Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

20 April 2012

ඔබ හිනා වෙන්නෙ කොහොමද .............

ඔබ හිනා වෙන්නෙ කොහොමද
මට කියා දෙන්න ඒ කොහොමද
අඩන්න විතරක් ඉඩ ඇති ලෝකෙක
ඔබ හිනා වෙන්නෙ කොහොමද
මට කියා දෙන්න ඒ කොහොමද

මුඩු බිම මත හිමිහිට අඩි තිය තිය
තාලෙට ඇවිදින්නේ ඔබ කොහොමද

වේදනා ගඟේ ඉහලට පහලට
කිමිදෙන්නේ ඔබ කොහොමද ඔය විදියට
මට කියා දෙන්න ඒ කොහොමද

ආදර වැහි කෝඩෙට ගිලිහී ගිය
මඩ තැවරුණු දුක්බර මල් පෙත්තක
ලස්සන හසු නොවුනිද ඔබගේ දෑසට
පියඹා යද්දී ඈතින් ඈතට
මට කියා දෙන්න ඒ කොහොමද
ඔබ හිනා වෙන්නෙ කොහොමද

මරු කතරක ඉපදී මියෙනා සද
මරු විකලෙන් සිහිසන් වුනු මොහොතක
මාර දුවක නොවැටී මබ සැක හැර
දැන ගන්නේ කොහොමද මගෙ සුරඟන
මට කියා දෙන්න ඒ කොහොමද
ඔබ හිනා වෙන්නෙ කොහොමද...........................

No comments:

Post a Comment