Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

29 August 2012

මා ඉතින් යන්න යනවා................

 ඉතින් කොකොමද ඔයාලට, අද තමයි මම ගොඩ කාලෙකට බ්ලොග් එක ලියන්න එන අන්තිම දවස. ඒ මොකද දන්නවද මේ මාසේ 31 වෙනිදා මම ආපහු මගේ පුරුදු ජීවිතයට යනවා, ඒ කියන්නේ ආපහු මම නැවට යනවා. දන්නේ නැහැ ආපහු කොයි තරම් කාලයකට මට මේ පැත්තේ එන්න පුලුවන් වේයිද කියලානම්, මම හිතනවා ආපහු මම එනකොටත් ඔයාලා මේ විදිහටම මාත් එක්ක ඉදියි කියලා,මේ තරම් කාලයක් ඔයාලට මාත් එක්ක හිටියට ගොඩාක් ස්තූතියි මගේ යාළුවනේ. එහෙනම් ඔයාලට මම සුභ පතනවා ඔයාලගේ හැම දෙයක්ම හරි යන්න කියලා. මම ආපහු එනකම් හොදින් ඉන්න කියලා.


මා ඉතින් යන්න යනවා,
මට යන්න අවසරයි,
මට අරන් යන්න ඇත්තේ,
මේ මතකය විතරයි.................

28 August 2012

හිත පුරාම ................

හිත පුරාම හීන පුරන්...
ඔබේ සුවඳ තුරුළු කරන්...
දෑත දිහා බලා හිඳින්...
සුසුම් වලින් කතා කරන්....//

ලංව ඉන්න පෙරුම් පුරම්දෝ...
ඔබ නොමැතිව කෙසේ හිඳිම්දෝ...
මගෙ හීන වලට ඇවිත් යනවදෝ...
ලඟ ඉන්න දෙන්න සුසුම් වලට හෝ....

හිත පුරාම....

ආ...දරේ ඕනදෝ...
ජී...විතේම වෙනවදෝ...
මගෙ හීන හැබෑ වෙන්න දෙනවදෝ...
සසරේම පුරා මගේ වෙනවදෝ...

හිත පුරාම....

සඳ රේණු වෑහෙනා......................

සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්
හද පිරුනු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්
සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්

සඳ රේණු වෑහෙනා..........................

තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙ දෝ
ඔබ ගැන පැතූ සිතින් වැලපෙන්නෙ දෝ
කඳුළු හසරැල් පවා මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්

සඳ රේණු වෑහෙනා...........................

සිතින් මා ...............

සිතින් මා නොසැලී හිදිද්දී
කදුල නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිදිනු මැනවී

තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුණු මහ වරුසා මතක් වේ
නුඹ රැදී දෑසේ

තවම මා නොදුටු සිනා කැන්
හමුනොවු යාමේ
කදුල මට කරුණාකරන්නැයි
අයදිමී නිබදේ......

රන්වන් මල්දම් ............

රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සි
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනහෙන්නම් සොඳුර නුඹ මතින්

ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ

තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්

තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
යහනක සතපවම් සිහින දකිමින්
මියැදෙමි සඳක නුඹ පතමි ස්නේහෙන්

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා..............

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා...

කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී...ම්...ම්.....
මහත් වියරුවෙන්..

සඳ‍ හොරෙන් හොරෙන්...

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා...ම්...ම්.....
ඔබේ සිසිලසින්...

සඳ‍ හොරෙන් හොරෙන්...

ඒ මගේ මලයි................


21 August 2012

ජීවිතයේ තනි මංසල ..................

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙඅන් යළි වඩින්න.. ආරාධනා...

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා.. ආරාධනා

එදා සිඟිති ගී සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා.. ආරාධනා...

සන්තාපයෙන්....................

සන්තාපයෙන්... සිත පාවී යාවි ආකාසේ
හිස් වාතලේ ඈ සොයා
තරුකාවෙන් මංපෙත් සොයා
මේ පාළු තනි යහනේ

පෙම් හීන අවුලා තියා
ඈ කොයිද වෙන් වී ගියේ...

ගිම්හාන ගින්නක් වී හිත යාය ගිනිලාවී
දුස්ස්වප්නයක් වේ ජිවිතේ
වාලුකාවේ වැස්සක් වගේ
පාළුවූ මේ සන්තානයේ
වැගිරෙන්න අවොත් ඉතින්
සුපිපෙවී පෙම්වත් කුසුම්

මල් රේණු විස්සෝපයෙන් මල් යාය හැර යාවී
රෑසියෝන්ගේ ගී මැදින්
පාළුවූ මේ යාමේ ගෙවෙයි
හාදවූ දා පෑ ආදරෙන්
ලංවෙන්න ආවොත් ඉතින්
දැල් වේවි ප්‍රේමේ පහන්....................

මගේ ලෝකේ සදා ඔබ වේ..................

මගේ ලෝකේ සදා ඔබ වේ මගේ... දෙනුවන් ඔබේ සිහිවේ...
නුබේ දෙනුවන් කියූ රහසේ රසේ... මන් මත් වුනා සිත සේ...
රැයේ සිහිනෙන් සඳක සේ පාවුනේ... මනරම් දසුන් මැවුනේ...
මගේ ලෝකේ සදා ඔබ වේ මගේ... දෙනුවන් ඔබේ සිහිවේ...

මිහිරි මතකේ රැදී රෑ සීත යාමේ... මා ළගින් හිදිමින්...
හා... මිහිරි මතකේ රැදී රෑ සීත යාමේ... මා ළගින් හිදිමින්...
බැදී සංසාරේ ආ.. මාගේම ප්‍රේමී... මා නුඹේ වෙන්නම්..
නුඹේ හසරැල් සිහින් සරයෙන් ඇසේ... දෙනුවන් කැලුම් සිහිවේ...
මගේ ලෝකේ සදා ඔබ වේ මගේ... දෙනුවන් ඔබේ සිහිවේ...

සිහින අතරේ රැදී ඈ.. පෑ.. සිනාවන්... මා හදේ රැව්දේ..
ආ.... සිහින අතරේ රැදී ඈ.. පෑ.. සිනාවන්... මා හදේ රැව්දේ..
නිම්තෙරේ ඈ හිදී.. මා ගේම වීලා... ලං නොවී සසරේ...
නුඹේ නිල්වන් නුවන් කැල්මන් දිගේ... කදුලැල් නොවේ සෙව්වේ...

මගේ ලෝකේ සදා ඔබ වේ මගේ... දෙනුවන් ඔබේ සිහිවේ...
නුබේ දෙනුවන් කියූ රහසේ රසේ... මන් මත් වුනා සිත සේ...
රැයේ සිහිනෙන් සඳක සේ පාවුනේ... මනරම් දසුන් මැවුනේ...
මගේ ලෝකේ සදා ඔබ වේ මගේ... දෙනුවන් ඔබේ සිහිවේ...........................

19 August 2012

හිත අනන්තයට දුර රැගෙන ගිහින්....................

හිත අනන්තයට දුර රැගෙන ගිහින්...
නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත්...
මුදු සිහිල් පවන් නුඹේ සුවඳ ගෙනැත්...
නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන්...


සඳ මණ්ඩලේ සඳ කැන් මැදින්...
නුඹ හැංගුනා මතකයි සැරයක්...
මුතු වැල් වගේ දිය රැල් දිගේ...
නුඹ දුර ගියා තව එක දවසක්...


නිල් අම්බරේ හැඩ හංගමින්...
නුඹ හිනැහුනා මතකයි තවමත්...
හද මන්දිරේ දොරගුල් හරිමින්...
මම පෙම් කලේ නුඹටයි කවදත්...

අප්සරා......................

එදා මෙදා තුර ................

එදා මෙදා තුර කඳුළට විවරවූ
දෑස් පියන්පත් කවුළු වසා..
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පිරූ රතු දෙතොල් පියා..
මිළාන වී ගිය රෝස කුසුම් පෙති..
කම්මුල් සුදු මැළි පාට පොවා..
දෑත ළයේ බැඳි අවසන් ගමනද
සොඳුරිය මට නොකියාම ගියා..

දෑස් කවුලුපත් පලා කඳුලු කැට..
වෑහෙද්දී මගෙ දෑස් අගින්..
කාත් කවුරුවත් වෙතත් හිතයි මට...
පාත් වෙන්න ඔය මුවට උඩින්..
ඈත්ව යන්නට.. සමුගෙන කවුරුත්..
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්..
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි..
ඈත් නොවේමයි ඒ සුවඳින්..

ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි ආදර ලොකය හෙටත් තියේ....
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ...

හැඟුම් මත් කළා ................


හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා..
නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා..
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා..
දුර යන්නේ හැංගෙන්නේ මගේ හිත දවාලා...

සිනාසෙන්න බෑ නේ..
ඔබේ සුවඳ නෑ නේ..
කොහේදෝ මා දමා ඉගිලුනේ..

නිල්වන් ගැබේහී සඳ හැංගුනා සේ..
ඔබ එයිද ආයේ දෑස පේන මානයේ..
මල පරවුනා සේ නොපිපේද ආයේ..
හද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේ..
හද විලම සනසන්න දුක මගේ නිවා.......

සිනාසෙන්න බෑ නේ..
ඔබේ සුවඳ නෑ නේ...
කොහේදෝ මා දමා ඉගිලුනේ....


සංසාර හීනේ ඔබ නේද මාගේ..
මේ පෙම් කතාවේ ගිනි ඇවිලිලානේ..
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ..
ගිනි දැවෙන ලෝකයේ මං තනි වෙලානේ..
මුණ ගැහුන තැන තාම මම ඉන්නවා.....

සිනාසෙන්න බෑ නේ..
ඔබේ සුවඳ නෑ නේ..
කොහේදෝ මා දමා ඉගිලුනේ........ 

ඇරබුමත් මගේ යයි කියා.........................


ඇරබුමත් මගේ යයි කියා........
ඔබ නිමාවක් සටහන් කලා ......
මම ගෙවා ආ දුර වැඩි නිසා......
මගේ ජිවිතේ මට නැති උනා ......

දෙවොල පල නෑ දෙව්දු නැති දා
භාවනාවෙන් ඇහැරුනා ......
ඔබම පමණක් නොවේ මේ මහා විශ්වයේ
සියලු දේ නැති වී ගියා......
අහස පල නෑ හිරු අහිමි දා
වසන්තය නිම වී ගියා ........
සබද ඔබ ගිය නමුත් ඔබේ මතකය ඇවිත්
මගේ හිත ලග නැවතුනා ......

ඇරබුමත් මගේ යයි කියා........
ඔබ නිමාවක් සටහන් කලා ......
මම ගෙවා ආ දුර වැඩි නිසා.......
මගේ ජිවිතේ මට නැති උනා ........

15 August 2012

ඔබ ලඟ නෑ ආදරේ................

ඔබ ලඟ නෑ ආදරේ...
මා සොයනා ආදරේ...
හඳුනන්නේ නෑ...
ඔබ සැබෑ ආදරේ...
ඇති තෙක් මගෙ ජීවිතේ...
ඔබටයි මං ආදරේ...
ඔබ දන්නේ නෑ, මගේ ආදරේ...

තනිකම දැනුනා...
මගේ ජීවිතේ...

සිහිනෙන් පෙනුනා...
ඔබව තුන්යමේ...
සියොලඟ සැළුනා...
සිහිවෙලා මෙසේ...
කවදා හඳුනාවිදෝ, මගේ ආදරේ..

ඔබ ලඟ නැතිදා...
ගෙවන ජීවිතේ...
අරුතක් නම් නෑ...
නොලැබ ආදරේ...
හදවත රිදුනා...
කඳුළුදී නෙතේ...
හැරදා ඔබ යාවීදෝ, නොදී ආදරේ...

දුක දන්නේ වෙන කවුද ....................

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුමේ එක්කලා තවත්
සැනසෙන්න බෑ ඇතුල ඇත්තෙම දුකක්
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්

හැර යන්න ආදරයේ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නේ නෑ වැරදිකාරියේ ඉතින්

ගනඳුරට පෙම් බඳින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට
මං ආයේ හිනැහෙන්න උර මඬලට
ළංවෙන්නේ නෑ කඳුළු පූජා කර...............................

රෑ අදුරෙ තනි රකින...............

රෑ අදුරෙ තනි රකින තරුවක් වගේ
ඔබ ඉන්න මල්මාලියේ
සඳ සේ කැළුම් දී
මල් සේ සිනා සී
සැනසෙන්න මගෙ ලෝකයේ....

සුළඟක් වගේ ඇවිද මගෙ විජිතයේ
පුද දුන්නු කුළුඳුල් සෙනේ....
මීහිදුම් වළා සළුවෙන් ඔතා
රැක ගනිමි මල්මාලියේ...

දිවි නිම්නයේ සොඳුරු මල් මාවතේ
සුව දුන්නු ප්‍රේමාදරේ....
සසරේ සදා පෙරුමන් පුරා
හමුවන්න මල් මාලියේ..................

මා දෙස නෙත් නොපියා..................

මා දෙස නෙත් නොපියා බලාපූ...
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ...
වැඩිපුර මාත් එක්ක නොආපූ...
මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපූ...
ඔබ තවමත් ඇය තමයි..
ඔබ තවමත් ඇය තමයි..
ඔබ තවමත් ඇය තමයි..
මගෙ හිත හදාපූ...


හිතුමතේ පාවෙනා හිත හැදෙයිලු...
ක්ෂිතිජයේ ගැවිලා මොකටද දුකයිලු...

 පපුවට තුරුලු වී හිද හඩාපූ..
ලං වී තොදොල් බස් මට දොඩාපූ..
හිත ලග හීනෙන් නිදි වරාපූ..
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ..
මට තවමත් සුවද දෙයි..
මට තවමත් සුවද දෙයි..
මට තවමත් සුවද දෙයි..
මලකින් හමාපූ........................

මගේ ජීවිතේ පුරා.....................

මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි

සඳ සෙවනේ අපි
තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ, අද නෑ තාරකාවී

අඳුරෙන් වැසී ගියේ

සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ, යළි නෑ ආයෙ එන්නේ
වෙනදා වගේ සදා...........................

මේ ගී.........................

මේ ගී කාටදැයි
මේ ගී කාටදැයි
ඔබ දන්නවා ඇතී
හිත මගේ පිදු හැටී
සිහිවෙයි නොනැවතී
මේ ගී...

සිතු පැතු අන්දම රෑ දිවා
අමුතුම ලොවක් මවා
මට මා අමතක වූවා
ගිහිය පැන දිවා
බලාපොරොත්තුවෙ කඩතිර ඉරා
පාළුව විඳ දරා
ඉවසමි දිවිතුරා...

මේ ගී.....

එකම හිනාවට ගී දහක්
බිහිවෙයි මාගෙ මුවින්
ඇතිවුනි නම් අවබෝධෙ
අද මේ විලස නොවේ
කොතැනක හිටියද මෙම ලෝ තලේ
රකිමි හැම කලේ
සිහිවෙයි හැම වෙලේ...........................

03 August 2012

පෑල දිග අහසේ.......................

පෑල දිග අහසේ
පාට දේදුනු සේ
රැඳී නොරැඳී මගේ මතකේ
හිඳී ඔබ රහසේ
ලබැඳි මියුලැසියේ

සිතින් මගෙ සිත දරාගෙන ඔබ
ගෙවා ආ මඟ ඉතින් නිම වේවි
කඳුළු ගංතෙර නතර වෙමි මම නම්
සිනහ තොටුපල සොයා යනු මැන
ලබැඳි මියුලැසියේ


කිරි සිනහවක සුවඳ කැටිවුණු
සිහින ගිනිගත් වසන්තය මිහිරියි
කඳුළු ගංතෙර නතර වෙමි මම නම්
සිනහ තොටුපල සොයා යනු මැන
ලබැඳි මියුලැසියේ

පෑල දිග අහසේ.......................

සිහිනයට තරම්......................

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ
ආදරය තරමි සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කදු හිස් මුදුන් කර
තරු ලකුනු වැටෙනා අතර
සිත නුබම සොයා
වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර

සයුරක් වී වැතිර
නුබ සරලි නගනා අතර
කිරි සිනා ගඟත් මියුරු
ලොකෙන් අරං යයි
ඉන්නවාද ඇහැර

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ
ආදරය තරමි සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කදුලක් ලගට දුර
තව දුරස් කලේ නුබය
වැහි ඇල්ලක් වගේ
සොදුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර

සෙනෙහස් සිහින මල්
හැම සැබෑ කෙරූ සසර
නුබ සදකි
රවන් කුමුදු යායක්
පුබුදු කර මා හද කල සුවද

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ
ආදරය තරමි සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

02 August 2012

ආදරේ කල්පනා..................


කල්පනා කල්පනා කල්පනා
ආදරේ කල්පනා...
සුන්දරයි හිත ඇති තුරා...

සුදු වළා ඉරා සඳපාන වීගෙන උන්නා...
සඳ ගෙවේන තුරා ඔබ දකින තුරා
කාටත් නොකියාම උන්නා....
දිවිපුරා දිවිපුරා මම සදා මම සදා
මතකේ ඇති තුරා ආදරේයි හදවත පුරා...

නේක ආල කතා මම කියන ගොතාගෙන උන්නා
සිත රහස් අපේ අපි දන්න නිසා
දැසින් දොඩමළු වෙන්නා
සිත සිතා සිත සිතා සිටි පතා මම නිසා
ආදරේ පිරි සිනා ඔබ නිසයි හිදිනා තුරා.......

තුරු මුදුනක...................

තුරු මුදුනක රොනින් සැලී
මල්සර මධු සඳත් අරන්
ගිරි සිරසක බලා හිඳින්නම්...
ඔබ එනව ද ආදරේ අරන්...

නිල් දිය මත නිලට පිපී
නිසල විලක සිසිල අරන්
අලුත් හෙටක හමුවෙන්නම්...
හිත පුරාම ආදරේ අරන්...

හැඟුම් නැගේ රැහැන් මිදේ
දැහැන් බිඳේ...මේ රාත්‍රියෙ සෝ තැවුල් දැනේ...
පැතුම් පිපී නුවන් විලේ
සිතුම් සැලේ...
මේ රාත්‍රියෙ නුරා හැඟුම් පිරේ...

මෙවන් රැයේ පහන් නිවේ
සඳත් හෙමි හෙමින් සැඟවේ...සීතලේම උණුහුමක් දැනේ...
ළවන්තලේ සැලී සැලේ
ඇසත් හෙමි හෙමින් පියැවේ...
සරා හැඟුම් නැගේ මෙවන් රැයේ... 

කදුළු බින්දුව..........................

මේ.......
කදුළු බින්දුව මගෙ නොවයි..
එය ඔබේමයි...
එය ඔබේමයි....

ඇද වියල ලග.. අඩ සදින් දිදුලන..
මළ.. තාරකාවක.. සිහිල කැටි උන..
මේ....... කදුළු බිදුවේ...
අයිතිකාරිය ඔබ තමයි....

හඩන්නට.. කිසිදා.. නොදැන සිටි මට..
මළ පොත කියා දී.. නොකියාම ගිය..
මේ.........කදුළු බිදුවේ...
අයිතිකාරිය ඔබ තමයි....

කදු අතරේ බෑදී..................

කදු අතරේ බෑදී
මීදුම් පටල සේ
පියඹා යද්දී
අපගේ ආලේ
තෑවුල් නිවාගනූ
නිම්තෙර නොබලා
මිලාන වී යන
අපගේ ආලේ......

හදුනා ගත්තද පෙම්ලොව ඔබගේ
පියමන් කෙරුවද පෙම්ලොව ඔබගේ
ඔබ අන්සතු වෙයි
මා අන්සතු වෙයි
නික්මී යමු අපි පෙම් මල් උයනේ......

නිහඩ අරණ.................

නිහඩ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඩන ඇසට හසරැල් පලදයි
ආදරයේ නිම් නැති අභිමන්

සයුරෙහි දිය කද මත හිද
අහසින් එන වැහි බිදුවට පෙරුම් පුරන්නම්
දැල්වෙන ඉර හද යට හිද
පහනෙන් එන එළි තිතකට
ඇළුම් කරන්නම්
ඔබ තරුවක් සේ ඡීවිතයට පායා ඒ නම්

නිල් කදු හිස ඡයගත් දින
දෙව් ලොව දුර ඈතක බව වටහා ගන්නම්
විල් දිය ඇහැරෙන කොද මල රතු ඇස් ඇති
හිරුමඩලෙන් සගවා ගන්නම්
ඔබ කවියක් සේ ඡීවිතයම පහදා දේ නම්..........................

01 August 2012

හිතුවක්කාරී නුඹ නම් සොදුර................

හිතුවක්කාරී නුඹ නම් සොදුර
හිතුවක්කාරයි නුඹ නම් සොදුර
මහ වැස්සක් වාගේ...
මුතු කැට වැස්සක් වාගේ වේ නම්
සොදුරුයි මේ දීගේ.....
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන
හිතලා නෑ වාගේ....
බලහත්කාරෙන් ඉන්නට බැහැ මට
වාවාගෙන වේගේ.....

බොරු අරුමෝසම් පමණට වැඩියෙන්
ගෝචර නැහැ නිතර....
මෝසම් සුළගක් ආවොත් නුඹ නම්
ගහගෙන යයි සොදුර....
තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර
සදාකාලිකයි දැහෙමි චාම්කම
ඉගෙන ගනින් සොදුර....

සරුංගලේ ලස්සන දිස් වෙන්නේ
උඩු ගුවනේ විතරයි..
නූල ගැස්සුනොත් හදීසියෙන් හරි
ඒ ලස්සන ඉවරයි...
ලස්සන කන්නද හිත ලස්සන නැති
ගැහැණිය ගිනි කෙළියයි
හදවත ලස්සන ගහැණිය ඇති තැන
ලෝකෙම සැණ කෙළියයි.............

මලක් උනේ ඇයි ඔබ මට.................

මලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්...
විලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...

 පහන් තාරකාවක් සේ
ජීවිතයට මග කීවද...
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින්...

සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිවුවද...
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙලෙසින්...............

අහස නුඹ මෙතරම්.............

අහස නුඹ මෙතරම්...
සයුර නුඹ මෙතරම්...
ආදරේ මෙතරම්...
සිහිනයකි නුඹ නම්...

සිහින දකිනා අදුරු කුටියේ...
උදා කිරණයි නුඹ මගේ...
ජීවිතේ හඩයි නුඹ ඉල්ලා...
නුඹට මා ආදරේ...
නුඹට මා ආදරේ...

අවපසයි මේ ජීවිතය මට...
සිසිල් දිය නුඹ නොනැවතී...
මදුර ගී නුඹමයි සරා සද...
දුරස් වන්නට එපා දැන්...
දුරස් වන්නට එපා දැන්...

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී............

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා හිඳිමී සදා...
මතකේ දරා හිඳිමී සදා...

මිහිදුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
සගවා දොවා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා හිඳිමී බලා...
දිවියේ පුරා හිඳිමී බලා...

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී...