෙනෙක් කියල දැනුනම
මට මාව අමතක වුනා
මගේ තිබුන මෝඩ කමට මට ඕන වුනේ
මගෙ හිත රිදුන තරම කොච්චරක්ද කියල ඔයාට දන්වන්න විතරයි
ඔයාගෙ හිත ගොඩාක් රිදුන කියල මම දන්නව මම කියපු හැම වචනයකින්ම
ඔයා මට සමාව දුන්නත් මට දරා ගන්න බෑ මේදුක
ඔයාගෙ අතේ වරදක් නෑ
ඔයාගේ ජීවිතයම දුන්න මට ඒත් ඔයාගෙ දෝතට දරු පැටියෙක් දෙන්න වාසනව නෑ මට
තනි කරන්න බෑ ඔයාව මම නිසා
උදුර ගන්න බෑ සතුට ඔයාගෙ කවදාවත් මට
ඒ තරමට ආදරෙයි මම ඔයාට
ඉතින් දෙපා වැද අවසරයි සමුගන්න
එපා දුක්වෙන්න කිසිවිටක සුපුරුදු ඔයාගෙ හිනාව තියා ගන්න හැමදාටම
නොවැරදීම එනව කියන පොරොන්දුව ඇතුවයි මම යන්නෙ
ඒත් ඔයාගෙ තුරුළට නම් නෙමේ.... ඔයාගෙ දොරකඩට ..යමක් ඉල්ලගෙන
දෙනව නේද?
එදා මුල් බත් කට නොදුන්නොත් රන්ඩු කරන ඔයාගෙ දගකාරිට
හිනාවෙලා බත් කවපු ඔය රත්තරන් අතදෙකින්
දන්පිඩක් බෙදනව නේද? එදාට මගෙ පාත්තරේට
 
 ( මුල් අයිතිකරු සතුය )

ඇය යන්න ගියා මැකිලා...............

ඇය යන්න ගියා මැකිලා
වන සිරසට තුරු සෙවනැලි අතරෙ
ගී ගයමින් හිද මා තැරුලෙ
ඇය යන්න ගියා මැකිලා
පිණි කදුලක් මල් පෙති අග තවරා
මිහිදුමි සලුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කදුවැටි අතරෙ
සද ඒළියෙ මංපෙත පාදා
රහසක් සගවා ගේලුවු හදකින්
ඇය යන්න ගියා මැකිලා

යලි කවදාවත් හමු නේවනා බව
මද පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නේහැකිය කිසිදින
ඇය යලි නේඒතයි ගිමිහානයට පෙර
ඇය යන්න ගියා මැකිලා....................

කඳුළ ඉතිං සමාවෙයන්....................

කඳුළ ඉතිං සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න . . .

කළු වලාව නැගෙන්නෙපා
ගඟට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොලවේ
ගොම හේදෙයි අලුත් පිටම . . .

කන්ද කපා හඳ පායා
සඳ රැස් යහනට වඩින්න
සඳ එළියෙන් නැගෙයි ගතේ
පිපි ගෝමර මල් දකින්න . . .

මල් දෙවැටේ වතු සුදු මල්
පිපේවි ඈ පිලිගන්නට
උකුල් තලා ඔමරි සිනා
මතුවෙයි මල් පරදන්නට . . ..................

රෑ අදුරෙ තනි රකින තරුවක් වගේ..........................

රෑ අදුරෙ තනි රකින තරුවක් වගේ
ඔබ ඉන්න මල්මාලියේ
සඳ සේ කැළුම් දී
මල් සේ සිනා සී
සැනසෙන්න මගෙ ලෝකයේ....

සුළඟක් වගේ ඇවිද මගෙ විජිතයේ
පුද දුන්නු කුළුඳුල් සෙනේ....
මීහිදුම් වළා සළුවෙන් ඔතා
රැක ගනිමි මල්මාලියේ...

දිවි නිම්නයේ සොඳුරු මල් මාවතේ
සුව දුන්නු ප්‍රේමාදරේ....
සසරේ සදා පෙරුමන් පුරා
හමුවන්න මල් මාලියේ.....................................

තරු පායා ඇත මෙ රැයේ........................

තරු පායා ඇත මෙ රැයේ
දිදුලන එක තරුවක්‌ ඇතේ....
ඔබ එ... තරුවද මට සිතේ......
ඔබෙ මතකය රිදවයි රැයේ.....

ඔබ කී...... වදන් සිහිවී ..........
මගෙ දෙනෙතට කදුලු පිරේ...
ලදේ ඇයි මහැර ගියේ
එ හින්දයි මට හැඩුනේ...

මගෙ ආදරනීය ලදේ
පාලුයි ඔබ නැති මගෙ ලොවේ
ඔබෙ මතකය පමනක්‌ ඇතේ....
ඔබ දිදුලයි හැමදා හදේ.....

හරි තේරුමක්‌ දෙන්නට නැතත් .................

හරි තේරුමක්‌ දෙන්නට නැතත්
නුඹ හදට ළන් වුනු ගීතයක්‌

හීන එකතු කළ පබැඳුව
වසන්තය මට පැවරුව
අනන්තය වෙත
ඉගිල්ලෙන්නට හදන
නුඹ් හදට ළන් වුනු ගීතයක්‌ ........

බැස සොයන මධු පුර සඳ
නිදිමරන මගෙ නෙතු ළඟ
හිනා වෙන රෑ තනියමම
සිත ළඟම .......
නුඹ් හදට ළන් වුනු ගීතයක්‌ .........

නිල්ල පුරා...................

නිල්ල පුරා පිණි අතුරා,
විහඟු ගයා ගී මුමුණා...
අරුණේ රඟපාවි සිනාසී,
තුරුලේ උණුහුම සොයනා...

ලොව කොතැනද කොහෙද තියෙන්නේ,
නුඹ මා, මා නුඹ එක්තැන් වෙනා තරම්...
සුවබර සුන්දර පිරිපුන් මනරම් මෙතරම් ලස්සන නවාතැනක්,
තුරුලේ...
උණුහුම විඳිනා...

15 May 2011

ඔබ ආයෙමත් ඇවිදින්.................

ඔබ ආයෙමත් ඇවිදින්
හිත හද ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින් ..........

...උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණිද කොයි තරම්
නුබ නොදැක සිටි දිගු කාලයේ,,, හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින් ..........

දෑස අග මල් පිපි සැලුනත් කොයිතරම්
එක මලක්වත් සුවද නැතිවිය ඔබ තරම්
නුබ නොදෙක සිටි දිගු කාලයේ,,, නෙත කදුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින් ...................

නෙළුම් මලක් ගෙන....................

නෙළුම් මලක් ගෙන එය මගේ කියා...
එය සිපගෙන හදෙහි උඩින් තියා...
කුළුඳුල් එක හාදුවකින් නෙළුම තෙමා...
කිළිටි නොකර සිටියා එය මගේ නිසා...

කඳුල උණුද මම නොදනී එය මට නුහුරු නිසා...
වරද එයද මම සිතමි හද දුක වැඩිම නිසා...
ඔබට කරපු ආදරේ මට ඔබ යළි දුන්න නිසා...
උමතු කළ මා ඔබ දැන් දුර යන්න එපා...

ඉඳහිට වත් පුලුවන්නම් කතා කරන්න...
කරදරයක් වාගේ මා ගැන නොසිතන්න...
හදාගන්න මේ හිත උදව් කරන්න...
ඉන්න තැනක සතුටින් දිවිය ගෙවන්න..........................

14 May 2011

2600 වන සම්බුද්ධත්ව ජයන්තියට පීළිවෙතින් පෙළගැසෙමු

අහස ගුගුරා...............

අහස ගුගුරා අකුණු පුපුරා
මගේසිත වැන්දබු උනා....
වසාගත් දොර මගේ හිමියනි
නුබට රිසිනම් යන්ට යන්නෙමි
කාලයක් නැති තාලයක් නැති
විජිතයේ... කටු ඔටුනු හැර යමි
කාලයක් අපි ආදරෙන් සිටි
සොදුරු මතකය අරන් යන්නෙමි ...
බැන්ද රන්දම් මගේ ගෙලවට
මුදා විසිකොට අඩන අහසට
මගේ සිහිනයේ නුබ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි ...............

මේ දුකම මිහිරියි.................

මේ දුකම මිහිරියි
ඒ ඔබෙන් උරුම වූ නිසා
මේ කඳුළු සිසිලයි
ඒ ඔබෙන් තිළිණ වූ නිසා

මතකයද සොදුරුයි
ඔබ මට තබා ගිය නිසා
සිතිවිලිද රුසිරුයි
ඔබ ගැන ගලා එන නිසා

පැරදුමද සුවදෙයි
ඔබ ජය ලබා ඇති නිසා
තනිකමද නොතනියි
ඔබ සිත අරා ඇති නිසා...........

මා හඩවලා.................

මා හඩවලා......... හදවත සලා..........
පෙර දාක මාගෙ දෙනුවන් රතුවෙලා
දැන් ඒ වගේ නැහැ කිසි දිනේ
හද ආදරේ පිරී ඉතිරෙනවා

සිත පිබිදී...... නෙතු පැහැදී.......
ඔබ හමු වී සුවද දිදී
දිවිය පුරා මම එනවා
මගේ දෑතින් ඔබ අල්ලන්

කදුළු තුරා යන්නට බෑ
සිත පාරා සනසනු බෑ
අවරගිරින් හිරු පායනු බෑ
ඇය හා මා එක්‌වනු බෑ...............

මගෙ සිහිනය මට දකින්න.................

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න...

සඳැස් විදා මොණරු නටති මේඝ වලා පාවේ
වලා වැලෙන් ගෙලේ වැටේ මලිතිය මල් මාලේ
සහ ගුම් බිඟු පේලි සැදී නගත මධුර නාදේ
මල් ගොමු තුළ නිල් පලු දළ යහන් නිබඳ සෑදේ...

ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන් එළි දැල්වේ දෙනුවන් මිණි පානේ
ලඹ තුන් සපු දුණුකේ මැද පිපුණු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් හඳ පානේ..................

ඒපා කදුලැල් සලා ........................

ඒපා කදුලැල් සලා
හඩන්නට ඔබෙ සිත
මල් සුවද ගලා
සිප ගනී ඔබෙ රුව

ඒපා සුසුමන් සලා
රිදවන්න ඔබෙ හද
සියේත් කැල ගී ගයා
සතපවයි ඔබෙ සිත
සතපවයි ඔබෙ සිත

ආදර හැගුමින් සලා
මිරිගුවක වෙලෙන් ඒපා
ඔබෙ හද පුදසුනෙ
හිම කුමරු ඒනතුරා
හිම කුමරු ඒනතුරා...............

අහං ඉන්න අහගෙන ඉන්න.................

අහං ඉන්න අහගෙන ඉන්න...
මගෙ හිත මොනවද මුමුණනවා...

යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්‌සක සීතල ඇවිදින් හිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින් සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්‌ම රටා මවනවා...

සිලිසිලියේ හමන සුවද කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි..
අමාවකේ දුක දුරලන දහසක්‌ තරු කැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි......................

හද රැන්දු ආදරේ නමින්....................

හද රැන්දු ආදරේ නමින්,
පිණි බින්දු තාරකා ඇසින්,
ගිලිහෙන්නෙ මං හින්දා නම්,
ඉවසන්නෙ මා කෙලෙසකින්...
ජීවිතේ මේ වන්දනාවේ,
මා ළඟින් උන් කින්නරාවී,
මා දමා යන්නෙ දෝ පාවී,
මාරුතේ මං මුලා වේවී...
දුක් දැනේවී අප්සරාවී,
සඳ වන් උදුම්බරා දේවී...

සේල ඇතිරූ සේද යහනේ,
වේදනා මල් නේද පිපුනේ,
තරුකාවන් නීල නයනේ,
වාසනාවන්ත පෙම් හීනේ...
පීදුනා නම් සිහින විමනේ,
නෑ සුසුම් මේ තරම් ළඳුනේ...................

13 May 2011

සඳුද අවදියෙන් ..................

සඳුද අවදියෙන් තරුද අවදියෙන්,
මේ නිශාන්තයේ..
ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි,
තනිවුන වසන්තයේ..
සීතල ඇතිරුනි මිහිරිය ළය මත,
කොඳ කෙමි පිපුරුනි මධු පුරවා..
උණුසුම දිසුනේ නෑ නෙත මානෙක,
ඔබ ළඟ නැතිවම අද මා තනිවම..

පහන් නොදැල්වෙන ඔබෙ පැල්පත තුල,
නිදිමත අඩ නෙතුපිය සනහා..
මගේම කඳුලක් වී පිණි බිඳු ලෙස,
ඔබ කවුළුව ළඟ පිපි මල් පෙති මත.......................

12 May 2011

ආදරේ බිදි හදවත.......................

ආදරේ බිදි හදවත වේදනා දෙනවා
පාලුවෙ තබා මගෙ මේ දෙනුවන් හඩවනවා
ජිවිතේ සදා වැලපේ වේදනා පිරිලා
මා ඔබේ නොවේ කදුලක්‌ රහසින් පවසනවා...

ආදරෙන් පැතු සියල්ල සුන් උනේ
වේදනා ගෙනෙන්න ඇයිද ලන් උනේ
ජිවිතේම තනි වෙනවා
වේදනාවේ වැලපෙනවා...

ආදරේ බිදි හදවත වේදනා දෙනවා
පාලුවෙ තබා මගෙ මේ දෙනුවන් හඩවනවා...

දෑස මෙන්ම සදා රකින්නෙමි කියා
මා පැතු ඔයාම දේවි වේදනා
පාලුවේ ම තනි වෙනවා
වේදනාව විදගන්නම්...

ආදරේ බිදි හදවත වේදනා දෙනවා
පාලුවෙ තබා මගෙ මේ දෙනුවන් හඩවනවා..................

මතකයි හිත හැඬුවා එදා...............

මතකයි හිත හැඬුවා එදා..
මගෙ හිත ඔබ ළඟ නැතිවුනුදා..
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා..
පැවසූ ආදරේ හීනයක් වුනා..
මතකයි හිත හැඬුවා එදා..
මගෙ හිත නැවතුනුදා..
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා..
පැවසූ ආදරේ හීනයක් වුනා..
තුරුළු කරන් මගෙ ළඟට ඔයා..
හිතට හොරෙන් ආදරෙයි කියා..
අනේ මම ඔබට ආදරේ කළ තරම්..

හිතේ කොනක් හෙමිහිට හැඬුවා..
තනිකම තනියට තනි නැතුවා..
ඔබ එන මග බලලා..
හඬනා නෙතු සඟවා..
මගෙ හිත කොහිදෝ තනිවූවා..................

මගෙන් අරගෙන ආදරේ අහුරක් ......................

හිත හදා ගන්න පුලුවන් නම් හදා ගන්න තිබුණා
ඔබ මවා දුන්නු ලෝකයේ මම නිහඬ වෙලා උන්නා
දුර ඇත ඉඳන් සිහින ගෙනත් මගේ ලෝකය පුරවා
බොරු ආදරයක් පෙන්වා මා අසරණ කෙරුවා...

මගෙන් අරගෙන ආදරේ අහුරක්
දුන්නේ මා හට ආදරේ බිඳුවක්
ඒක නිසයි කඳුලුම විතරක්
ආදරය නිහඬම සෙවණක්...

දුරින් ඉඳගෙන ආදරේ කෙරුවත්
ඔයා දන්නේ නෑ තිබුනු සෙනෙහසක්
ඒක නිසයි මෙතරම්ම දුකක්
ආදරය නිහඬම ගොදුරක්.................

ඈත්තටම යනවාද නුබ....................

ඈත්තටම යනවාද නුබ
හුදෙකලා කර මා මේ බිම
ඈත්තටම යනවාද නුබ....
ලන්වෙලා පෑ සෙනෙහස සිතක නෑතිවද
දුරක වී මා අතෑර තනිවම ඉන්නේ කොහොමද

කොහොම ඉන්නේද
ඈත්තටම යනවාද නුබ....
රෑ ගෙවී යලී හිරු උදාවී එන්න පලමුව
රෑ පුරා දුටු හීන වියෑකී ගියේ කොහොමද
අනේ කොහොමද
ඈත්තටම යනවාද නුබ හුදෙකලා කරමා මේ බිම
ඈත්තටම යනවාද නුබ......................

සුපෙම් සුවදක් අරන්...................

සුපෙම් සුවදක් අරන් ඇවිත් සුළගක් ලෙසින්
සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජිවිතේ
සිනා අහුරක් අරන්  නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජිවීතේ........

පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
හිදින්නම් සෑමදා ළගින් මියෙනා තුරා
ඔබේ සෙවණට වෙලා දෙපා මුල දැවටිලා
රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා....

ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
පිරි සිත සැනසුනා හදේ සෙනෙහස නිසා
ගතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ පුරා
හිතේ නැවතුනු නිසා මමත් ඔබගෙයි සදා...

සීතල හිම කැට වැටෙන...................

සීතල හිම කැට වැටෙන
තරු ඇසිපිය නිදිකරන
මැදියමේ රැ අහස
කොයිතරම් දුක්‌බරද
ඔබේ ලොවේ මා සිටිය
මා ලොවේ ඔබ සිටිය
අප මැවු ඒ සිහින
කොයිතරම් සුන්දරද
සිහිනයක්‌ වගේ අද
අපේ ඒ ආදරය
මිලිනව ගොසින් බව
මා කෙලෙස අදහම්ද
මේ තරම් දුක්‌ දෙන්නේ
මේ තරම් පලි ගන්නේ
රත්තරනේ ඔබට මං
ආදරය කලාටද......................

හිරු නොවුනත් හිරුම වගෙයි...........................

හිරු නොවුනත් හිරුම වගෙයි
සද නොවුනත් සදම වගෙයි
තරු නොවුනත් තරුම වගෙයි
මගෙ නොවුනත් මගෙම වගෙයි....

උදේ හවා අදුනක් සේ දෑසේ ඇදෙනවා
අපට හොරා හමුවන ඇස් කතා කරනවා
කතාසරිත් සාගරයක් මෙසේ මැවෙනවා
මගෙත් නොවී මගේ සිතට මිහිර ගෙනෙනවා....

කියාගන්න බැරි කවියක් මුවග තියෙනවා
වචන නැතත් කවියෙ අරුත මට වැටහෙනවා
ලගින් ඉදන් කියවන්නට සිත නලියනවා
ලොවම බලා සිටින නිසා පා පැකිලෙනවා................

අද තනියෙන් මා....................

අද තනියෙන් මා හඬන්නේ නෑ මා,
මා දමා ඈ ගියා කියා, මා දමා...
සිත දුක් දෙන්නෑ, අද මට තනි නෑ,
ඔබ නෑ කියා...
මා ළඟින්, මා සිතින් ඔබ ගියා කියා...

පාළුව වී අද මගේ හඬවන්නෑ ජීවිතේ...
ඔබ දන්නේ...
අද මා ඔබේ නමින් තනිවෙන්නෑ...

සිත හැඟුමන් වේදනා මට නොකියා පාවුනා...
ඔබ නැතිදා...
මා ළඟින්, මා සිතින් ඔබ ගියා කියා...

තරු නෙතු කී ඒ කතා අද රහසෙ සැඟවිලා...
ඔබ ගියදා...
මා හඬවා මට නොකියා, මා දමා...

02 May 2011

බැස ගියා හිරු බැස ගියා.....................

බැස ගියා හිරු බැස ගියා
පෑළ දිග අහසේ
සංසාර ආරණ්‍යයේ
මරණය දෝ ඇවිල්ලා
මාව කැන්දන් යන්න ඇවිල්ලා

කළුවරේ කුර ගගා හෙමින් ඇවිල්ලා
යහන අද්දරින් ඔහේ ඉදිල්ලා
සංවේගයේ ගීය කොදුරාලා
මා කැන්දන් යන්න ඇවිල්ලා

පිපී ළෙන්ගතු මල් මතක සුවදේ
අරන් යන්නම් නිසොල්මන් අදුරේ
පෙම් සිසිල ගෙන එන්න මුදු වෙරලේ
සුළග නවතී රිදෙන ළැම තුරුලේ....................

මා තරම් මිහිරිවට...........

මා තරම් මිහිරිවට
පෙම් කලේ නෑ කියා
තරහ නෑ මං සුදු
ඔයා මගෙමයි සදා..
...ඔබ තරම් කවුරුවත්
දුක්වින්දේ නෑ තමා
දුක් දෙන්නේ නෑ සුදු
ආදරෙයි මං සදා..

මේ භවය මේ තරම්
දික්වුනේ ඇයි කියා
මං අසමි මගේ සුදු
මගේ ජීවිතෙන් සදා...

ඔබ ඉන්න මං ලඟම
මගෙන් වෙන්වී නොයා
කියා පතනෙමි සුදු
එන භවයේත් සදා..

අපි තරම් පවුකරපු
අය තවත් නෑ කියා
පින් කරමු අපි සුදු
අපි අපේ වනතුරා.............

නෙත් ලඟින් ඉන්නම්...................

කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නද
ඈ හිනාවෙන්නේ....

ඉතින් මට බෑ ඈත යන්නට
ඒ නුවන් දැහැනින් මිදීලා
කවුළුවේ දොර හදින් ඇරගෙන
නෙත් ලඟින් ඉන්නම්....

කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම්
කවුලුවේ දොර හදින් ඇරගෙන
නෙත් ලඟින් ඉන්නම්...................

සිනා පිපෙනා...................

සිනා පිපෙනා මේ වසන්තය
නෙලාගෙන දෝතින්..මලක් සේ..
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී.. ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ..

නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්

නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනි වෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනනෙමි
තැනක සඟවමි හද සෙනේ සුසුමින්..............

මිතුරන් සේ..............

මිතුරියේ තවමත් මතකයි අපි එදා
මිතුරන් සේ.... හමු වූ දා ..
ඔබේ ඔය දෙනුවන් මුල්වර මා දුටු දා
මට හැගුනේ ඔබ මට හිමි කියා

අප දෙදෙනා මුණ ගස්වූ ඒ දිනේ
මට සිතුනේ ඔබ සදා මගෙමයි කියා
මම නැ සිතුවේ එදා ඔබ මා හැර යයි කියා
ඔබ හට මා තුල වූ ආදරේ
සදා පූජනීයයි මා හදේ

ඔබේ ඔය කෙළිලොල් සිනහව මා හදේ
සදා රැව්දෙනු ඇත මගේ මිතුරියේ
මේ ජීවිතයේ ඔබ නැති නම් මා හදේ
පලක් වේදෝ මගේ මේ ආදරේ.....................

ආදරණීය වස්සානේ...................

හීනයකි මට ආදරේ...
හැ
ඟෙනවා මට ජීවිතේ...
හීනයට ළඟ ජීවිතේ...
හැඟෙනවා ඔබෙ ආදරේ...
වැටෙනකොට කඳුළු ඇවිලිලා...
සුවඳ මල් පෙති පරවෙලා...
සුවඳ මල් පෙති පරවෙලා...
වස්සාන සිහිනේ ඇවිලිලා...

සුසුමේ තවරා සැඟවූ සිහිනේ..
ආදරණීය වස්සානේ...
ආදරණීය වස්සානේ...................

වහින්නට හැකිනම්.............

වහින්නට හැකිනම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහලින්...
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැළක රහසින්..
රැදෙන්නට හැකිනම් ළමාකැළ
හඬන දෙතොලග සිනාවක් වී...
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙළා ගතහැකි වන මලක් වී...

නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබෑ වන සුබ සිහිනයක් වී......
ගැයෙන්නට හැකි නම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී.............

මතුදාක.....................

මතුදාක කාසි නිසා..
කරකාර බන්ඳන් ඔයා..
මගෙ සෙනෙහස, ඔබ ඉදිරියෙ රඟපා..
නැටු වන්නම්, ඔබ නොදනී කිසිදා..
රූරා, වැටෙනා..
මහ වැස්සක මම තෙමිලා උන්නා..
සිතලා, රවටා..
හැකි හැමදේ මම දෑතට ගත්තා..
අපෙ හරහට උන්, ඒ තරු ගලපා..
ඔබ කැන්ඳන් මම යන්නෙමි මතුදා..

නොකැඩී, ගලනා..
දුක් සංසාරේ පැටලී, වෙලිලා..
දිවුරා, කිව්වා..
ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා..
මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා..
අඟ හිඟකම් දැන් යන්නේ පියඹා.............

නීල දෑසේ............

නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ,
ගීත රාවේ දැනුනා සොදුරු දෙහද රන් සත්සරේ,
මාහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා...
මිහිරාවියේ මාගේ...
මුලකුරු ඔබයි මාගේ සෙනෙහසේ හෝඩියේ,
පෙම් ශිලා ලියවූ දිනේ...
සිත පෙම් පුරන මං සොයන මා ජීවිතේ,
අනිමි සේ බැඳුනා නිල් නෙත් යුග මා...
මහදේ වෙලෙනා...
ඔබ මගේ සිහිනේ පිරුනා...
මතකයන් වාගේ...

මීදුම් වැස්සේ...................

මීදුම් වැස්සේ සීතල උදයේ
පිණි බිඳු අතරින් ඔබෙ රුව දුටුවේ
දෙපා නගද්දී මාවත ඔස්සේ
නෙතු විහඟුන් මා යයි ඔබ පස්සේ
අනුරාගයෙන් බලා ඔබ පෑ සුපෙම් සිනා
සිහිනෙන් දකී සදා නිදි යහනේ මා
මා උමතු වෙලා 

ඔබ නද මා කන් පිනවන්නේ
මා අවදි කරනා රිද්මයයි
ආදරයෙන් මුලු සිත ගත්තේ
කුල්මත්වී සිත් අහසේ සැරිසරයි
දෙතොලෙන් මිදී සුසුමන් ඇදී
සවනේ ඇඳී රාවේ ඇදී
හොර රහස් කියන්නෙ සවනට කොඳුරන්නේ
තොල් පෙති මුමුණන්නේ මා ආදරියේ
මා උමතුවෙලා........................

දරුස්මාන් වාර්තාවට එරෙහිව පෙල ගැසෙමු

ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා මානුෂීය මෙහෙයුම් කළ රජයේ හමුදාවන්ට එරෙහිව ද්වේෂ සහගත චෝදනා එල්ල කිරීමට දරුස්මාන් කමිටුව ප්‍රබල උත්සාහයක නිරතවේ. ශ්‍රී ලංකාවට තිරසාර සාමයක් ගෙන ඒම සඳහා රජයේ හමුදා දැරූ ප්‍රයත්නය දරුස්මාන් කමිටුව විසින් කිසිසේත්ම තේරුම්ගෙන නැත. මේ සියල්ල පසෙකලා දරුස්මාන් කමිටු වාර්තාව මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් වැරදි සහගත ප්‍රතිරූපයක් මවාපෑමට බෑන්කී මූන් සහ ඔහුගේ ත්‍රිපුද්ගල කමිටුව උත්සාහ ගෙන ඇත, අභිමානවත් ශ්‍රී ලාංකිකයෝ වන අපි මෙම අසාධාරනයට එරෙහිව නැගී සිටිමු.