Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

09 June 2011

පිණි වැටී මල් පිපෙනා....................

පිණි වැටී මල් පිපෙනා මහ පොළොවේ
අත් අල්ලාගෙන ඇවිදින්නට සංසාරේ
බලා ඉන්නවා තව දවසක් එනතුරා
පියාණනි මං ඔබේ ආදර දෝණි

සීතල පින්නක සඳ එළියෙන් නාවා
මල් පෙති රැඳිලා මල් කුමරියවීලා
සඳ ළඟ තරුවක්වී දිලිහෙන්නම් මා
ඔබ තුරුලේ තරු එලියක්වීලා
සුවඳ හමයි සුදු මල් පිපිලා
කඳුලු සලා පොළොවේ තනිවීලා....................

මගෙ ආදරියේ.....................

මගෙ ආදරියේ
කඳුලින් වෙලි හද ඇයි පෑරුවේ
අඳුරු ලොව මැවුනේ
යම් දිනක් ආයේ නෑ වගේ
සොඳුරිය මාගේ
යළි රැඳුනේ මගෙ සිත් පුරා
එන්න ඔබ රහසේ
කඳුළු ගඟුලයි මේ ජීවිතේ
සිත්තමයි මාගේ

රිදුම් දෙන්න හදවත් පාරා
දුරින් උන්නා මායා පාලා
මතක් වෙද්දි රිදුමන් ආවා
හිතක් ඇත්ද තෝරා කීවා
හවස් වෙද්දි කඳුලක් ආවා
දුකින් ඉන්න සීමා දාලා
සුසුම් එක්ක ඉන්නම් නාඬා
මතකය තෝරා......................

තනි වෙන්නට මගේ ලොවේ .......................

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රැගෙන යන්න සොදුරියේ ඔබේ සුවද මා ලගින්

සිවු වසරක පෙම් ගීතය ගොළුවෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැලදුවාදෝ

මායාවකි ප්‍රේමය මා හදවත් රිද වුයේ
සෝ ගීයකි දුක් බර වු සැනසුම කොහිවේදෝ...........................

ඇරයුම් පතක්..........................

ඇරයුම් පතක් මා සුරතේ තනි වී කඳුලින් තෙමිලා බොදවෙනවා
මා පෙම් කල ඔබ හෙට වන් දවසක ඔහුගේ අතගෙන වෙන්වෙනවා
මේ ඇරයුම් පත මා හට පවරා
මා හා තනියෙම වැලපෙනවා..

දුරස් වුනත් ඔබ හෙටින් මගේ ලග සැමද සිටින බව දනිමී
කදුළු මැදින් මට ගෙනෙන වීයෝ දුක ඔබටත් කදුලක් බව දනිමි

පෙම්වතියකි ඔබ හෙටත් මගේ ලග ලස්සන හීනෙක රැදෙනු ඇතී
වෙන් වී යනමුත් මගේ ලොවෙන් මබ වෙන්නව ගියේ නැ ලගින් හිදි.............

මගෙ කඳුලින්........................

මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ...
ඔහු සමඟින් ඔබ...
මන්දහාසින් යන ගමනේ...
මගේ යුග නෙතු...
ඔබට හිරු සඳු වේවා...!

වාසනාවන්...
අහිමි පෙම්වතියේ...
නිමල පෙම් චේතනාවෙන්...
නිහඬ වූ වේදනාවෙන්...
අහිංසක මා හෙලන සුසුම්...
ඔබට පවනක් වේවා...!

පාළු කුටියේ...
මා පරාජිතවී...
නිදා නොනිදා හිඳින රෑ...
සිහිනයෙන් හෝ පෙනේවා...
ඔබේ සෙනෙහේ නිවුනු පහන්...
නොනිමි පහනක් වීලා......................

මල් පෙරහැර එන්නා සේ හිදිමී................

මල් පෙරහැර එන්නා සේ හිදිමී
ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමී
ගැල් පෙරහැර යන්නා සේ නිදමී
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමී

ඒ දුක නිමක් නැතී
එනමුදු කමක් නැතී
යළි හිත හදා ගමී
සදහට පතා එමී
හඹා එමී
සදා ඔබම පතමී

නිල් තරු බිම වැටිලා සේ දුටිමී
ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
නිල් එළි පෙළ දැවෙනා සේ.........................

මට හීනයක් වෙලා..................

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ

රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්‍රියේ
චංචලයි වගේ ඔබේ සිත කොයිද පා වුනේ
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ......

තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ
ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ...........................

මල හිරු බසිනා සෑන්දෑ යාමේ......................

මල හිරු බසිනා සෑන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්
අදුරට ඉඩ දී අදුරේ සෑගවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්.....

නිදි නෑති යාමේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිදිනා වේලේ
සුලගේ දෑවටී ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්
සියුමෑලි දෑතින් ඔබ හිස අත ගා
ඔබ නිදි කරවා මම යන්නම්..................

අදුරට ඉඩදී අදුරේ සෑගවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්................

පෙරදා මහ රෑ.......................

පෙරදා මහ රෑ මා සිහිලෑල් උරමඩලේ
මුහුන හොවගෙන ලසොවින් වෑලපුන
ඔබේ විඩාබර නෙතින් ගලා ගිය
කදුලක කෑලලක් ඉතිරි වෙලා....

උර හිස තෑවරී වියලුනු කදුලෙන්
ඔබගේ සුනරුත් පෑතුමක ගිනි ඈත
සදා දෑවෙන්නෙමි ඒ ගින්නෙන්.....

ඔබ හට පෙම්කල යුගය නිමාකර
වෙන්වී යන්නට දවස පෑමින ඈත
සමාව දෙනු මට සෙනෙහෙ සිතින්.......................

06 June 2011

ගගට ඉවුරක්‌ සේ ..............................

ගගට ඉවුරක්‌ සේ
රැක ගන්නම්
කෙතට නියරක්‌ සේ
ලග ඉන්නම්
වැයෙන වස්‌ ඩදු රාවය වෙන්නම්
හමා එන සුළගේ

ලියනා කවි පෙළට
එළි වැට වෙන්නම්
සිතුවම අදිනා
තෙලි තුඩ වෙන්නම්
රැදී හද පතුලේ

සිතට අරමුණ සේ දිස්‌ වෙන්නම්
හදට අදිටන වී දිරි දෙන්නම්
අනාගතයට පෙර මග වෙන්නම්
දෙපා යට වැතීරී............................

මේ වහින්නේ එදා මල් වරුසාවමයි..............

මේ වහින්නේ එදා මල් වරුසාවමයි
මහලු නොවනා පෙම්වතුන්ගෙ
සොදුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවමයි......

ජිවිතේ දෝතින් දරා අපි
එදා පෙම්බස් මිමිනුවේ
සිරිපොදේ සීතලෙන් අවදිව
ජිවිතේමයි හිනෑහුනේ.....

එදා මල් වරුසාවමයි මේ
මුවාවක් ඈයි සොයන්නේ
එක වහල යට එකතුවුදා
එක කුඩේ ඈයි මදි වුනේ....................

ඇය හද ගැස්මේ සඟවා................

ඇය හද ගැස්මේ සඟවා..
සිහිනයකට පෙම් කරලා..
දුක විතරක් තුරුලු කරන්..
ඔහු යනවා ඈ සොයලා...

නුඹ වේ..මා හිමි කාරියේ..
නුඹ වේ...මා පැතු ලෝකයේ..
නුඹ වේ..මා දුටු සිහිනයේ..
නුඹ වේ ..මගෙ මුලු ජීවිතේ...

ඔය දෙතොලෙ ආදරෙන්.. සිප ගන්න දැවටෙන්න..
පැහැදුල් නුවන් සඟලේ..මට ඉන්න ඉඩ දෙන්න..
සියපතක පෙති අතරේ.. දැනෙන සුව විඳ ගන්න..
කවදාද ඔබ එන්නේ...මගෙ හිතට සැනහෙන්න.....................

අකීකරු ද ඔබේ සිතත් .....................

අකීකරු ද ඔබේ සිතත්
වෙරළේ පෙරලෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත්
හමනා සැඩ සුළඟක් වාගේ
ඒ සුළඟේ පාව යන්න
වළා රොදක් සේ නැගෙන්න .......

සුළඟ සැරෙන් හමනා විට
ගිනි දැල් තව තව ඇවිලේවී
ඒ ගිනිදැල් නිවාලන්න
ඒ සුළඟම විවරණ දේවී .......

වෙරළේ රළ සැඩ වූවොත්
ඔරු කඳ කණ පිට පෙරළේවී
නිසල වුනොත් ඒ දිය කඳ
සුවසේ අප මෙගොඩ කරාවී .......

මා සඳට කැමති බව.......................

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කරා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කරා නටුවෙන්..

නොයිඳුල් තොල් පෙති අතරින්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කදුලැලි ගෙනාව..

එක්ටැම් ගෙයි සිරගත කර
සමනලියක අනාත
ජිවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව...............

තරු අත් අකුරින් ලියා එවමි.....................

තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම්පත...
ඔබේ සෙවණ පමනි මිහිපිට
ඇති එකම සම්පත...

මද පවන මොට ද ඔබේ සුවඳ මුසු වී නැත්නම්
සඳකිරණ මොට ද ඔබ මගේ තනියට ළග නැත්නම්
හෙළිකරමි මගේ ළග ඇති ආදරයේ වත්කම්
පැල්පත ද මට හොඳයි මිහිරියේ එක හිත ඇත්නම්....

කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම ප්‍රියකතේ
කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ
ඇඳිරියෙ ද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
එනු මැනවි රස බලමු සෙවණක එකම පැල්පතේ..................

අහන් ඉන්න අහගෙන ඉන්න....................

අහන් ඉන්න අහගෙන ඉන්න
මගේ හිත මොනවද මුමුනනවා

යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කොඩුකාර මල් රේනූ අගින්
සුවද බෙදනවා ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා.........

මෙ ඉර හද යට හමුවී....................

මෙ ඉර හද යට හමුවී
ආදරයෙන් කතා කරපු අය
සෙනෙ වඩපු අය
ළග පාතකවත් නැ..
මෙ ඉර හද යට හමුවී...

අද නුඹ කේතැනද
අද මා කේතැනද
දන්නෙ නෑ නුඹ මටත් හේරා
ජීවන මහා මග සටන් වැදී ඇත
නාදුනනා පෙමිවතුන් වෙලා...

දැන හදුනාගත් කාලෙ ඉදලා..
ලබැදි දයාවෙන් සිටිය නිසා..
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කදුලක් ඉතිරි වෙලා.....................

හෙමින් සැරේ පියා විදා.................

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින

නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් ම හද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ...................

එපා යලි හමුවන්න...................

එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න

සන්සාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහස
ගලායයි අතීතේ මියඇදුනු සොහොන ලග

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවද
මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත
සන්සාරයේ යලිදු නවාතැන් සොයායන
මගේ මලගම දාට ඇවිත් යන්නට එන්න.........................

ආදරේ කරපු සිත අන්සතු වුනායින් පසු .....................

ආදරේ කරපු සිත අන්සතු වුනායින් පසු
නිමාවුනත් කම් නෑ ජීවිතේ මා පැතූ
දුක දරාගන්න බැරි වේදැයි සිතේ මින්මතූ
මම කවදාවත් හැඩෙවුවෙ නෑ තාරකානෙතූ

මගෙ වැලපෙන නෙතු අද්දර සිනහ පුබුදුවන්
මට දුන් අත වෙන කෙනෙකුට දුන්නෙ ඇයි හොරෙන්
ඈත් වෙන්නෙ කෙලෙසද මේ වේදනා දැලෙන්
කොයි අත බැලුවත් පෙනෙන්නෙ ඔයයි රත්තරං

ආදරේ කරපු සිත අන්සතු වුනායින් පසු

ඔබ කෝල බැලුම් දුන් නෙතගින් කදුල මට තියා
ආදරේ කරපු සිත තනිකර ඈත ඔබ ගියා
විරහ ගින්න ඇවිලෙන හද මඩල ගිනිතියා
ගියත් පතමි ඔබ හට වාසනාවන් කියා.................

මේ ඉරහඳ යට හමු වී..................

මේ ඉරහඳ යට හමු වී
ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ

අද නුඹ කොතැන ද අද මා කොතැන ද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මඟ සටන් වැදී අත
නාඳුනනා පෙම්වතුන් වෙලා

දැන හඳුනාගත් කාලයෙ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙළන්නට
හෙටටත් කඳුළක් ඉතිරි වෙලා..........................

බොහෝ දුර නැතයි................

බොහෝ දුර නැතයි
නොකිව හැකි
මෙතෙක් පැමිණි දිවි ගමනේ
නොසිතූ ලෙස
සිත සසල කල
දයාබර ඔබටයි...
හෙටක් ගැන දෑස් දල්වා
මම බලා ඉදින්නෙමි
ඔබේ ලොව
කිරුලු දරන්නට නොව
වෙනත් බොහෝ දෑ මෙන්
මතකයෙන් නොගිලිහෙන
මා සිත සසල කල
ඔබට...
සදාකාලික වූ
නිහඩ සෙනෙහසක් වන්නට..............

අතීතයෙ ලග උන්න................

අතීතයෙ ලග උන්න
ඒ දෙනෙත් දැක ගන්න
දින ගමිනි මම
මතක පිටු අතර මැද..

දෙවසරක අතීතය
ගලා යන ජීවිතය
සියලු දෙය අතීතෙට
එක් කලා..

මා නුබෙන් ලැබු සෙනෙහෙ
මහමෙරක වූ මිතුදම
සෙනෙහෙ සිත් රැකවරනේ
අනෙ අද මවෙත තිබුනා නම්.......................

රාත්‍රිය වී ......................

රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
බියද දැනෙ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමිසදුනේ. . . .
රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්

පතා පැමිණි සුරපුරවර
වෙලා ගැනුනි ගණ කලුවර
දෑස පුරා දුටු සිනා කවට කෙලි
කදුලු කතාවක කෙලවර
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර

කලා සොළස පිරි පුර හද
අතැර ගොසිනි සිය පිය බද
පියා දෙඩු මෘදු වදන් අසන්නට
බලා හිදි සිත පිලිසිද
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර...................

හද සැලෙනා............................

හද සැලෙනා නා දල්ලයි,ඔබ සීතල සුලඟයි,
හද ගලනා දිය ඇල්ලයි, ඔබ සාගර යහනයි,
ඔබමය සතුටද ඔබමය කදුළ ද ඔබමය ලොවම මගේ...

ඔබමය දියවර තාපය නිමකල
මා දිවි උයන දැවු
ඔබමය පණනල සුරකින නල වැල
ඔබමය මිහිමත සැනසුම සහනය
මා.. දිවියේ පිවිතුරු සිහිනය

ඔබමය දිනකර මාවත ගනඳුර
බිදහැර එළිය මැවු
ඔබමය ඉසිවර බිඳි හද සුව කල
ඔබමය සිත නිති අයදින දෙව් රුව
ආ..දරයේ පිවිතුරු සිහිනය

හද සැලෙනා නා දල්ලයි...............

ළඟ නැති බව දැනෙනවා...............

ළඟ නැති බව දැනෙනවා..
එනමුත් හද අහනවා..
ඔබ ඒවිදෝ කවදා හෝ..
ඔබ මගෙමයි හැඟෙනවා..
ආදරෙ තව රැඳෙනවා..
ඔබ ඒවිදෝ කවදා හෝ..

හුදෙකලාව මේ සිත හඬවනවා..
සැමදා ජීවිතයේ තනිවේදැයි සිතෙනවා..
ඔබගෙන් ලද උනුසුම මට දැනෙනවා..
තනිකම මාගේ ඉගිලී යනවා..

නෙතු පියාන ඔබෙ රුව මවනවා..
හීනෙන් ඇවිත් මා දෑස සිඹිනවා..
ඔබගේ සුසුම් මට තව දැනෙනවා..
ඔබ දන්නෙ නෑ ආදරෙ තව ගලනවා.............

04 June 2011

බරයි මසිතට තනිකම................................

තනිකම මෙ සා දුකදැයි
නොදැන සිටියෙමි මින් පෙර
සිත හඬා වැටෙනා විට
අනේ........... නුඹවත් සිටීනම්......
මගේ සිත ළඟ තනියට
අනේ නුඹ ළඟ සිටීනම්.........

තාරුකා එළි රැයකට
සැලෙන ගානේ මගෙ සිත
සොයයි නුඹෙ හුරු සුවඳම
හිමිසඳුනි ඔබ කොයිබද
බරයි මසිතට තනිකම
දරගත හැකිනම් නැත

නෙත් කොනක රැඳි කඳුලක
සීත මුසුකොට සුළඟට
බලා ඉමි නෙතු හැරගෙන
සත්තකින්.......... නුඹ එනවද........
එපා....... මට මේ තනිකම
සත්තකින්.......... නුඹ එනවද........


(අදහස: රන්දිමා )

02 June 2011

Broken Angel


Pure Love

ඔබෙ දෙතොල් පෙති......................

ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක්‌ ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරිසරන තෙක්‌ ඔබ මගේ ඔබ මගේ

නා ගසක්‌ දළු දමා වසන්තය එලඹිලා
මද පවන් රැලි වැදී සැලෙනවිට කැලඹිලා
මට බලා ඉන්න බෑ ඔබෙ දෙතොල් පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ.......................

මගෙ ජීවිතේම ඔබ නම්...............

මගෙ ජීවිතේම ඔබ නම්
ඔබෙ ජීවිතේම මා නම්
මේ ආදරේ පුදන්නම්
සැමදා ළඟින් රැඳෙන්නම් ........

හිත් යායට පිණි වැටීලා
ආදරයේ කුසුම් පිපිලා
ඒ කුසුම් සුවඳ දැනිලා
හදවතම උමතු වෙනවා
නිදි දෙව්දුව නැහැ එන්නේ
ඔබෙ රුවයි නෙතු දකින්නේ
උපදිනා හැඟුම් ළමැදේ
කොහොමදෝ දරා ගන්නේ .......

මට කඳුළු උරුම කරලා
ඔබ එන්න එපා මිදිලා
මියැදුනත් ඔබව හැරදා
මම නොයමි ඉතින් කිසි දා .......

මල් මල් හිනා ඔබේ මුවේ.....................

මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවද මැවේ
ඒ මල් විලේ ඔබ මගේ
හද පෙම් මල් විකසිත වේ

තාරකා සද පායලා විත්
එලිය දේ මේ රැයේ
ඔබ මගේ සද තාරකාවි
එන්න පායලා

තාරකා සද පායලා විත්
එන්න මහදේ වෙලී
ඔබ මගේ මිහිරාවියක වී
එන්න සැමකල්හී.........................

මට හිතාගන්න බැරි තරමට .................

මට හිතාගන්න බැරි තරමට ඔබ දුරස්‌ වෙලා
මට දරාගන්න බැහැ නෙතු අග කදුලු බොද වෙලා
ඇස්‌ පියලි අගින් ඉගිකර මට ආදරෙයි කියා
යන්නටම හදයි ඒ මතකය මට ලියා තියා

රෑ අහස්‌ කොනේ සද තනියෙන් මුදුනටම වෙලා
ලග උන්නු තරුව නෑ කොහෙදෝ ගිහින් සැගවිලා
ඉස්‌සරම දිනෙක ඔබ දුන් හාදුව මතක්‌ වෙලා
අද මටත් නොදැන උණු කදුලින් දෙනෙත බොද වෙලා

ආදර කවියේ පද එකිනෙක අමුණලා ඔයා
ඒ සිහින කවේ අරුත සැනින් ඔබ වෙනස්‌ කලා
මා නොදැක දිනෙක ඔබ හැදුවේ සුසුම් හෙල හෙලා
ඒ එවන් සොදුරු ආදරයක්‌ අද වෙනස්‌ වෙලා.......................

ඔබේ මල් ගොමුවෙන් ........................

ඔබේ මල් ගොමුවෙන් මම පිටව යන්නම්
තනි මලක් වී තනි ගසක යළි පිපෙන්නම්
දෙවැනි වරටත් මල් පිපෙන බව ඔබට පහදන්නම්
ලොවට පහදන්නම්

මල් ඔබෙන් ලද සියළු දඬුවම් ලොවක් දන්නේ නෑ
මල් ගොමුව මත මල් පිපෙන තුරු ඔබට ඉවසුම් නෑ
මල් හඬන්නේ නෑ
ඔබත් දඬුවම් ලබන තුරු මල් හඬන්නේ නම් නෑ
මල් හඬන්නේ නෑ..................

ඔබ පිපුණා මගෙ නෙත් රිදෙන මානෙ‍..........

ඔබ පිපුණා මගෙ නෙත් රිදෙන මානෙ‍
ඔබ සැලුනා මගෙ සුසුමි වැල් ගානෙ
ඔබ දිලුනා මෙ තරු වැරූ අහසෙ
ඔබ රැදුනා සේදුරු සිහිනයෙ

ආදරෙ මං මෙ දකින සිහිනෙට
හතරවට මල් පිපෙන මෙ සිහිනෙට
නෙලා ඒ මල් සිහිනෙ මෙ සිහිනෙට
මටම මා රැවෙටෙනා සිහිනෙට

ඇසෙන්නෙ ඔබ මුමුනනා වදනුයි
දැනෙන්නෙ මෙ ඔබ ඒවු මද පවනයි
වෙලෙන්නෙ මා වටා ඔබෙ දෑතයි
සැලෙන්නෙ සිත අවදිවෙ යැයි බියටයි...............

ඔබට තියෙන ආදරේ.............

ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ..
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ..
සසර සරණ තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ ..
ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ ..

කල්ප ගණන් පෙරුම් පුරා
සොයා අවේ මා..
කල්ප ගණන් පෙරුම් පුරා
සොයා අවේ මා

වැටෙන වැටෙන හැම කදුලම
උරුම මට නිසා.... විදිමි මම සදා

වැටෙන වැටෙන හැම කදුලම
උරුම මට නිසා.... විදිමි මම සදා

හීන ඇතත් හීන් සැරේ
තියාගත්තේ මා..
හීන ඇතත් හීන් සැරේ
තියාගත්තේ මා..

රිදෙන රිදෙන හැම මොහොතම ...
මටම හුරු නිසා... ඉදිමි නෙතු වසා...
මටම හුරු නිසා.... ඉදිමි නෙතු වසා....................

මගෙ ජීවිතේ...

මගෙ ජීවිතේ...
සතුට රැදී තිබුනේ තව කෙනෙකුන්ගේ
නෙත් සගලේ, හසරැල්ලේ
සිතුවේ නෑ... දැනුනේ නෑ...
ඔබ දකින තුරා...
......
සුන්දරයි සිතූ සියළුම දෙයට වඩා
සුන්දරයි ඔබ...
අහිංසකයි කී හැමදේකටම වඩා
අහිංසකයි ඔබ...
මටම හිමි වෙලා......... මා ලග ඉන්න සදා...

අස්ථිරයි සිතූ සියළු දෙයම බොරු වී
ස්ථිරයි ඔබ...
කවි සිතකැයි කී මගේ සිත පාළු මැකී
හිනැහෙනවා ඔබ...
මටම හිමි වෙලා.......... මා ලග ඉන්න සදා..............

01 June 2011

නිල් අහස තරම් ආදරේ අරන්................

නිල් අහස තරම් ආදරේ අරන්,
ඔබේ නිල් ඇස් දෙකේ හංගලා...
ඇසිපිය නොසලන් සිප ගන්න එමින්,
සඳ වතුර සඳ දිගේ ගලනවා...
මට ආදරේ හැගෙනවා...
මට ආදරේ හැගෙනවා

මල් සුවඳ තරම් ආදරේ අරන්,
මගේ සිත ළග නතර වෙලා...
පෙම් බඹර තුඩින් මුවරද සැලෙමින්,
විල් තෙරේ මල් සුවඳ ගලනවා...
මට ආදරේ හැගෙනවා...
මට ආදරේ හැගෙනවා................

අදුර ගලා යන හෝරාවේ................

අදුර ගලා යන හෝරාවේ
සදවත පිදෙන මෙ යාමෙ..
මුව අග විකසිත උණුසුමි හැගුමන්
ඔබට කියන්නයි මම ආවෙ..

මා හද හැගුමන් ඔබට කියනවාද
රහසින් කේදුරාලා..
ප්‍රෙමයෙ ගී පද සුලගට මුසුකේට
ඉමු අපි හිනැහීලා..
සුන්දර ඒ සිහීන ඔබෙ..
පුබුදමි සෙනෙහෙ වඩා

රන්වන් පාටින් දිලිසෙන අහසට
යමු අපි පියබලා..
ඔබ රුව දුටු ඒ පින්බර සදවත
යයි අර පාවීලා..
ආදරයත් තරු වැල් වී
මුතු කැට වැහි වැහැලා...............

සමනල වැව පුරවන්නට..................

සමනල වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර
දෙහෙදක් අද වෙන්ව ගිහින්....
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා...
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා...

පහන් තරුව පායාවිත්
ඔබ එන බව පවසන විට
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා....
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා...
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා...

පෙරදින අපි හමු වූ තැන
නටබුන් පමණකි කඳුලක
කඳු අතරේ වළාරොදක
ඔබ සැඟවීලා....
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා...
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා..................

රොන් සුවඳ දෙන..................

රොන් සුවඳ දෙන මල් පියලි මත
පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත
මත් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි
ආදරේ එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොඳුරුද මිහිරේ

මල් වයසේ නිදි නැති ඇස් පියන් යට
ආල හැඟුම් පිබිදේ උස් පැතුමකට
හිරිමල් සිතිවිලි කළතා
රත්තරනේ ඔබ සිත තුල රහසේ

මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද
නිකැලැල් පැතුමක සැඟවී
රත්තරනේ ඔබ හිටි හැටි මනසේ.....................

නුඹේ සුවඳ විඳගන්න...................

නුඹේ සුවඳ විඳගන්න සිහිනෙන් පවා
මම පින් කලාවත් ද සසරේ පුරා
මගේ ප්‍රථම ආදරය පවුරක් වෙලා
හිනැහෙන්නේ මම සෙනෙහෙ දෝතින් දරා...
මම මයි සදා කල්ම නුඹේ පෙම්වතා...

මුණගහුන දා පලමු පෙරුමන් පුරා
නුඹ උන්නේ මගේ දෙනෙත විතරක් බලා
අද ඉන්නවා මගෙම තුරුලට විතරක් වෙලා
අගරැජින නුඹ මගෙම විතරක් වෙලා...
අගරැජින නුඹ මගෙම විතරක් වෙලා...

නෙතුමෙන් ම එක වහල යටදී අපේ
හැගුමන් පිපී හිනැහිලා ජීවිතේ
නෑ සිහිනයක් වූයේ අපේ ආදරේ
අද යන්නේ අපි සතුටු මල් මාවතේ....
අද යන්නේ අපි සතුටු මල් මාවතේ..................

හීනයක්ද මේ.................

හීනයක්ද මේ නිල්මැණික් දෑස ලංවෙලා
නෑ ඉතින් අනේ ප්‍රේමයත් ගීතයක් වෙලා
සාගරෙත් දනී ආදරෙත් මේදයක් උනා
සත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් උනා

දොරෙගලා යන කදුළු ගංගා සිදී
දෑස් මායිමේ ඔබේ රුව මත මල් පිපී
කාලෙකින් කියාදුන් මේක සෝදුක් නිවී
පිරු අහසෙතරු මල දැන් ඇත විකසිතවී
මා සුපෙම් ප්‍රියාවියේ මේ පන නලත් ඔබේ

මගේ ලයේ ඔබේ සුසුම් රෑනක් එතී
කීව දොම්නස් ගීතගොනක් හඩාවැටේ
සිනාගෙන ඔය දෑස් කැල්මෙන් මිදී
කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී
මා සුපෙම් ප්‍රියාවියේ මේ හදවතත් ඔබේ.....................

සුදු පාට මල් වැටුණ...............

සුදු පාට මල් වැටුණ
රතුපාට රැලි ගවුම
අපෙ බාලේ සිහිවෙයි නගේ
ගැටපිච්ච මල් මාල ගෙල පලදවාලන්න
මට තාම අසයි නගේ
හිත ගාව හිර වෙච්ච
ආදරේ කියා ගන්න
තව කෝඩු කාරයි වගේ

වැහි දාට කඩදාසි ඔරු හැදුවා මන්
වැහි ලිහිණෛයෝ වැහි අරන්
දුර ඈත ගෙනිහිල්ලා දැන්මම ඉතින්
කඩදාසි ඔරු තනි වුනා
වැහි නැතිව මග තනි වුනා

එන දාට ගම පැත්තේ මට ලීවොතින්
මුතු අකුරෙන් පිටුවක්‌ පුරා
බද්ඩ වැටිය ලිද ගාව මම ඉන්නවා
දැක ගන්න මගේ නෙත් පුරා
හද ආදරෙන් උතුරලා................

හිනා වෙන්න බැරි තරමට..................

හිනා වෙන්න බැරි තරමට
හඩා ගන්න බැරි තරමට
නුබේ නමින් මගේ හිතේ
තැනූ මාලිගා තැනූ මාලිගා
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම
නුබේ නමින් මගේ හිතේ මැවෙනා ගීතිකා
මැවෙනා ගීතිකා

දෙතොල නම් ගොලුයි
මුව කමල මල් සමයි
හිතට නෙතට සුවද ගෙන තියා
නුබ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කලා

අහස නම් දුරයි
සද නේන බව සැබැයි සදට රැයට තරු වලට හඩා
නුබ නොකියා ගිහින් මගේ පාලු ලොවම බොද කලා......................

වස්සානයට අත වනලා..............

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී
හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලටම වී
ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
සංසාරයම මම නුඹ කීමි
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී

වැට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගෙම වී
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරන්
මං ආවොත්ද නුඹ මට හිමි...................
.

නා මල් ආයේ පිපුනාවේ...............

නා මල් ආයේ පිපුනාවේ
නෑ මං ආයේ විමසන්නේ
ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරිවූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතින් දෙහද වෙන්වූ නිසා
නා මල් ආයේ පිපුනාවේ
නෑ මං ආයේ විමසන්නේ

සිත ගත දෙක සනසාලා
මගෙන් වෙන්වීලා කෙනෙක් සනසාලා
මගෙ පාමුල වැඳවැටිලා
ඔබ කීවත් නෑ කියලා
නෑ මං ආයේ පිළිගන්නේ
නා මල් ආයේ පිපුනාවේ.......................