Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

01 June 2011

රොන් සුවඳ දෙන..................

රොන් සුවඳ දෙන මල් පියලි මත
පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත
මත් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි
ආදරේ එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොඳුරුද මිහිරේ

මල් වයසේ නිදි නැති ඇස් පියන් යට
ආල හැඟුම් පිබිදේ උස් පැතුමකට
හිරිමල් සිතිවිලි කළතා
රත්තරනේ ඔබ සිත තුල රහසේ

මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද
නිකැලැල් පැතුමක සැඟවී
රත්තරනේ ඔබ හිටි හැටි මනසේ.....................

No comments:

Post a Comment