Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

06 June 2011

ළඟ නැති බව දැනෙනවා...............

ළඟ නැති බව දැනෙනවා..
එනමුත් හද අහනවා..
ඔබ ඒවිදෝ කවදා හෝ..
ඔබ මගෙමයි හැඟෙනවා..
ආදරෙ තව රැඳෙනවා..
ඔබ ඒවිදෝ කවදා හෝ..

හුදෙකලාව මේ සිත හඬවනවා..
සැමදා ජීවිතයේ තනිවේදැයි සිතෙනවා..
ඔබගෙන් ලද උනුසුම මට දැනෙනවා..
තනිකම මාගේ ඉගිලී යනවා..

නෙතු පියාන ඔබෙ රුව මවනවා..
හීනෙන් ඇවිත් මා දෑස සිඹිනවා..
ඔබගේ සුසුම් මට තව දැනෙනවා..
ඔබ දන්නෙ නෑ ආදරෙ තව ගලනවා.............

No comments:

Post a Comment