Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

02 June 2011

මට හිතාගන්න බැරි තරමට .................

මට හිතාගන්න බැරි තරමට ඔබ දුරස්‌ වෙලා
මට දරාගන්න බැහැ නෙතු අග කදුලු බොද වෙලා
ඇස්‌ පියලි අගින් ඉගිකර මට ආදරෙයි කියා
යන්නටම හදයි ඒ මතකය මට ලියා තියා

රෑ අහස්‌ කොනේ සද තනියෙන් මුදුනටම වෙලා
ලග උන්නු තරුව නෑ කොහෙදෝ ගිහින් සැගවිලා
ඉස්‌සරම දිනෙක ඔබ දුන් හාදුව මතක්‌ වෙලා
අද මටත් නොදැන උණු කදුලින් දෙනෙත බොද වෙලා

ආදර කවියේ පද එකිනෙක අමුණලා ඔයා
ඒ සිහින කවේ අරුත සැනින් ඔබ වෙනස්‌ කලා
මා නොදැක දිනෙක ඔබ හැදුවේ සුසුම් හෙල හෙලා
ඒ එවන් සොදුරු ආදරයක්‌ අද වෙනස්‌ වෙලා.......................

No comments:

Post a Comment