Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

14 October 2012

පෙරදාක සුසුමක් හිත රැදී.................................


පෙරදාක සුසුමක් හිත රැදී... සෙනෙහසින් පිදුවා මිහිරැති... සංසාර ගමනේ දුරඇදී...
ගැඹුරුයිද ආදරේ මේහැටි...

හුරුපුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතේනවානම්...
හෙවනැල්ලවී දිවියේ තුරුලේ රැදී... කුළුදුල්ම හීනයක් ඒ...
මහමෙර වගේ උසනම්...
තවදන්නෙ නෑ නුබත් මගෙ ආදරේ තරම්..

තනිකඩ හිතේ නැවතිලා...
පෙම් අරඹුමේ වැහිඅරන්...
නොමැකෙන්න සේ සෙනෙහේ සිතුවම් ඇදී...
දුර යනෙන ජීවිතේ දිගු...
හිමිකම නුබේ ලගනම්...
හිත පිරුනු ආදරේ උහුලන්න බැරි තරම්

මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි.......................

මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට................

වසර ගණනක යොදුන් ගණනක

ගමන් මග අප ගෙවා ඇත්තෙමු
තරුවියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව................

මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත්කල
සිතනුමැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව........................