Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

25 May 2011

ඔයාගෙ ආදරේ...............

ඔයාගෙ ආදරේ කැඩිල විසිරිලා ගිහින් ගොඩාක් කල්
සුන් බුන් ටික ආයෙත් එකතු කලේ
සත් මහල් ප්‍රාසාදයක් හදන්න නම් නෙමේ
පුංචි සුළගකටත් කැඩෙයි කියල දැනගෙන හිටිය ඒ පැළ
නමුත් බලාපොරොත්තු වුනා මම
ඉස්සර තරම් නොවුනත්....... ටිකක් හරි සතුට සැනසීම
අඩුම තරමින් බැරි වුනා
කට්ට සීතලට පුංචි උණුසුමක් වත් වෙන්න
ගහක් කොලක් වත් නොසෙල් වෙන
පාළු මූසල කර්කශ දවසක
කටින් පිබල කඩල දැම්ම මම ආදර පැල්පත,
ආයෙ රොඩ්ඩක් වත් ඉතුරු නොවෙන්නම.......

No comments:

Post a Comment