Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

21 August 2012

සන්තාපයෙන්....................

සන්තාපයෙන්... සිත පාවී යාවි ආකාසේ
හිස් වාතලේ ඈ සොයා
තරුකාවෙන් මංපෙත් සොයා
මේ පාළු තනි යහනේ

පෙම් හීන අවුලා තියා
ඈ කොයිද වෙන් වී ගියේ...

ගිම්හාන ගින්නක් වී හිත යාය ගිනිලාවී
දුස්ස්වප්නයක් වේ ජිවිතේ
වාලුකාවේ වැස්සක් වගේ
පාළුවූ මේ සන්තානයේ
වැගිරෙන්න අවොත් ඉතින්
සුපිපෙවී පෙම්වත් කුසුම්

මල් රේණු විස්සෝපයෙන් මල් යාය හැර යාවී
රෑසියෝන්ගේ ගී මැදින්
පාළුවූ මේ යාමේ ගෙවෙයි
හාදවූ දා පෑ ආදරෙන්
ලංවෙන්න ආවොත් ඉතින්
දැල් වේවි ප්‍රේමේ පහන්....................

No comments:

Post a Comment