Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

06 June 2011

තරු අත් අකුරින් ලියා එවමි.....................

තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම්පත...
ඔබේ සෙවණ පමනි මිහිපිට
ඇති එකම සම්පත...

මද පවන මොට ද ඔබේ සුවඳ මුසු වී නැත්නම්
සඳකිරණ මොට ද ඔබ මගේ තනියට ළග නැත්නම්
හෙළිකරමි මගේ ළග ඇති ආදරයේ වත්කම්
පැල්පත ද මට හොඳයි මිහිරියේ එක හිත ඇත්නම්....

කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම ප්‍රියකතේ
කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ
ඇඳිරියෙ ද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
එනු මැනවි රස බලමු සෙවණක එකම පැල්පතේ..................

No comments:

Post a Comment