Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

01 June 2011

නුඹේ සුවඳ විඳගන්න...................

නුඹේ සුවඳ විඳගන්න සිහිනෙන් පවා
මම පින් කලාවත් ද සසරේ පුරා
මගේ ප්‍රථම ආදරය පවුරක් වෙලා
හිනැහෙන්නේ මම සෙනෙහෙ දෝතින් දරා...
මම මයි සදා කල්ම නුඹේ පෙම්වතා...

මුණගහුන දා පලමු පෙරුමන් පුරා
නුඹ උන්නේ මගේ දෙනෙත විතරක් බලා
අද ඉන්නවා මගෙම තුරුලට විතරක් වෙලා
අගරැජින නුඹ මගෙම විතරක් වෙලා...
අගරැජින නුඹ මගෙම විතරක් වෙලා...

නෙතුමෙන් ම එක වහල යටදී අපේ
හැගුමන් පිපී හිනැහිලා ජීවිතේ
නෑ සිහිනයක් වූයේ අපේ ආදරේ
අද යන්නේ අපි සතුටු මල් මාවතේ....
අද යන්නේ අපි සතුටු මල් මාවතේ..................

No comments:

Post a Comment