Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

21 August 2012

මගේ ලෝකේ සදා ඔබ වේ..................

මගේ ලෝකේ සදා ඔබ වේ මගේ... දෙනුවන් ඔබේ සිහිවේ...
නුබේ දෙනුවන් කියූ රහසේ රසේ... මන් මත් වුනා සිත සේ...
රැයේ සිහිනෙන් සඳක සේ පාවුනේ... මනරම් දසුන් මැවුනේ...
මගේ ලෝකේ සදා ඔබ වේ මගේ... දෙනුවන් ඔබේ සිහිවේ...

මිහිරි මතකේ රැදී රෑ සීත යාමේ... මා ළගින් හිදිමින්...
හා... මිහිරි මතකේ රැදී රෑ සීත යාමේ... මා ළගින් හිදිමින්...
බැදී සංසාරේ ආ.. මාගේම ප්‍රේමී... මා නුඹේ වෙන්නම්..
නුඹේ හසරැල් සිහින් සරයෙන් ඇසේ... දෙනුවන් කැලුම් සිහිවේ...
මගේ ලෝකේ සදා ඔබ වේ මගේ... දෙනුවන් ඔබේ සිහිවේ...

සිහින අතරේ රැදී ඈ.. පෑ.. සිනාවන්... මා හදේ රැව්දේ..
ආ.... සිහින අතරේ රැදී ඈ.. පෑ.. සිනාවන්... මා හදේ රැව්දේ..
නිම්තෙරේ ඈ හිදී.. මා ගේම වීලා... ලං නොවී සසරේ...
නුඹේ නිල්වන් නුවන් කැල්මන් දිගේ... කදුලැල් නොවේ සෙව්වේ...

මගේ ලෝකේ සදා ඔබ වේ මගේ... දෙනුවන් ඔබේ සිහිවේ...
නුබේ දෙනුවන් කියූ රහසේ රසේ... මන් මත් වුනා සිත සේ...
රැයේ සිහිනෙන් සඳක සේ පාවුනේ... මනරම් දසුන් මැවුනේ...
මගේ ලෝකේ සදා ඔබ වේ මගේ... දෙනුවන් ඔබේ සිහිවේ...........................

No comments:

Post a Comment