Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

02 May 2011

මීදුම් වැස්සේ...................

මීදුම් වැස්සේ සීතල උදයේ
පිණි බිඳු අතරින් ඔබෙ රුව දුටුවේ
දෙපා නගද්දී මාවත ඔස්සේ
නෙතු විහඟුන් මා යයි ඔබ පස්සේ
අනුරාගයෙන් බලා ඔබ පෑ සුපෙම් සිනා
සිහිනෙන් දකී සදා නිදි යහනේ මා
මා උමතු වෙලා 

ඔබ නද මා කන් පිනවන්නේ
මා අවදි කරනා රිද්මයයි
ආදරයෙන් මුලු සිත ගත්තේ
කුල්මත්වී සිත් අහසේ සැරිසරයි
දෙතොලෙන් මිදී සුසුමන් ඇදී
සවනේ ඇඳී රාවේ ඇදී
හොර රහස් කියන්නෙ සවනට කොඳුරන්නේ
තොල් පෙති මුමුණන්නේ මා ආදරියේ
මා උමතුවෙලා........................

No comments:

Post a Comment