Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

25 July 2012

තරු පායා ඇත මේ රැයේ...................

තරු පායා ඇත මේ රැයේ
එක දිදුළන තරුවක් ඇතේ
ඔබ ඒ තරුවද මට සිතේ
ඔබේ මතකය රිදවයි රැයේ

ඔබ කී වදන් සිහිවේ
මගේ දෙනෙතට කදුළු පිරේ
ලදේ ඇයි හ හැර ගියේ
ඒ හින්දයි මට හැඩුනේ

මම මග බලමින් ඉන්නම්
ඔබ යළි මා වෙත ඒ නම්
සිහිනෙන් නුඹ පැමිණේ නම්
පියේ මම සැනසෙන්නම්

මගේ ආදරණි..ය ලදේ
පාළුයි ඔබ නැති මගෙ ලොවේ
ඔබේ මතකය පමණක් ඇතේ
ඔබ දිදුළයි සැමදා හදේ......................

ඉකිගසා හඬනා අතීතයක...............

ඉකිගසා හඬනා අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා.......................

හීනෙන් හිනැහී තුන් යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා.......................

රිදුමක් වාගේ කිසිදා සුව නොවනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා.......................
මගේම ආදරයක් තිබුණා......................

19 July 2012

මායාවක්මයි ආදරේ................

චංචලවේ.. හැගුම් රැයක් ගානේ..
කදුළැල් එනවාමයි හදපානේ..
පායා ඇවිදින් යන දේදුණ්නේ..
දියවී යනවා ඔය ආදරේ..
ඔබ ආ ලෙසටම ආයේ..
වෙන්වෙන එක වෙනවාමයි..
මායාවක්මයි ආදරේ..
මායාවක්මයි ආදරේ..

චංචල හැගුමක නිදිවරනා තුන් යාමේ..
කදුළට ඇයි හඩගසන්නේ හදපානේ..
යස එළිමහනේ රස තියෙද්දී ආදරේ..
දේදුණ්න කියන මහයාවට ලුහුබැන්දේ..
ඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි..
මායාවක්මයි ආදරේ..

මිරිගුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ..
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ..
පැන සීමාවන් රස බලද්දි ආදරේ..
පැනයනවාමයි මිරිගුව ඔබටත් රහසේ..
ඔබ කී ලෙසටම ආයේ දුක නම් ලං වෙනවාමයි..
මායාවක්මයි ආදරේ..

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක්කෙරුවේ..
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ..
දුර ලග වාගේ සුව ලබද්දී ආදරේ..
ලංවෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවෙනා සේ..
ඔබ කී ලෙසටම ආයේ පාළුව ලංවෙනවාමයි..
මායාවක්මයි ආදරේ....................

මා නුවන් පුරා.......................

මා නුවන් පුරා...
නිල් අහස වසා...
මා ලවන් පුරා...
මල් සුවඳ සදා...
මල් හීන වැසි වැටෙනා...
විල් තෙරේ...
උණ පඳුරු සෙවනේ...
රෝස මල් සිප ඇදෙන...
පෙම් සුළඟේ...
ආකාස කුසුම් යහනාවේ...
මට දැනෙනවා ආදරේ...
මට හැඟෙනවා ආදරේ...

නිල් අහස තරම් ආදරේ අරන්...
ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා...
ඇසි පිය නොසලන් සිපගන්න හෙමින්...
සඳ වතුර සඳ දිගේ ගලනවා...
මට ආදරේ හැඟෙනවා...
මට ආදරේ හැඟෙනවා...

මල් සුවඳ තරම් ආදරේ අරන්...
මගෙ සිත ළඟ නතර වෙලා...
පෙම් බඹර තුඩින් මුව රද සැනෙහින්...
විල් තෙරේ මල් සුවඳ ගලනවා...
මට ආදරේ දැනෙනවා...
මට ආදරේ දැනෙනවා...

බැසයාම අයිති සඳටයි ..................

බැබළීම වාගෙම
බැසයාම අයිති සඳටයි
පිබිඳීම වගෙම
පරවීම අයිති මලටයි..
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි......

රැවටෙන්න වගෙම
රවටන්න සිතක් නැතී
හංගන්න වගෙම
පෙන්වන්න කිසිත් නැතී
නුඹ දන්න තරම් මගෙ සිත..
වෙන දන්න කෙනෙක් ලොව මට හමුවෙලා නැතී .....

හිමි වන්න කියා
හමුවන්න හිතක් නැතී
පිං වන්ත හිතේ
විඳවන්න දුකක් නැතී
අදහන්න නමුත් හැකිවෙද......
නුඹ දුන්නේ නැතත් නුඹෙ හිත මගෙ ලඟම ඇතී.....................

මම මොකුත් කියන්නෙම නෑමයි.................

මම මොකුත් කියන්නෙම නෑමයි...
හිත රිදෙන කතන්දර බෝමයි...
ඔබව තේරුම් ගන්නම බෑමයි...
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි...
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි...

මෘදු සරා සඳේ සිහිලැල්ලේ...
හිරු කිරණ ගෙනෙන අරුණැල්ලේ...
මුතු පින්න පිපුනු තණනිල්ලේ...
හමුවුනා එදා සැනසිල්ලේ...

ඒ මිහිරි අතීතය නිමවී...
නෙතු කදුළු වලින් යමු වෙන්වී...
ඔබ ගියත් කෙනෙකු හා ලංවී...
මා ඉන්නම් සැමදා තනිවී..........................

දුක දන්නේ වෙන කවුද....................

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුමේ එක්කලා තවත්
සැනසෙන්න බෑ ඇතුල ඇත්තෙම දුකක්

හැර යන්න ආදරයේ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නේ නෑ වැරදිකාරියේ ඉතින්

ගනඳුරට පෙම් බඳින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට
මං ආයේ හිනැහෙන්න උර මඬලට
ළංවෙන්නේ නෑ කඳුළු පූජා කර................................

ඔබේ දෙතොල් පෙති...............

ඔබේ දෙතොල් පෙති ලිහී...
පිපුණු හසරැල් විලේ...
හඳ දිය ගලා යයී..
රැළි ලමින් සැලි සැලී...
මෙවන් සුව පෙර නොවිදී...
තුන් සිතම සලිත වේ...
සසර සැරි සරණ තෙක් ඔබ මගේ.. ඔබ මගේ....

හිරු නිවී මුහුදු තෙර... රාත්‍රිය එළබිලා...
තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා...
මට බලා ඉන්න බෑ....ඔබෙ නුවන් පෙනෙනවා....
සසර සැරි සරණ තෙක්... ඔබ මගේ.. ඔබ මගේ....

නා ගසක් දළු දමා... වසන්තය එළඹිලා...
මඳ පවන් රැල් වැදී... සැලෙන විට කැළඹිලා...
මට බලා ඉන්න බෑ...දෙතොල් ඔබෙ පෙනෙනවා...
සසර සැරි සරණ තෙක් ඔබ මගේ.. ඔබ මගේ....

යුග ගණන් පැමිණි මඟ...පැටලිලා වැරදිලා...
ඔබ මගෙන් වෙන්ව ගිය... ලකුණු ඇති මාවතේ..
මට බලා ඉන්න බෑ..පෙර ඇසුර හැඟෙනවා...
සසර සැරි සරණ තෙක්.. ඔබ මගේ.. ඔබ මගේ....

අහස් තල පොළෝ තල...ඔබට මට පොදු වෙලා....
හදවතින් එක් උනත්..ගතින් දෙදෙනෙකු වෙලා...
මට බලා ඉන්න බෑ...සියොලඟම තැවෙනවා..
සසර සැරි සරණ තෙක්... ඔබ මගේ.. ඔබ මගේ....

06 July 2012

ලබැදියේ............

ඔබ එන්න සුලගේ දැවටිලා - මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හන්ස තටුවේ සැතපාලා - පෙම් කරමු රහසේ සැගවිලා
ලබැදියේ ලබැදියේ - මාසිතින් සිර කලා
ලබැදියේ ලබැදියේ - මාසිතින් වෙන් කලා

නා දල්ල වාගේ දිදුලනා - මුතු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිර වෙලා - මට ඉන්න ඇත්නම් තනිවෙලා
ලබැදියේ ලබැදියේ - මාසිතින් සිර කලා
ලබැදියේ ලබැදියේ - මාසිතින් පෙම් කලා

කිරි කවඩි මාලේ මා ගොතා - ඔය ගෙලේ පලදා හැඩබලා
මා වින්ද සතුටේ නිම් සොයා - ඔබ යන්න සුලගේ අප දමා
ලබැදියේ ලබැදියේ - මාසිතින් සිර කලා
ලබැදියේ ලබැදියේ - මාසිතින් පෙම් කලා හා.....හා.....

වෙන් වී දැන් ................

වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනේ නම්
කීරි ගැහි හඬන සුසුම් ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැව්ව සෙනේ රහසේම කාටද පුදා
වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනේ නම්.......

මගේ සිහිනේ ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පිය මැන්නේ
පෙම් පහසේ වෙලී ඉඳලා කෙලෙසද අද මා හැර යන්නේ
සෙනෙහසින් පෙර එදා මගේ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා

පෙම් සිහිනේ දුක රන්දා ගියාට කම් නෑ සතුට සොයා
මගේ සෙනෙහෙ සිහිවේ නම් කවදා හෝ යලි එන්න සොයා
සෙනෙහසින් පෙර එදා මගේ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා

වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනේ නම්.......

මගෙ හීනයෙ ළඟ ඉන්නට.................

මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්...........................

නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟකෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ.........................

නොමියෙන මල් මතක පෙති එක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත රැඳුනෙ නිති මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්නෑ
මේ කඳුලු මගෙ දැන් දුක නෑ........................

ඇස් ආදරෙන් පුරෝනා.................

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ...//

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැකගන්නට ඔබ මා ළඟ නෑනේ
නුදුරේදිම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ
ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනු මැන සොඳුරියේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා...

රැක ගන්නම් ජීවිතයම වාගේ
එකසැරයක් හද ගත්තානම් මාගේ
සැනසෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
නොසිඳෙන මහ සාගරේ
තරමට මගේ ආදරේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා...

05 July 2012

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ…............

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ….
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ….
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ මේ ආදරේ….

බලා හිඳින් හඳින්….
සදා නොයන් ලඟින්….
බලා හිඳින් හඳින්….
සදා නොයන් ලඟින්….
නෙතේ වෙලී හඳේ ඇඳෙන් ළඳේ….

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ අපෙ ආදරේ….

පැතූ පැතුම් ඔබෙන්…
සදා විඳිම් සුවෙන්….
පැතූ පැතුම් ඔබෙන්…
සදා විඳිම් සුවෙන්….
අතේවෙලී ලඟින් රැඳෙන් මගේ…

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ මේ ආදරේ….

අප හමුවුවත් නොවුනත්................

අප හමුවුවත් නොවුනත්
කාලය ගතවී යනවා
අප තනි වුවත් නොවුනත්
ලොව එක සේ පවතිනවා...

ලොව මල් පිබිදින්නේ
යළි පරවෙන්නට නම්
අප හදවත් එක් වන්නේත්
වෙන් වන්නට නම්
යළි වෙන් වන්නට නම්

අප හමුවුවත් නොවුනත්....

පෙරුම් පුරා හමු වන්නේත්
දිගු කලෙකින් නම්
හමුවුවත් යළි සැනෙකින්
වෙන් වී යයි නම්
අප යළි තනි වේ නම්......................

යන්න ගියා මැකිලා..............

යන්න ගියා මැකිලා
යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලී අතරේ
ගී ගයමින් හිද මා තුරුලේ
යන්න ගියා මැකිලා
යන්න ගියා මැකිලා
පිනි කදුලක් මල් පෙතු මත අතුර
මිහිදුම් සලුවින් මුහුණ වසා.........

නිල්ල නිලන නිල් කදුවැටි අතරේ
සද එළියේ මන් පෙත පාදා
රහසක් සගවා ගොලුවූ හදකින්
යන්න ගියා මැකිලා............

යළි කවදාවත් හමු නොවනා බව
මද පවනත් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
යළි නෝතෙයි ගිම්හානය වෙත........

රහසේ මියෙමි................

මග බලා හිඳිමි මා එනතුරා යළි සිහිනයෙන්වත්,
හිත හදා ගනිමි මා නෙතු පිරෙන තුරු කඳුලකින්,
දුක සේ ගෙවමි මේ කෙටි කලත්,
රහසේ මියෙමි මා ඔබ පැතුම එය නම්...
කිළිටි අඳුරේ එරී සිරවී සියළු දේ නැතිවී,
සිලිටි සිරුරේ සුවඳ වියැකී දෙළොවකට මැදිවී,
හැඬුමන් අතරේ සුසුමන් අසුරමින් ගිය ඒ ඔබ දෝ මේ,
අද මෙසේ ගිලිහී වෙන්වී ගියේ දුරස් වී ගියේ විගසින්.................

මෙතුවක් දින.............

මෙතුවක් දින තේරුණෙ නෑ
ඔබ මා හට වටී කියා
අද ඔබ ළඟ නැති නිසාම
දුක වාවාගනු නොහැකා...
කතා කරන විට සැමදා
සිතුනේ නැහැ දුක කිසිදා
දැන් ඔබ හට යන්න කියා
මා තනියම දුක් වෙනවා...
ඒ ආදරෙ ළඟ තිබුණම
පාළුව නෑ ළඟ රැඳුණේ
ඒ බව නොදැනී තිබුණට
දැන් හොඳහැටි තේරෙන්නේ................

පුංචි වතේ....................

පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනළ තටු සලා සෙමින් හිත ඉගිළ ගියා
හොරෙන් හොරෙන් අඩි තියා තියා හදවත පුරා
ඉළන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා...
හිනාවෙන්න එපා ඔහොම හිතම පැටලුනා
නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා
මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිරවුණා
මට මං ගැන අමතක වෙන දවස් වැඩි වුණා...

හිත රිදවන කතා ගොතා කියන්නට එපා
මගේ කඳුලු මට වැඩියෙන් සිඹ්න්නට එපා
අහසින් තරු කඩා වැටෙයි හිතන්නට එපා
ඔයා සඳක් මේ අහසින් වැටෙන්නට එපා.................

හද රැන්දු ආදරේ නමින්

හද රැන්දු ආදරේ නමින්
පිණි බින්දු තාරකා ඇසින්
ගිලිහෙන්නෙ මං හින්දා නම්
ඉවසන්නෙ මා කෙලෙසකින්

ජීවිතේ මේ වන්දනාවේ
මා ළඟින් උන් කින්නරාවී
මා දමා යන්නෙ දෝ පාවී
මාරුතේ මං මුලා වේවී
දුක් දැනේවී අප්සරාවී
සඳ වන් උදුම්බරා දේවී

සේල ඇතිරූ සේද යහනේ
වේදනා මල් නේද පිපුනේ
තරුකාවන් නීල නයනේ
වාසනාවන්ත පෙම් හීනේ
පීදුනා නම් සිහින විමනේ
නෑ සුසුම් මේ තරම් ළඳුනේ.......................

පායා දිලේ රන් තාරකා.............

පායා දිලේ රන් තාරකා පාවී ගියාවේ වලාවෝ
දෑසේ නුරා ආරාධනා මාගේ ප්‍රියාවී කියාවී
මේ රෑ පුරා සිතු සේ කියා දෙන්නම් ප්‍රියාවී අසවී
අයේ එයා වෙන්වෙඊ නොයා මාගේ ලොවේ හිදීවී

මල් පාර ගන් දෑල කියනා කතා මාවාගේ ඈ දන්නවා
ඒ ගෙවුනු ඉතිහාසෙ ලියලා තියා චායාවී ඈ ගියා
මා පලු ලෝකේ තියා

මේ වාගේ වෙන්වීම නෑ මා සිතා ඈ ආදරේ නෑ කියා
හැමදාම පැතුවේම මාගෙයි කියා
ඈ ඈත වෙන්වී ගියා........................

ආදරේ කරපු සිත අන්සතු වුනායින් පසු .....................

ආදරේ කරපු සිත අන්සතු වුනායින් පසු
නිමාවුනත් කම් නෑ ජීවිතේ මා පැතූ
දුක දරාගන්න බැරි වේදැයි සිතේ මින්මතූ
මම කවදාවත් හැඩෙවුවෙ නෑ තාරකානෙතූ

මගෙ වැලපෙන නෙතු අද්දර සිනහ පුබුදුවන්
මට දුන් අත වෙන කෙනෙකුට දුන්නෙ ඇයි හොරෙන්
ඈත් වෙන්නෙ කෙලෙසද මේ වේදනා දැලෙන්
කොයි අත බැලුවත් පෙනෙන්නෙ ඔයයි රත්තරං

ආදරේ කරපු සිත අන්සතු වුනායින් පසු

ඔබ කෝල බැලුම් දුන් නෙතගින් කදුල මට තියා
ආදරේ කරපු සිත තනිකර ඈත ඔබ ගියා
විරහ ගින්න ඇවිලෙන හද මඩල ගිනිතියා
ගියත් පතමි ඔබ හට වාසනාවන් කියා..................................

මේ හිතෙ එල්ලිලා පෙර දා............

මේ හිතෙ එල්ලිලා පෙර දා
ඇවිදින් මා ලයේ නැවතිලා
මා හැර වෙන කෙනෙකුගේ වෙලා
ඉන්නෙ කොහොමදෝ ඔයා...............

කඳුළු වෑහෙනා නෙතු දිහා
බලන්න මා ගතට ළංවෙලා
හෙමිහිට පපුව මත කන තියා
අහන්න ආදරේ තරම්.....................

දුක දරා ගන්නට හිත හයිය නෑ
හිත හදා ගන්නට කොහොමටත් බෑ
නාඳුනන සේ මග හැර යන්න බෑ
තවත් හිතකට හිමිවෙන්න බෑ.................

මා වෙනුවෙන් මට මැවූ සෙනේ
හමු වීලා මඟ හැරී ගියේ
ආයෙත් ඔබ මා වෙත එනකං
තනිකඩව සිටී ඔබ කොහෙද ප්‍රියේ................

සුළඟ නුඹ වගෙයි................

සුළඟ නුඹ වගෙයි
සිත් මල වටා එතෙයි
මල් සුවඳ හොර හොරෙන් අරන්
යන්නටම හදයි..................

වැස්ස නුඹ වගෙයි
සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම
පුදුමයක් තමයි.....................

සිත හැදිනුවෙත් නුඹයි
පසුපසම එලව එලවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන්ගියා
පුදුමයක් නොවෙයි.....................

සිත තනි කළෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොයසොය
රිදෙවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි........................

සංවේදනා මහදේ දරා.................

සංවේදනා මහදේ දරා
මං ඉන්නෙ මුළු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලී ගියා
දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා
පවනේ පවා මුසු වී ගියා
මං ගැයුව දුක් ගායනා.................

ආකාසේ දෙදරා ගියා
සඳ අහසේ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනා නිසා..........

සංසාරේ නිම්නේ පවා
හමුවන්නෙ ඔබවයි සදා
ඒ මොහොත ළංවෙයි කියා
මං ඉන්නෙ නොමැරී තමා............

ගංඟා පවා සිඳිලා ගියා
මං හෙලුව සුසමින්ම වියලී තලා
සයුරෙන් ගෙනා දියරැල් පවා
මහ දියඹෙ මං නොදැන ගොළුවී සිනා
සයනේ වෙලී තනිවී මෙමා
ඔබ ගැනම සිතුවා එදා..............