Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

20 May 2011

කඳුළ ඉතිං සමාවෙයන්....................

කඳුළ ඉතිං සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න . . .

කළු වලාව නැගෙන්නෙපා
ගඟට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොලවේ
ගොම හේදෙයි අලුත් පිටම . . .

කන්ද කපා හඳ පායා
සඳ රැස් යහනට වඩින්න
සඳ එළියෙන් නැගෙයි ගතේ
පිපි ගෝමර මල් දකින්න . . .

මල් දෙවැටේ වතු සුදු මල්
පිපේවි ඈ පිලිගන්නට
උකුල් තලා ඔමරි සිනා
මතුවෙයි මල් පරදන්නට . . ..................

No comments:

Post a Comment