Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

20 May 2011

මට සමාවෙන්න..................

මට සමාවෙන්න මගෙ රත්තරනේ වරක් නොවේ
සිය දහස් වාරයක්
රත්තරනේ එදා මම ඔයා එක්ක රන්ඩු කලේ
ඔයාට ආදරේ බිංදුවක් වත් අඩුවෙලා නෙමේ මගේ දුක වැඩි කමට
ඔයාගෙ ආදරේ අයිතිකාරි වෙන කෙනෙක් කියල දැනුනම
මට මාව අමතක වුනා
මගේ තිබුන මෝඩ කමට මට ඕන වුනේ
මගෙ හිත රිදුන තරම කොච්චරක්ද කියල ඔයාට දන්වන්න විතරයි
ඔයාගෙ හිත ගොඩාක් රිදුන කියල මම දන්නව මම කියපු හැම වචනයකින්ම
ඔයා මට සමාව දුන්නත් මට දරා ගන්න බෑ මේදුක
ඔයාගෙ අතේ වරදක් නෑ
ඔයාගේ ජීවිතයම දුන්න මට ඒත් ඔයාගෙ දෝතට දරු පැටියෙක් දෙන්න වාසනව නෑ මට
තනි කරන්න බෑ ඔයාව මම නිසා
උදුර ගන්න බෑ සතුට ඔයාගෙ කවදාවත් මට
ඒ තරමට ආදරෙයි මම ඔයාට
ඉතින් දෙපා වැද අවසරයි සමුගන්න
එපා දුක්වෙන්න කිසිවිටක සුපුරුදු ඔයාගෙ හිනාව තියා ගන්න හැමදාටම
නොවැරදීම එනව කියන පොරොන්දුව ඇතුවයි මම යන්නෙ
ඒත් ඔයාගෙ තුරුළට නම් නෙමේ.... ඔයාගෙ දොරකඩට ..යමක් ඉල්ලගෙන
දෙනව නේද?
එදා මුල් බත් කට නොදුන්නොත් රන්ඩු කරන ඔයාගෙ දගකාරිට
හිනාවෙලා බත් කවපු ඔය රත්තරන් අතදෙකින්
දන්පිඩක් බෙදනව නේද? එදාට මගෙ පාත්තරේට
 
 ( මුල් අයිතිකරු සතුය )

No comments:

Post a Comment