Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

12 May 2011

සුපෙම් සුවදක් අරන්...................

සුපෙම් සුවදක් අරන් ඇවිත් සුළගක් ලෙසින්
සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජිවිතේ
සිනා අහුරක් අරන්  නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජිවීතේ........

පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
හිදින්නම් සෑමදා ළගින් මියෙනා තුරා
ඔබේ සෙවණට වෙලා දෙපා මුල දැවටිලා
රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා....

ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
පිරි සිත සැනසුනා හදේ සෙනෙහස නිසා
ගතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ පුරා
හිතේ නැවතුනු නිසා මමත් ඔබගෙයි සදා...

No comments:

Post a Comment