Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

02 August 2012

නිහඩ අරණ.................

නිහඩ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඩන ඇසට හසරැල් පලදයි
ආදරයේ නිම් නැති අභිමන්

සයුරෙහි දිය කද මත හිද
අහසින් එන වැහි බිදුවට පෙරුම් පුරන්නම්
දැල්වෙන ඉර හද යට හිද
පහනෙන් එන එළි තිතකට
ඇළුම් කරන්නම්
ඔබ තරුවක් සේ ඡීවිතයට පායා ඒ නම්

නිල් කදු හිස ඡයගත් දින
දෙව් ලොව දුර ඈතක බව වටහා ගන්නම්
විල් දිය ඇහැරෙන කොද මල රතු ඇස් ඇති
හිරුමඩලෙන් සගවා ගන්නම්
ඔබ කවියක් සේ ඡීවිතයම පහදා දේ නම්..........................

No comments:

Post a Comment