Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

14 October 2012

මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි.......................

මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට................

වසර ගණනක යොදුන් ගණනක

ගමන් මග අප ගෙවා ඇත්තෙමු
තරුවියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව................

මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත්කල
සිතනුමැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව........................

No comments:

Post a Comment