Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

12 May 2011

හිරු නොවුනත් හිරුම වගෙයි...........................

හිරු නොවුනත් හිරුම වගෙයි
සද නොවුනත් සදම වගෙයි
තරු නොවුනත් තරුම වගෙයි
මගෙ නොවුනත් මගෙම වගෙයි....

උදේ හවා අදුනක් සේ දෑසේ ඇදෙනවා
අපට හොරා හමුවන ඇස් කතා කරනවා
කතාසරිත් සාගරයක් මෙසේ මැවෙනවා
මගෙත් නොවී මගේ සිතට මිහිර ගෙනෙනවා....

කියාගන්න බැරි කවියක් මුවග තියෙනවා
වචන නැතත් කවියෙ අරුත මට වැටහෙනවා
ලගින් ඉදන් කියවන්නට සිත නලියනවා
ලොවම බලා සිටින නිසා පා පැකිලෙනවා................

No comments:

Post a Comment