Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

06 June 2011

අකීකරු ද ඔබේ සිතත් .....................

අකීකරු ද ඔබේ සිතත්
වෙරළේ පෙරලෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත්
හමනා සැඩ සුළඟක් වාගේ
ඒ සුළඟේ පාව යන්න
වළා රොදක් සේ නැගෙන්න .......

සුළඟ සැරෙන් හමනා විට
ගිනි දැල් තව තව ඇවිලේවී
ඒ ගිනිදැල් නිවාලන්න
ඒ සුළඟම විවරණ දේවී .......

වෙරළේ රළ සැඩ වූවොත්
ඔරු කඳ කණ පිට පෙරළේවී
නිසල වුනොත් ඒ දිය කඳ
සුවසේ අප මෙගොඩ කරාවී .......

No comments:

Post a Comment