Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

20 April 2012

කාත් කවුරුවත්.............

කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම් හෙටක් තියෙවිද
මටත් ඉරක් නැගෙනා...

සාංකාව ඇහරෙන ගන අදුරේ
ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
ඈත් වෙන්න නම්
ඇයි තුරුලෙම උන්නේ...

වේදනව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් හිද තවත් පලක් නැත්තෙ
ඒත් කියන්නම්
හමුවෙමු මතු භවයේ................

ඔබ හිනා වෙන්නෙ කොහොමද .............

ඔබ හිනා වෙන්නෙ කොහොමද
මට කියා දෙන්න ඒ කොහොමද
අඩන්න විතරක් ඉඩ ඇති ලෝකෙක
ඔබ හිනා වෙන්නෙ කොහොමද
මට කියා දෙන්න ඒ කොහොමද

මුඩු බිම මත හිමිහිට අඩි තිය තිය
තාලෙට ඇවිදින්නේ ඔබ කොහොමද

වේදනා ගඟේ ඉහලට පහලට
කිමිදෙන්නේ ඔබ කොහොමද ඔය විදියට
මට කියා දෙන්න ඒ කොහොමද

ආදර වැහි කෝඩෙට ගිලිහී ගිය
මඩ තැවරුණු දුක්බර මල් පෙත්තක
ලස්සන හසු නොවුනිද ඔබගේ දෑසට
පියඹා යද්දී ඈතින් ඈතට
මට කියා දෙන්න ඒ කොහොමද
ඔබ හිනා වෙන්නෙ කොහොමද

මරු කතරක ඉපදී මියෙනා සද
මරු විකලෙන් සිහිසන් වුනු මොහොතක
මාර දුවක නොවැටී මබ සැක හැර
දැන ගන්නේ කොහොමද මගෙ සුරඟන
මට කියා දෙන්න ඒ කොහොමද
ඔබ හිනා වෙන්නෙ කොහොමද...........................

තනියෙන් ඉපදුන නිසා..............

තනියෙන් ඉපදුන නිසා
තනියෙන් මියෙනා නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා.......

ඉස්‌සර වාගේ ලගින් ඉන්න ආසයි
ඔබෙ අත අල්ලන් ඇවිද යන්න ආසයි
තිස්‌සෙම මගෙ හිත අඩ අඩ ඔන ඉල්ලයි
මොනව උනත් ඔබ නැති වෙනවට ලෝබයි...........

තනියෙන් ඉන්නට කියා දුන්නෙ ඔබමයි
මට දුක දී මා තනි කෙරුවෙත් ඔබමයි
ආදරෙ දුක නම් කවදත් මට උරුමයි
ආදරෙ හින්දා වැරදුනු මටම දුකයි.......

වැටි වැටි දුවමි මම........

වැටි වැටි දුවමි මම
දුව දුව වැටෙමි මම
සීරි තුවාලව ලේ ගලන විට
ඒ කැලැල් දැක හිනහෙමි මම
දැවි ගිය ජීවිතේ අළු ගෙන
රිදී ප්ර තිමාවක් නෙලමි මම
සිදී ගිය ජීවිත පොකුණ මත
අරවින්දයක්ව පිපෙමි මම...........

12 April 2012

පෙනෙන නොපෙනෙන...............

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා

මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා

නුහුරු නුපුරුදු හීන අරන්

ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා

රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා................................
.

මට ඔයා මගෙ පණ වගේ............

මට ඔයා මගෙ පණ වගේ..
ළඟ නැතත් මගෙ ළඟ වගේ..
හිත පුරා රැඳි සෙනෙහසින්..
ඔබ මවෙත පිදූ දේ....
ආදරේ .........


ඔයා මගෙ පණ වාගෙලු - මට දරාගන්න බැරි ඒකලු
හිනා වෙන්නෙ සඳ වාගෙලු - මට බලා ඉන්න බැරි ඒකලු
සඳ හොරා ගත්තේ එක රෑකලු - මට හිතාගන්න බැරි වෙන්නලු
මට නිදාගන්න බැරි ඒකලු...

මට ඔයා...

ඔයාවමයි මට ඕනෙලු - මට කියාගන්න බැරි ඒකලු
ඔයාටමයි මං ආසලු - මට ඔයා නැතිව බැරි ඒකලු
අපි හිනාවූනේ එක පාරලු - රෑ හීනෙන් පේන්නෙ මාවලු
මං ඒ හීනේ හරි ලස්සනලු...

මට ඔයා මගෙ පණ වගේ..
ළඟ නැතත් මගෙ ළඟ වගේ..
හිත පුරා රැඳි සෙනෙහසින්..
ඔබ මවෙත පිදූ දේ....
ආදරේ...................