Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

01 August 2012

හිතුවක්කාරී නුඹ නම් සොදුර................

හිතුවක්කාරී නුඹ නම් සොදුර
හිතුවක්කාරයි නුඹ නම් සොදුර
මහ වැස්සක් වාගේ...
මුතු කැට වැස්සක් වාගේ වේ නම්
සොදුරුයි මේ දීගේ.....
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන
හිතලා නෑ වාගේ....
බලහත්කාරෙන් ඉන්නට බැහැ මට
වාවාගෙන වේගේ.....

බොරු අරුමෝසම් පමණට වැඩියෙන්
ගෝචර නැහැ නිතර....
මෝසම් සුළගක් ආවොත් නුඹ නම්
ගහගෙන යයි සොදුර....
තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර
සදාකාලිකයි දැහෙමි චාම්කම
ඉගෙන ගනින් සොදුර....

සරුංගලේ ලස්සන දිස් වෙන්නේ
උඩු ගුවනේ විතරයි..
නූල ගැස්සුනොත් හදීසියෙන් හරි
ඒ ලස්සන ඉවරයි...
ලස්සන කන්නද හිත ලස්සන නැති
ගැහැණිය ගිනි කෙළියයි
හදවත ලස්සන ගහැණිය ඇති තැන
ලෝකෙම සැණ කෙළියයි.............

1 comment:

  1. අඩේ.., සින්දුවෙ පද ටික දැක්කහම නේ වැඩේ තේරෙන්නෙ.
    වෙනද ආතල් එකේ සින්දුව අහන් ඉන්නව මිසක් කියන්නෙ මොනවද කියල දන් නෑ නේ. සුපිරි ඈ...

    ReplyDelete