Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

26 May 2011

මා නෙත සනසන ඔය රුව තරමට....................

මා නෙත සනසන ඔය රුව තරමට
මා සිත සනසන ඔය සිත තරමට
ආදරේ ඉතිරෙන ඔය ඇස්‌ තරමට
නෑ ලොව කිසිවක්‌ සොයාගන්න තව........
පුද දී සෙනෙහස අහසක්‌ තරමට
හැඩ කර මගේ ලොව නොසිතූ විලසට
හීන අරන් විත් නිල් තරු ගානට
ඉර හඳ වී ඔබ මගේ සිත් අහසට........
ලෝකය දකින්න ඔබේ දෑසින් මට
බොහෝ දුක්‌ නිව්න්න ඔබේ පහසින් මට
දිවියම ගෙවන්න ඔබේ සෙවණ යට
රත්තරනේ සැමදා ඉඩ දෙනවද........
ලඟින් ඉදින්නම් සැමදා ..................

1 comment: