Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

06 June 2011

එපා යලි හමුවන්න...................

එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න

සන්සාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහස
ගලායයි අතීතේ මියඇදුනු සොහොන ලග

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවද
මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත
සන්සාරයේ යලිදු නවාතැන් සොයායන
මගේ මලගම දාට ඇවිත් යන්නට එන්න.........................

No comments:

Post a Comment