Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

04 June 2011

බරයි මසිතට තනිකම................................

තනිකම මෙ සා දුකදැයි
නොදැන සිටියෙමි මින් පෙර
සිත හඬා වැටෙනා විට
අනේ........... නුඹවත් සිටීනම්......
මගේ සිත ළඟ තනියට
අනේ නුඹ ළඟ සිටීනම්.........

තාරුකා එළි රැයකට
සැලෙන ගානේ මගෙ සිත
සොයයි නුඹෙ හුරු සුවඳම
හිමිසඳුනි ඔබ කොයිබද
බරයි මසිතට තනිකම
දරගත හැකිනම් නැත

නෙත් කොනක රැඳි කඳුලක
සීත මුසුකොට සුළඟට
බලා ඉමි නෙතු හැරගෙන
සත්තකින්.......... නුඹ එනවද........
එපා....... මට මේ තනිකම
සත්තකින්.......... නුඹ එනවද........


(අදහස: රන්දිමා )

No comments:

Post a Comment