Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

03 August 2012

පෑල දිග අහසේ.......................

පෑල දිග අහසේ
පාට දේදුනු සේ
රැඳී නොරැඳී මගේ මතකේ
හිඳී ඔබ රහසේ
ලබැඳි මියුලැසියේ

සිතින් මගෙ සිත දරාගෙන ඔබ
ගෙවා ආ මඟ ඉතින් නිම වේවි
කඳුළු ගංතෙර නතර වෙමි මම නම්
සිනහ තොටුපල සොයා යනු මැන
ලබැඳි මියුලැසියේ


කිරි සිනහවක සුවඳ කැටිවුණු
සිහින ගිනිගත් වසන්තය මිහිරියි
කඳුළු ගංතෙර නතර වෙමි මම නම්
සිනහ තොටුපල සොයා යනු මැන
ලබැඳි මියුලැසියේ

පෑල දිග අහසේ.......................

No comments:

Post a Comment