Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

02 May 2011

සිනා පිපෙනා...................

සිනා පිපෙනා මේ වසන්තය
නෙලාගෙන දෝතින්..මලක් සේ..
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී.. ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ..

නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්

නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනි වෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනනෙමි
තැනක සඟවමි හද සෙනේ සුසුමින්..............

No comments:

Post a Comment