Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

31 May 2011

කියන්නට බැරි තරම් ...............

කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං
දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම්
සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම් ඔබට දැනෙනවා නම්.
මා සොයා යළි ඇවිත් සිපගන්නකෝ මා දෙතොල්

මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කඳුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ

ඔබ ඇයි අන්සතු උනේ ඔබ ඇයි මා හැරගියේ
පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඇති තෙක් මේ භවේ ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ රුව සදා ඇඳී තිබේ................

No comments:

Post a Comment