Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

02 June 2011

ඔබෙ දෙතොල් පෙති......................

ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක්‌ ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරිසරන තෙක්‌ ඔබ මගේ ඔබ මගේ

නා ගසක්‌ දළු දමා වසන්තය එලඹිලා
මද පවන් රැලි වැදී සැලෙනවිට කැලඹිලා
මට බලා ඉන්න බෑ ඔබෙ දෙතොල් පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ.......................

No comments:

Post a Comment