Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

19 August 2012

හිත අනන්තයට දුර රැගෙන ගිහින්....................

හිත අනන්තයට දුර රැගෙන ගිහින්...
නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත්...
මුදු සිහිල් පවන් නුඹේ සුවඳ ගෙනැත්...
නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන්...


සඳ මණ්ඩලේ සඳ කැන් මැදින්...
නුඹ හැංගුනා මතකයි සැරයක්...
මුතු වැල් වගේ දිය රැල් දිගේ...
නුඹ දුර ගියා තව එක දවසක්...


නිල් අම්බරේ හැඩ හංගමින්...
නුඹ හිනැහුනා මතකයි තවමත්...
හද මන්දිරේ දොරගුල් හරිමින්...
මම පෙම් කලේ නුඹටයි කවදත්...

අප්සරා......................

No comments:

Post a Comment