Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

01 August 2012

මලක් උනේ ඇයි ඔබ මට.................

මලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්...
විලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...

 පහන් තාරකාවක් සේ
ජීවිතයට මග කීවද...
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින්...

සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිවුවද...
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙලෙසින්...............

No comments:

Post a Comment